Author – වෛද්‍ය සරත් පඬුවාවල
Publisher – Godage Publishers
First Edition 2019
ISBN 978-624-00-0586-9
167 Pages
පිරිමින්ට වඩා කාන්තාවන් අතර මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත. බහුවිධ කරුණු මත රඳා පවතින මේවා නිර්ණය වන්නේ ජීව විද්‍යාත්මක හා මනෝ සමාජීය සාධක මතය.
ගෝලීය රෝග බවට හේතුවන ප්‍රධාන සාධකය වන්නේ කාංසා තත්ත්වය හා බැඳුණු විෂාදය හෙවත් ඩිප්‍රෙෂන් නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වන මානසික රෝගය වේ. වර්තමානයේ පිරිමින් මෙන් දෙගුණයක් කාන්තාවෝ මෙයින් පීඩා විඳිති. තරහයාම, නොරුස්සනසුලු බව හා සැරෙන් කථා කිරීම ආදිය මෙහි සුලබ රෝග ලක්ෂණ අතර වේ. මේ සමග හිසරදය උදරය ඇතුළු ශාරිරික දැවිලි සමග විවිධ ශාරිරික රෝග ලක්‍ෂණ පවතී.
බොහෝවිට මීට හේතුකාරක වන්නේ පවුල තුළ හා බාහිර පරිසරයට අදාළ මනෝසමාජීය ගැටලු වේ. වර්තමාන ශ්‍රී ලාංකික කාන්තාව දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ දක්වන අනවශ්‍ය වැඩි අවධානය සුලබ මානසික ගැටලුවක් වී ඇත.
මෙවැනි තත්ත්ව කලින් හඳුනාගෙන වහා ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් ය. පවුල තුළ සෞඛ්‍ය පිරිහීම වළක්වා ගැනීමේදී මෙය අත්‍යවශ්‍ය කරුණක් වේ.
වෛද්‍ය සරත් පඬුවාවල
#GahanuManasaBindaWatima #SarathPaduwavala #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.