,

ගිවිසුම් නීතිය

රු750.00

  • Author – ප්‍රසාදිනී ගමගේ
  • Publisher – Godage Publishers
  • Third Edition 2019
  • ISBN 978-955-30-4576-8
  • 240 Pages

Out of stock

Author – ප්‍රසාදිනී ගමගේ

Publisher – Godage Publishers

Third Edition 2019

ISBN 978-955-30-4576-8

240 Pages

 

ප්‍රසාදිනී ගමගේ මහත්මිය මානව සම්පත් කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරියකි. ඇය කොළඹ විශාකා විදුහලේ ආදි ශිෂ්‍යාවකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (ව්‍යාපාර පරිපාලනය) විශේෂ උපාධිය පළමු පෙළ සාමාර්ථයක් සහිතව සමත් වූ ඇය එම විශ්ව විද්‍යාලයෙන්ම විද්‍යාපති (කළමනාකරණ) උපාධිය ද හිමි කරන්ගෙන ඇත. ඇය උපාධි අපේක්ෂිකාවක් වශයෙන් එම විශ්වවිද්‍යාලයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල උදෙසා පිරිනමනු ලබන ටී. සින්නදොරේ ශිෂ්‍යත්වය සහ වීරකෝන් ස්වර්ණ මුද්‍රිකාවද දිනා ගැනීමට සමත් වූවාය. ඊට අමතරව ගමගේ මහත්මිය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියකි. තව ද ඇය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී අන්තර් මාධ්‍ය සහ අවසන් පරික්ෂණ සඳහා ගෞරව සාමාර්ථ ලබා ගැනීමට සමත් වූවාය. ඇය මැල්සියාවේ M.S.U සරසවියෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත.

ගමගේ මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර පරිපාලනපති උපාධි පාඨමාලාව (MBA) සහ මානව සම්පත් කළමනාකරණ පශ්චාත් උපාධි පාඨමාලාව (Master of HRM) යන පාඨමාලාවලත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය සහ කම්කරු දෙපාර්තමේන්තුව, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NSBM), ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ් ආයතනය, ගණකාධිකාරිත්ව ශිල්පීය ආයතනය, (AAT), ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යන ආයතනයන්හි නීතිය, මානව සම්පත් කළමනාකරණය සහ සංවිධාන චර්යාව පිළිබඳව බාහිර දේශකවරියකි.

ගිවිසුම් නීතිය පිළිබඳව සිංහල භාෂාවෙන් පළ වූ පොත්පත් සීමිත මෙවන් අවධියක, මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ විවිධ විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යනු ලබන කළමනාකරණ උපාධි පාඨමාලා, සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මගින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා හදාරනු ලබන සිසු සිසුවියන්ගේ දැනුම වර්ධනය පිණිස ඉවහල් වනු ඇතැයි නිර්දේශ කළ හැකිය.

 

#GivisumNeethiya #PrasadiniGamage #SinhalaPoth #OnlineBooks

Weight 0.322 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගිවිසුම් නීතිය”

Your email address will not be published. Required fields are marked *