, ,

කාල යන්ත්‍රය

රු450.00

  • Author – ප්‍රේමශාන්ත කුමාරසිරි
  • The Time Machine (by H.G.Wells) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – S&T Group
  • First Edition 2021
  • ISBN 978-624-5712-01-4
  • 135 Pages

Availability: 1 in stock

Author – ප්‍රේමශාන්ත කුමාරසිරි

The Time Machine (by H.G.Wells) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – S&T Group

First Edition 2021

ISBN 978-624-5712-01-4

135 Pages

 

එච්.ජී. වෙල්ස් විසින් 1895 වසරේ දී රචිත ‘The Time Machine’ නම් වූ විද්‍යා ප්‍රබන්ධයේ සිංහල පරිවර්තනය ලෙස, කාල යන්ත්‍රය නම් මෙම ග්‍රන්ථය ප්‍රවීණ ලේඛක හා දේශක ප්‍රේමශාන්ත කුමාරසිරි මහතා විසින් සම්පාදනය කර ඇත. කාල යාත්‍රිකයෙකු කාල තරණය සඳහා යන්ත්‍රයක් නිපදවා එමගින් කාල තරණය කරන ආකාරය මෙම කතාවේ මතුපිට අර්ථය වුවත්, මෙම කතාව තුළ සමාජ අසමතුලිතතාව මෙන්ම පන්ති භේදය පිළිබඳව ද ගැඹුරින් සාකච්ඡා කෙරේ.

කාල චාරිකාව ක්‍රිස්තු වර්ෂ 802,701 හි නතර වන අතර එහිදී ඔහුට කුඩා ළමයින්ට සමාන වැඩිහිටියන්ගෙන් යුත් සමාජයක් වන ඉලොයිවරුන් මෙම වානරයන් වැනි ගුහාවාසී මෝලොක්වරුන්ද හමුවේ. ඔවුන්ගේ ජීවිතය පිළිබඳව කුතුහලය සහ ත්‍රාසය දනවන අන්දමට මෙම පරිවර්තනය සිඳු කර ඇත. එමෙන්ම මෙම කෘතිය තුළ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද එක සේ රසස්වාදය කළ හැකි ලෙස සරල, සුගම භාෂා විලාසයක් දක්නට ඇත.

ප්‍රේමශාන්ත කුමාරසිරි මහතා කෘතහස්ත විද්‍යා ලේඛකයෙකි. එතුමා ළමා පරපුර තුළ විද්‍යාව ප්‍රචලිත කිරීමට ඉතාමත් වෙහෙසක් ගන්නා විද්‍යා ගුරුවරයෙකු වන අතර විශේෂයෙන්ම තාරකා විද්‍යාව පිළිබඳ එතුමන් සතු දැනුම සුවිශේෂය.

එතුමාගේ ලේඛන ජීවිතයට මගේ හෘදයාංගම සුභාසිංශන පිරිනමමි.

සම්මානිත මහාචාර්ය ගාමිණි සේනානායක- රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වත්මන් සභාපති

 

#KalaYanthraya #PremashantaKumarasiri #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.180 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කාල යන්ත්‍රය”

Your email address will not be published. Required fields are marked *