,

ඉන්දියානු මහායාන බුදුසමය(බෞද්ධ චින්තනය 1)

රු1,500.00

  • Author – මැදවච්චියේ ධම්ම‌ජෝති හිමි
  • Publisher – Sarasavi Publishers
  • First Edition 2022
  • ISBN 978-955-31-2622-1
  • 224 Pages

Out of stock

Author – මැදවච්චියේ ධම්ම‌ජෝති හිමි

Publisher – Sarasavi Publishers

First Edition 2022

ISBN 978-955-31-2622-1

224 Pages

 

මුල් බුදු සමයෙන් අනතුරුව උදාවන කාලපරිච්ඡේදයේ ප්‍රථමභාගය බුද්ධ පරිනිර්වාණයේ පටන් ඉන්දියානු මහායාන බුදුසමයේ අවසානය දක්වා දිවයයි. බෞද්ධ ඉතිහාසයේ තීරණාත්මක කඩඉම් කීපයක්ම සනිටුහන් වන මෙම අදියර පිළිබඳව සැලකිය යුතු තරම් පර්යේෂණ එළිදක්වා ඇතත් සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත්ව ඇත්තේ අතළොස්සකි. එකී අඩුව සැලකිල්ලට ගෙන සම්පාදනය වන මෙම ග්‍රන්ථය සාම්ප්‍රදායික මතවාද මෙන් ම නුතන විග්‍රහයන් ද අභියෝගයට ලක්කරමින් සංග්‍රහ කරන ලද්දකි. පැරණිතම මූලාශ්‍රයන් මෙන් ම මෑතකාලීන මතවාද ද විමර්ශනය කරමින් සම්පාදනය කර ඇති මෙම කෘතිය බුදුසමය ස්වකීය අධ්‍යයන හා පර්යේෂණ කාර්යයන් සදහා විෂයක්ෂෙත්‍ර කොට ගන්නා විද්‍යාර්ථින්ට බෞද්ධ චින්තනය පමණක් නොව එහි ඉතිහාසයත් දර්ශනයත් තුලනාත්මකව හා විමර්ශනාත්මකව ගවේශනය කරන්නට ආරාධනා කරන්නකි.

මෙම ග්‍රන්ථයේ සම්පාදක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසි වසරක් පමණ කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ ආචාර්යවරයෙකු හැටියට ද වසර තුනකට ආසන්න කාලයක් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂකවරයා හැටියට ද සේවය කර ඇති අතර පාලි, සංස්කෘත හා චීන භාෂාවලින් සම්පාදිත බෞද්ධ මූලාශ්‍රයන් පරිශීලනය කිරීමෙහි ද සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් ව්‍යක්ත ලෙස කරුණු ඉදිරිපත් කිරීමෙහි ද ප්‍රවීණත්වයක් ඇති ග්‍රන්ථ කතුවරයාණ කෙනෙකි.

විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන ස්ථවිර,  පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.

 

#IndiyanuMahayanaBuduSamaya #MedavachchiyeDhammajothiHimi #SinhalaPoth #OnlineBooks

Weight 0.352 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඉන්දියානු මහායාන බුදුසමය(බෞද්ධ චින්තනය 1)”

Your email address will not be published. Required fields are marked *