Author: ජැක්සන් ඇන්තනි
Publisher: M D Gunasena (Pvt) Ltd.
Third Batch 2020
ISBN 978-955-21-2908-7
422 Page
“ කන්ද උඩ ගින්දර ” වනාහී සිංහල ඵෙතිහාසික නවකතා නාමාවලියට එක්වන තවත් සුවිශේෂ කෘතියකි.
ඊට පාදක වී ඇත්තේ අප හැමදාමත් කියවා ඇති, දැක ඇති දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය වූවත්, මෙම
අභිනව කියවීම, සම්ප්‍රදායික පුවතට හාත්පසින්ම වෙනස් ය, අපූර්වය.
මෙය රචනා කරන්නේ ජැක්සන් ඇන්තනි නමැති නවකතාකරුවා ය!
එය ඔහුට ආගන්තුක ආමන්ත්‍රණයකි.
බොහෝ දෙනා ඔහු හඳුනාගෙන සිටියේ විශිෂ්ට වේදිකා නළුවෙකු හැටියට ය,
සිනමා නළුවෙකු හැටියට ය,
චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙකු හෝ
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු හැටියට ය,
තීරු ලිපි රචකයෙකු හැටියට ය,
සම්ප්රවේශකයෙකු හැටියට ය,
ගේය කාව්‍ය කර්තෘවරයෙකු හෝ ගායකයෙකු හැටියට ය.
මෙතැන් පටන් ඔහු ප්රශස්ත නවකතාකරුවෙකු ලෙස රසික ප්‍රජාව හදුනා ගන්නවා ඇත.
බොහෝ වෙහෙස මහන්සි වී ඒකරාශී කළ ඵෙතිහාසික දත්ත සම්භාරයක් ස්වකීය ප්‍රබන්ධය සමඟ ඵෙන්ද්‍රීය ලෙස
බද්ධ කරමින් ඔහු “ කන්ද උඩ ගින්දර ” රචනා කරන්නේ කෘතහස්ත නවකතාකරුවෙකු පරිද්දෙනි.
ඔහුගේ කාව්‍යාත්මක භාෂා භාවිතය ගැන, රචනා ශෛලිය ගැන, හට ගත් විස්මය, දූරීභූත වූයේ ඔහු
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිධරයෙකු බව මෙනෙහි වීමෙන් පසුය.
- සුනිල් ආරියරත්න, සම්මානිත මහාචාර්ය
#KandaUdaGindara #JaksonAnthony #SinhalaNawakatha #SinhalaPoth #නවකතා
Reviews
There are no reviews yet.