Author : මාර්ටින් වික්රමසිංහ
Publisher : Sarasa Publishers
Eleventh Batch 2016
ISBN 978-955-0201-51-8
150 Pages
අනුරාධපුරයෙහි හා පොළොන්නරුවෙහි නටඹුන් වස්තු අවුරුදු කිහිපයක් තිස්සේ නැරඹීමෙන් හා විමසීමෙන් රැස්කරගත් ප්රත්යක්ෂයන්හි පිහිටා සිය කල්පනාව හා ප්රතිභාව මෙහෙයා මාර්ටින් වික්රමසිංහයන් විසින් කළුනික සෙවීම රචනා කොට ඇත. අතීතයේ මෙරට විසූ ක්ෂත්රියන්ගේත් පොදු ජනකායගේත් ජීවිතය හා සමාජය විවරණය කරන මෙම ග්රන්තය මගින් පුරාවස්තු අරභයා ද ඉදිරිපත් කරන තොරතුරු සිත් ගන්නා සුළුය.
වික්රමසිංහ අපේ අතීතය හැදෑරුවේ නටඹුන් සමාජයක් අණුකරණය කිරීමට රුකුල් දෙන්නට නොව අප සංස්කෘතියේ මුල් බැස ඇති හරයන් පෙන්වා දී වර්තමාන සමාජය මානව භක්තියෙන් ,ස්වාධීන චින්තනයෙන් හා නොවහල් ජීව ගුණයෙන් පෝෂණය කරනු පිණිසය.
කළුනික සෙවීම නවකතාවක් මෙන් නවතායෙන් කියවා රසවිඳිය හැකි ග්රන්තයක්ද වෙයි.
#kalunikaseweema #MartinWickramasinghe #SinhalaPoth #SriLankaweIthihasaya
Reviews
There are no reviews yet.