,

උදුල මංකඩ

රු450.00

  • Author : ඒ.එම්. කරුණාරත්න 
  • Publisher : Dayawansha Publisher
  • First Edition 2015
  • ISBN 978-955-686-061-0
  • 279 Pages

Out of stock

Author : ඒ.එම්. කරුණාරත්න 

Publisher : Dayawansha Publisher

First Edition 2015

ISBN 978-955-686-061-0

279 Pages

වියළි කලාපයේ වැවක ‘ මංකඩ ’ වූ කලී ගැමියන්ගේ දුක සතුට හෝ විරහ වේදනාවලට නිසලව පරම්පරා ඇහුම් කන් දුන් අජීවී වස්තුවකි. 

අද ‘උතුරා යන සංවර්ධනයත් ’ සමඟ බොහෝ දුරට මිනිස් පහසින් ඈත් වී සිටියද මෙයට අඩසිය වසකට පමණ පෙර මේ වැවේ මංකඩ ගැමියන් එදිනෙදා කටයුතු මෙන් ම දිගුකාලීන බලාපොරොත්තු ගැනකතා කළ ක්‍රියාකාරී මධ්‍යස්ථානය විය. එහි දී ඔවුහු බොහෝ දේ ගැන කතිකා කළහ. ඒවා පන්සලේ, කුඹුරේ හෝ හේන්වල වැඩ කටයුතු ගැන විය හැකි ය. එසේ නැතිනම් ගමේ ගෙදරක මංගල්‍යයක්, මරණයක් හෝ එබඳු පොදුවේ සිදු කළ යුතු කටයුත්තක් ගැන විය හැකි ය. 

දවස පුරා කුඔුරේ හෝ හේනේ කය දිය කර වැඩකරන ගැමියන් හෙන්දිරික්කා මල් පිපෙන හැන්දෑ යාමයේ වැව් මංකඩට එන්නේ එහි ඇති සිසිල් දියෙන් ඇඟ වෙහෙස නිවා ගැනීමට ය. 

නෑමට හෝ ඇඟ සේදීමට මංකඩට බැසීමට පෙරාතුව ඔවුහු මංකඩ වටා එක්ව කතා බහ කළහ. පිරිමින්ට අදාළ වන්නා වූ කරුණු කාරණා පිරිමි එක්වීත්, ගැහැනුන්ට පමණක් සීමා වන කරුනු ගැහැනු එක්වීත් කතා කළහ. දෙගොල්ලන්ටම අධාළ වන්නා වූ කරුණු වේ නම් ඔවුහු සියලු දෙනාම එකතු වූහ. ගමේ බොහෝ දේ සිදුවූයේ එහි දී ගනු ලැබූ තීන්දු තීරණ අනුව ය. 

ඒ අනුව මංකඩ ගමේ අනාගතයට මංපෙත් සකසන ගැමියන්ගේ එක්තරා ක්ෂේම භූමියකි. එය ‘උදුල මංකඩක් ’ වන්නේ ඒ අරුතෙනි. 

#Udulamankada #AMKarunarathna #SinhalaPoth 

Weight 0.333 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උදුල මංකඩ”

Your email address will not be published. Required fields are marked *