,

කැකෑරෙන වැලි

රු790.00

  • Author – මොහාන් ධර්මරත්න
  • Publisher – Books Bay
  • ISBN 978-624-5874-01-9
  • 232 Pages

Availability: 2 in stock

Author – මොහාන් ධර්මරත්න

Publisher – Books Bay

ISBN 978-624-5874-01-9

232 Pages

 

ලොකු අලවි කාර්යාලයේ රැඳී සිටින සෑම අවස්ථාවකම නොවැරදීම වැඩ අධීක්ෂණයේ යෙදෙන අලවි සෙහාති, අලවි ඉන් පිට වූ වහාම කිසියම් හේතුවක් කියමින් සිය මෝටර් රථයට නැගී වත්තෙන් පිටවීම පුරුද්දක් කරගෙන සිටියේය. අධීක්ෂකයකු වූ හෙතෙම වැඩවලින් කට්ටි පැනීමේ සුරයකු විය. දුම්පානයට තදින් ඇබ්බැහි වී සිටි ඔහුගේ සාක්කුවේ නිතරම දුම් වැටි පැකට්ටුවක් විය. ඉර්ෂාඩ් සහ මා සැන්ඩ්විච් හෝ ෂවර්මා කෑමට ප්‍රිය කරන බව දන්නා අලවි සෙහාති ඇතැම් දිනවල උදේ වැඩට එන විට අප දෙදෙනාට සැන්ඩ්විච් හෝ ෂවර්මා රැගෙන එන්නේය. ඒවාට මුදල් ගෙවූ විට ඔහු සිනාසෙමින්, “සල්ලි එපා මේක තෑග්ගක්… තෑග්ගක්..” යැයි කියමින් ප්‍රතික්ෂේප කරයි. ඇතැම් විට අලවි මුසවි පැමිණ අලවි සෙහාති කොහිදැයි අපෙන් විමසන විට ඔහු වත්තේ නොසිටියේ නම්, “මේ දැන් හිටිය.. සමහරවිට ස්ටෝරුවේ ඇති…” වැනි දෙයක් පවසා ඉර්ෂාඩ් හා මම ඔහුගේ සැන්ඩ්විච් සහ ෂවර්මා වලට ප්‍රති උපකාර දැක්වූයෙමු. ඉතාම කලාතුරකින් ඇතැම් විට අලවි සෙහාතිගේ දුම්වැටි සියල්ල ඉවරවූ විටෙක වත්තේ වැඩ කරන සේවකයකු ඔහුට දුම්වැටියක් ප්‍රදානය කරයි. මෙය හොඳින් මතක තබාගන්නා සෙහාති ඔහුට බර වැඩ නොදීමෙන් සහයෝගය දෙයි. එසේ ඔහුට දුම්වැටියකින් සංග්‍රහ කිරීමට ඉදිරිපත් වන්නන් අතර ප්‍රමුඛයින් වූයේ ලංකාවෙන් පැමිණි සේවකයින්ය.

#KakarenaWali #KakerenaVali #MohanDharmarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.266 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කැකෑරෙන වැලි”

Your email address will not be published. Required fields are marked *