, ,

කදිම පාසලේ මහ රෑ සාදය

රු380.00

  • Author: කුමාර සිරිවර්ධන
  • The Twins at St; Clare’s  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • Second Batch 2021
  • ISBN 978-955-33-1138-2
  • 192 Pages

Availability: 2 in stock

Author: කුමාර සිරිවර්ධන

The Twins at St; Clare’s  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

Second Batch 2021

ISBN 978-955-33-1138-2

192 Pages

 

“ පැට් හා ඉසබෙල් ඕ’සලිවන් නිවුන් සොහොයුරියන්ට අකමැත්තෙන් වුවද අලුත් පාසලට යාමට සිදු වෙයි. “උද්ධච්ච නිවුන් සොහොයුරියන්” යන අන්වර්ථ නාමය ලැබූ ඔවුන් හට කදිම පාසලේ දී මට්ටු වන්නට සිදු වේවිද…? මහ රෑ පැවැත්වුණු සාදයේ දී පැට් හා ඉසබෙල් ලැබූ අත්දැකීම කුමක් විය හැකිද…?”

‘කියවීම මිනිසකු සම්පූර්ණ කරයි.’ යන්න කට කසනවාට කී කතාවක් නොවේ. ළමයින් කියැවීමට හුරු කළ යුතු අතර, ඒ සඳහා ඔවුන් පෙළඹෙන්නට නම් ඔවුනට කියැවීමට සුදුසු හරවත් රසවත් පොත් ද තිබිය යුතුය. ඉනිඩ් බ්ලයිට්න් නමැති ලේඛිකාවගේ අගය අපට වැඩි වැඩියෙන් දැනෙන්නේ එහිදී ය. ලොව පුරා ළමයින් කෝටි ගණනකගේ කියැවීමේ හුරුව දසක ගණනාවක් තිස්සේ ඇතිවන්නට ඇය අතින් ලියැවුණු ළමා කතා පොත්වලින් ලැබුණූ දායකත්වය අප්‍රමාණය.

1987 අගෝස්තු 11 දා ලන්ඩනයේ උපන් ඉනිඩ්, විසිවැනි සියවසේ ලොව බිහි වූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස සැලකුම් ලබයි. 1968 වසරේ දී මෙලොව හැරගිය ඉනිඩ් ලොව වේගයෙන්ම ලියූ ලේඛිකාව ලෙස ද සැලකුම් ලබයි. ඇය දිනකට වචන දස දහසක් පමණ ලියූ බව පැවසෙයි. ජීවිතයේ අවසාන භාගයේ අල්සයිමර් රෝගයෙන් පීඩා විඳීම නිසා ඇගේ ලිවීමේ වේගය අඩාල වූ බවක් ද පෙනීයයි. දැන් ඔබ අතට පත්ව තිබෙන්නේ ඇය ලියූ The Twins at St ; Clare’s  හි අසංක්ෂිප්ත පරිවර්තනයයි. St; Clare’s නමැති අපූරු බාලිකා විද්‍යාලය හා එහි උගත් සිසුවියන්ගේ ක්‍රියාකාරකම් අළලා ඇය පොත් හයක් ලියා ඇති අතර, ඒවා  St; Clare’s   පොත් පෙළ ලෙස හැඳින්වෙයි. එම පොත් හය සිංහල බසට පරිවර්තනය වී ඇත්තේ ‘කදිම පාසල’ පොත් පෙළ යනුවෙනි. පාසල් විය අතිශය සුන්දර වූවකි. අලුත්ම පාසලකට යාම ද අලුත්ම හා අභියෝගාත්මක අත්දැකීමකි. ඕ’සලිවන් නිවුන් සොහොයුරියන් පැරැණි පාසල අතැර අලුත් පාසල වෙත යන්නේ මහත් අකමැත්තෙනි. එහෙත් ඉක්මනින් ම ඔවුහු ශාන්ත ක්ලෙයාර් බාලිකාවට ඉමහත් කැමැත්තක් දක්වති. ඒ කැමැත්ත ඇති වන්නේ විවිධ වූ රසවත් වූ සිද්ධි දාමයන් කිහිපයක් හරහා ය. ‘කදිම පාසල’ පොත් පෙළෙන් විස්තර වන්නේ ඕ’සලිවන්………………

#KadimaPasaleMahaReSadaya #KumaraSiriwardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.229 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කදිම පාසලේ මහ රෑ සාදය”

Your email address will not be published. Required fields are marked *