Author: සරත් විජේසූරිය
Publisher: Wijesooriya Grantha Kendraya
First Edition 2021
ISBN 978-624-5664-28-3
396 Pages
“ගම, උප නගරය, මහා නගරය, පඬිපුරය යන හතර පළේ ම ජීවත් වන මැදපන්ති ජනයාගේ අදිසි පොරයට හසු වූ මම ද එහි හවුල්කාරයෙකු වී හෙම්බත් වීමෙන් ලත් අත්දැකීම් ඇත්තෙක්මි. ජීවයෙන් වෙන් නොකළ හැකි මේ අදිසි පොරය මැඩිය හැක්කේ එක්කෝ සියලු දෙනා ම ගැමියන්ගේ තැනට බැස ලද දෙයින් තුටුව ජීවත් වීමෙනි; නොඑසේ නම් උගැන්වීමෙන් හා ජීවන මිනුමෙන් සියලු දෙනාට ම සමතැන් ලැබිය හැකි සේ ලංකාව සමාජවාදීය උතුරුකුරුවක් කිරීමෙනැයි සිතමි” – මාර්ටින් වික්‍රමසිංහ
“සාහිත්‍යකාරයෙක් දකින්න ඕනැ ඇළ දොළ ගංගාවල ගස්වැල්වල, කඳු තැනිතලාවල, වතුපිටි වෙල් යායවල, ලස්සන නෙමේ. ගම්වල ජන ජීවිතයේ සොබාවයයි දකින්න ඕනැ. මීගමුවේ වෙරළට ගියා ම හරි ලස්සනයි තමයි. ඒත් මුහුදෙන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත කොහොම ද? උඩරට තේ වතු හරි ලස්සනයි. ඒත් ඒ වතුවල වැඩ කරන මිනිස්සු ජීවත් වෙන ස්ථාන සුන්දර නැහැන්නෙ. අපි දකින හුගක් ස්ථාන සුන්දර වුණාට ඒ මිනිස්සුන්ගේ ජීවිත; ජීවිතවල පැවැත්ම, සුන්දර නැහැනෙ… සොබා සෞන්දර්ය කියන්නේ ජීවිතය නෙමෙයි…… – කාලෝ ෆොන්සේකා
#UpanGama #SarathWijesooriya #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.