Author : පියසේන වික්‍රමගේ
Publisher : Sarasavi Publishers
First Edition 2021
ISBN 978-955-31-2418-0
275 Pages
ජනශ්රැතිය , ලොව සියලු ජනයාගේ උරුමයකි ; නෛසර්ගිකව එය සංස්කෘතික ඉතිහාසයෙහි මුඛ්‍ය අංගයකි . ඉඳින් උතුරු අමෙරිකානු ජනකතා 28 උතුරු අමෙරිකානු ආදිවාසීන්ගේ හා එස්කිමෝ නම් ජන කොට්ඨාසයේ සුවිශේෂී උරුමය හෙළි කරයි . ඒ පුරාවෘත්තයන්හි පොහොසත් බව වටහා දෙයි . අති රමණීය වූ මේ ජනකතා ගෙත්තමෙහි දැකිය හැක්කේ උතුරු අමෙරිකානු ආදීවාසීන් වටා තිබූ අපුරු පරිසරයයි .
මේ ජනකතා කියා දෙන ලද්දේ සීත කාලයේ ඉර බැස යාම පමා වීම නිසා දිගු වූ සන්ධ්‍යා කාලයේදීය . එස්කිමෝවරුන්ගේ ‘ ඉග්ලූ ‘ නම් වටකුරු නිවාස හා වෙනත් ආකාරයේ නිවාස තුළ ගිනි මැළ – ගිනි උදුන් දල්වා ගෙන , අත පය ගුළි කරගෙන සුව පහසු කොනක හිඳින විටය . කතන්දර කියද්දි විමතියට පත් වූයේ මේ ශ්‍රාවක පිරිසයි . සොබා දහමෙහි කෙළවරක් නොදක්නා සිත සතුට වඩන සිදුවීම් මෙන්ම දුරවබෝධ තැන් මේ ජනකතා වලට ඇතුළත් වෙයි .
හිමෙන් වැසී ගත් ලොවෙහි සොබා සුන්දරත්වය මේ කතා තුළින් පිළිබිඹු විය . තව ද ලෝකය නිර්මාණය වූ හැටි , ඉර හඳ – තරු කොහොමෙන් කොහොම බිහි වුණාද ? අහසේ තාරකා මණ්ඩලය , ලෝකයට ගින්දර පහළ වූ හැටි කියා දෙන කතාවලට පමණක් සීමා නොවීය . තම සමෘද්ධිය කියා පාන කතන්දර , ඔවුන්ගේ මුතුන් මිත්තන් පිළිබඳ කතන්දර , සත්ත්ව ලෝකයේ සතුරු මිතුරු පිරිවර පිළිබඳ කතන්දර ද මෙහි ඇතුළත්ය .
විදෙස් ජනකතා පොත් මාලාවක පළමුවැන්න ලෙස රටවල් අටක ජනකතා අටක් ‘ ( 2018 : සරසවි ) අනුවර්තනය කළ පියසේන වික්‍රමගේ , ඒ පොත් පෙළෙහි දෙවැන්න ලෙස උතුරු අමෙරිකානු ජනකතා ඉදිරිපත් කරයි .
#UthuruAmerikanuJanakatha #PiyasenaWicremage #LamaintaKiyaweemata
Reviews
There are no reviews yet.