, ,

කදිම පාසලේ නායිකාවෝ

රු690.00

  • Author: කුමාර සිරිවර්ධන
  • The Twins at St Clare’s  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • Second Batch 2021
  • ISBN 978-955-33-1143-6
  • 192 Pages

Availability: 3 in stock

Author: කුමාර සිරිවර්ධන

The Twins at St Clare’s  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

Second Batch 2021

ISBN 978-955-33-1143-6

192 Pages

“නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහළම පන්තියකය. එහෙත් ඔවුහු තවමත් දඟකාරය. විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් වෙහෙසෙන්නේ එම පිරිස අතරින් පාසලට අලුත් ශිෂ්‍ය නායිකාවක තෝරන්නටය. වඩාත් හොඳින් වගකීම දැරිය හැකි ශිෂ්‍යාව කවුරුන්ද…?”

විසිවැනි සියවසේ ලොව විසූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස ගෞරවයට පාත්‍ර වූ ඉනිඩ් බ්ලයිටන්ගේ ST; CLARE’S  පොත් පෙළේ අවසන් පොතෙහි සිංහල පරිවර්තනය මෙසේ ඔබ අතට පත් වී තිබේ. ‘කදිම පාසල පොත් පෙළ’ යනුවෙන් සිංහලට පරිවර්තනය වූ මෙම පොත් පෙළ කියවා ඔබ සැම මහත් ආස්වාදයක් ලැබුවා නිසැකය.

ඕ’ සලිවන් නිවුන් සො‍යුරියන් දෙදෙනා සහ ඔවුන්ගේ මිතුරියන් ශාන්ත ක්ලෙයාර් බාලිකාවේ නේවාසිකව ඉගෙන ගනිමින් ගත කරන ජීවිත ඉතා රසවත්ය. ඔවුන් පාසලේ දී මුහුණ දෙන සිද්ධි සමුදායන් හරහා අපගේ ජීවිතවලට එකතු කරගත හැකි ආදර්ශ බොහෝ ය.එය ලේඛිකා ඉනිඩ් බ්ලයිට්න්ගේ සුවිශේෂි වූ දස්කමකි. ළමා කතා රචනා කරමින් ඇය ළමයින් වර්ධනය කරගත යුතු වූ යහගුණයන් ළමයින්ට ඉස්මතු කර දෙන්නේ කතා රසය ද සමඟ මිශ්‍ර කරමිනි.

1897 අගෝස්තු මස 11 දා ලන්ඩනයේ උපන් ඉනිඩ් බ්ලයිට්න් සිය ජීවිත කාලය ඇතුළත ලියූ ළමා කතා ගණන හයසියයකට වැඩි ය. ඒ හැර ඇය ලියූ ළමා ගී, ළමා කාව්‍ය හා ළමා නාට්‍ය ද සිය ගණනකි. ලොව විසූ වේගයෙන්ම ලියූ ලේඛක ලේඛිකාවන් ගොන්නේ මුල්ම ස්ථානයක් ඉනිඩ් බ්ලයිට්න් හට හිමිවෙයි. අන්තර්ජාලයෙන් පැවසෙන්නේ ඇය දිනකට වචන දස දහසක් පමණ ලියූ බවයි. එහෙත් ඇගේ ජීවිතයේ පසු කාලයේ දී එම ලිවීමේ වේගය අඩාල වන්නේ ඇය අල්සයිමර් රෝගයට ගොදුරු වන බැවිනි.

කෙසේ වෙතත් ඇය ජීවතුන් අතර සිටි කාලයේදීම ඇගේ පොත් ලොව විවිධ භාෂාවනට පරිවර්තනය වූ අතර ඒවා පිටපත්……..

#KadimaPasaleNaikawo #KumaraSiriwardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.230 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කදිම පාසලේ නායිකාවෝ”

Your email address will not be published. Required fields are marked *