, ,

ගිරුවාපත්තුවේ ජනකතා

රු220.00

  • Author : රන්ජිත් ඒකනායක
  • Publisher : Sooriya Publishers
  • First Edition 2016
  • ISBN 978-955-656-413-6
  • 86 Pages

Availability: 1 in stock

Author : රන්ජිත් ඒකනායක

Publisher : Sooriya Publishers

First Edition 2016

ISBN 978-955-656-413-6

86 Pages

 

ජාතියක නොසිඳී පැවත එන ජනකාව්‍ය පමණක් නොව, කතන්දර හෙවත් ජනකතා ද ජනශ්‍රැති සාහිත්‍යයට ඇතුළත් සාහිත්‍ය අංගයෝ වෙති. ශාස්ත්‍රීය වූ ද නීති රීති නොඉක්ම වූ ද සාහිත්‍ය කෘතීන්ගෙන් ලබන ගැඹුරු රසාස්වාදයට නොදෙවැනි ස්ථානයක් ගැමි පරිසරයේ සෞන්දර්යය හා සිදුවීම් අන්තර්ගත වූ ජනශ්‍රැති සාහිත්‍යයෙන් ද ලැබිය හැකි ය.

ජාතික සංස්කෘතිකාංගයෙන් හා ගැමිවහරින් සුපෝෂිත වූ ජනකතාවට සිංහල ජනශ්‍රැතිය තුළ උසස් තැනක් හිමි වේ. එයට වැදගත්ම හේතුව වන්නේ වියරණ මියර නොසලකා සිතැඟි හා කියමන් ඇසුරින් පොදු පාඨකයාට අවබෝධකර ගත හැකි සේ ගැළපී තිබීමයි. ඉහත සඳහන් කරුණු අනුව විමසා බලන විට රන්ජිත් ඒකනායක විසින් රචිත ගිරුවාපත්තුවේ ජනකතා එකතුව අගනා කතා සංග්‍රහයක් ලෙස හඳුන්වා දිය හැකි ය. ගිරුවා දොළොස්දහස් රට පෙර රජ දවස පටන් විවිධ ජනශ්‍රැතිකාංග නිපදවීමට තෝතැන්නක් වූ සශ්‍රීක භූමියකි. ගිරුවාපත්තුවේ ජනකතාවගේ අව්‍යාජ ජීවන දර්ශනය ඔප්නංවන මේ ජනකතා, ගැමි ජන ජීවිතයේ සොඳුරු තැන් රසවත්ව කියාපායි. ඒ සඳහා කතුවරයා දරා ඇති උත්සාහය අගය කළ යුතු ය.

උපාධිධාරී ගුරුවරයෙකු වන රන්ජිත් ඒකනායක විසින් සම්පාදිත ගිරුවාපත්තුවේ ජනකතා සංග්‍රහය ගැමි සාහිත්‍යයේ රස මුසුතැන් හෙළි කරන ජනශ්‍රැති සාහිත්‍යයට එක් කළ අගනා නිර්මාණයකි. මේ නිසා ගිරුවාපත්තුවේ ජනකතා බාල, තරුණ, මහලු, කාහටත් කියවා රසවිඳිය හැකි හාස්‍යය, උපහාස්‍යය පිරී කතා සංග්‍රහයක් ලෙස අගය කරමි.

 මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන

  ප්‍රධාන කර්තෘ, සිංහල ශබ්දකෝෂ කාර්යාලය

#GiruwapaththuweJanakatha #RanjithEkanayake #SinhalaPoth

Weight 0.113 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගිරුවාපත්තුවේ ජනකතා”

Your email address will not be published. Required fields are marked *