, ,

ආටමිස්

රු1,100.00

  • Author – ප්‍රභාත් මිරිහාගල්ල
  • Artemis (by Andy Weir) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – S&T Group
  • First Edition 2021
  • ISBN 978-624-5712-02-1
  • 345 Pages

Availability: 4 in stock

Author – ප්‍රභාත් මිරිහාගල්ල

Artemis (by Andy Weir) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – S&T Group

First Edition 2021

ISBN 978-624-5712-02-1

345 Pages

 

ආටමිස් යනු සඳ මත ඉදිවුණු පළමු ජනාවාසය යි. එය චන්ද්‍ර පෘෂ්ඨය මත අඩ වශයෙන් ගෙන්වන ලද ගෝලාකාර ගොඩනැඟිලි බුබුළු පහකින් සැදුණකි. දෙදහසක මිනිස් ජනගහනයක් එහි වෙසෙති.

ආටමිස් වෙත සංක්‍රමණය වීම දුෂ්කර ය. සංක්‍රමණය වී එහි දිවි ගෙවීම ඊට වඩා දුෂ්කර ය. තීක්ෂණ බුද්ධියකින් යුතු යෞවනියක වන ජෑස් බෂාරා එය හොඳින් ම අත්දකින්නී, චන්ද්‍ර නගරය තුළ පෝටර්වරියක වශයෙන් රාජකාරි කරන අතර ම, සඳ මත අධික වියදම් පියවාගනු සඳහා සුළු නීති විරෝධී කටයුතුවල ද යෙදෙයි.

ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන ඉක්මනින් ධනවත් වීමේ අවස්ථාවක් ඇය වෙත ඉදිරිපත් වූ කල, එය වහා බාර ගැනීමට ඈ දෙවරක් නොසිතයි.

එහෙත් පෘථිවි ගුරුත්වයෙන් හයෙන් එකක් යටතේ, අපරාධයක් සැලසුම් කිරීම ලෙහෙසි පහසු දෙයක් නො වන බව ඇයට ඉක්මනින් ම දැන ගැනීමට ලැබෙයි. එහි දී එළිදරවු වන රහසකින් චන්ද්‍ර නගරයේ අනාගතය ද, එය බිහිසුණු විනාශයකින් ගළවා ගැනීම ද තමා වෙත පැවරී ඇති බවක් ඇයට පසක් වෙයි!

අගහරු මිනිසා කෘතියෙන් ජනාදරයට පත් ඇන්ඩි වියර්ගේ මේ දෙවැනි විද්‍යා ප්‍රබන්ධය නුදුරු අනාගතයේ දී ම තථ්‍ය ලෙස සැබෑවක් බවට පත් විය හැකි චන්ද්‍ර නගරයක අත්දැකීමක් කරා පාඨකයා රැගෙන යයි.

 

#Artemis #PrabhathMirihagalle #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.432 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආටමිස්”

Your email address will not be published. Required fields are marked *