, ,

ග්‍රීකයෝ සහ මෞර්ය‌යෝ

රු590.00

  • Author – සේපාල විජේසේකර
  • සෙනරත් පරණවිතාන මහතාගේ කෘතියකි
  • Publisher – Visidunu Publishers
  • First Edition 2014
  • ISBN 978-955-0955-37-4
  • 306 Pages

Out of stock

Author – සේපාල විජේසේකර

සෙනරත් පරණවිතාන මහතාගේ කෘතියකි

Publisher – Visidunu Publishers

First Edition 2014

ISBN 978-955-0955-37-4

306 Pages

 

මෞර්ය වංශිකයන් ගේ ඉතිහාසය වෙත ආලෝකය විහිදුවන්නා වූ ද බැක්ට්‍රියාවේ හා ඉන්දියාවේ යවන පාලකයන් ගැන සඳහන් කරන්නා වූ ද ග්‍රීසියේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන ශ්‍රිවිජය, ලංකාව හා දකුණු ඉන්දියාව යන රටවල පඬිවරුන් අතුරින් ස්වල්ප දෙනකුන් සතුව තිබූ දැනුම අනාවරණය කරන්නා වූ ද ලේඛන සමහරක අන්තර්ගතයන් විද්වතුන් හා ඉතිහාසඥයන් ඉදිරියේ තැබීමට මම මේ කෘතිය මගින් උත්සාහ දරා ඇත්තෙමි.

මේ ලේඛන අතුරින් ‘අරිස්තාතලාචාර්ය  (ඇරිස්ටෝටල්) ප්ලාතවාචාර්ය (ප්ලේටෝ) ශිෂ්‍යයා විය” යන වචනවලින් ආරම්භ වන පළමු වැන්න මට අහම්බෙන් හමු වූයේ මා මැඩිල්ල සෙල්ලිපියෙහි මුහුණතෙහි ස්පර්ශ ලාංඡනයක් පරික්ෂා කරමින් සිටි අතරවාරයේ දී ය. නව වැනි සියවසට අයත් සිංහල අක්ෂරවලින් යුත් සෙල්ලිපියක් දැක්වෙන ශිලාස්තම්භයක් කොටා තිබූ සංස්කෘත ඡේදයක් තුළ ග්‍රීක චින්තනයේ මේ ප්‍රමුඛයන් ගේ නම් 1964 ජුනි මාසයේ නිසංසල රාත්‍රියක කියවන්නට ලැබීම අපූර්ව අත්දැකීමක් වූ අතර මා එක්තරා මායාමෝහනයක ගොදුරක් ව නො සිටි බව මා හට ඒත්තු යාම සඳහා තරමක වේලාවක් ගත විය.

එයින් දින කීපයකට පසු ඒ ජේදය ම වඩා හොඳින් සංරක්ෂිත තත්වයක පැවැති මයිලගස්තොට ශිලාස්තම්භය මත සටහන් වී තිබෙනු අහම්බෙන් දැකගන්නට ලැබිණි. මහා ඇලෙක්සැන්ඩර් ගේ විර වික්‍රමයෙන් හා ග්‍රීක සංස්කෘතිය හා සාහිත්‍යය පිළිබඳ විස්තර අඩංගු තවත් ජේද ඒ ස්තම්භ දෙකෙහි තිබී කියවනු ලැබිණි. මේ කෘතිය මගින් සාකච්ඡා කරනු ලබන ලිපි සමුච්චය රාශීභූත කෙරෙන තුරු ගත වූ මාස හා වසර ගණනාව තිස්සේ වෙනස් ස්වභාවයකින් යුතු ඒ සමාන ම අන්තර්ගතයක් සහිත ලේඛන නොකඬවා ම මතු වන්නට විය. ,

මේ ලේඛන කියවීම සඳහා චිත්තේකාග්‍රතාවෙන් යුත් අවධානය සහිත පැය සිය ගණනක් කැප කරනු ලැබී ය. මුල් අවස්ථාවක දී මෙන් ම පසු අවස්ථාවක දී ද එක ම ස්ථානයේ කොටන ලද ලියවිලි සහිත වූ මෙ වැනි ශිලා පුවරුවලින් මේ ලේඛන තෝරා බේරාගැනීම ලෙහෙසි කටයුත්තක් නො වී ය. මේ ලේඛන ඉදිරිපත් කිරීමේ ආකාරය හා ඒවායේ අන්තර්ගතයන්හි පවත්නා අඩුලුහුඩුකම් විද්වතුන් ගේ  විවේචනාත්මක සලකාබැලීවලට ලක් වී තිබෙන්නේ – මේ අඩුලුහුඩුකම් ගැන මගේ ඕනෑ ම විවේචකයකුට වඩා මම සවිඤ්ඤාණික ව සිටිමි – මේ හේතුව නිසා ය.

 

#GreekayoSahaMauryayo #SepalaWijesekara #SinhalaPoth #OnlineBooks

Weight 0.365 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ග්‍රීකයෝ සහ මෞර්ය‌යෝ”

Your email address will not be published. Required fields are marked *