, ,

ආචාර්ය අබ්දුල් කලාම් ධර්මිෂ්ඨ පාලනය

රු350.00

  • Author – ජයරත්න රුබේරු
  • Governance for Growth (by A.P.J. ABDUL KALAM) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්
  • First Edition 2018
  • ISBN 978-955-677-822-9
  • 182 Pages

Out of stock

Author – ජයරත්න රුබේරු

Governance for Growth (by A.P.J. ABDUL KALAM) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්

First Edition 2018

ISBN 978-955-677-822-9

182 Pages

ඉන්දියාවේ මිසයිල මිනිසා ලෙස ලෝකයේ ම බුහුමන් ලබන ආචාර්ය අබ්දුල් කලාම් අපේ කාලයේ පහළ වූ සැබෑ මුනිවරයෙකි. ඔහුගේ දර්ශනය සංවර්ධිත අනාගතයක් කරා වත්මන් මිනිසාට යහදැක්මකි. මෙතෙක් කලක් ඒ දියුණු යහදැක්ම තිබුණේ සිංහල පාඨක සහෘදයාගෙන් වසන්ව ය.

කෘතහස්ත ලේඛකයකු, ප්‍රවීණ සංස්කාරකවරයකු සහ මනා භාෂා නිපුණත්වයෙන් යුතු පරිවර්තකයෙකු ද වන ශාස්ත්‍රවේදී රුබේරු මහතා ඒ වටිනා අදහස් මිණිඅහුර සිංහල බසින් මනාව ඔප දමා මුල් රසය අර්ථය එලෙස ම පිළිරැව් නැංවෙන අයුරින් පිළිගන්වන්නට ඉදිරිපත් ව සිටී.

රුබේරු මහතාගේ මෙම නව පරිවර්තනය කලාම්ගේ රසවත් කෘති කිහිපයක් අතරින් වත්මන් කාලයේ තාලයට ගැළපෙන මනා අර්ථයකින් යුතු තෝරා ගැනීමකි. මෙයට පෙර ඔහු ආචාර්ය අබ්දුල් කලාම්ගේ වටිනා අදහස් ඇතුළත් Turning points: “ ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ” ලෙස සහ Ignited Minds : “ දිදුලන මනස” ලෙස සිංහලයට නැඟූ අතර, ඒවා ජනකාන්ත පාඨක ප්‍රසාදයක් හිමිකර ගත්තේ ය. ජනහද දිනූ සෝවියට් දේශය සඟරාවේ සංස්කාරක ලෙස කලක් කටයුතු කළ ඔහු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පරිපාලන තනතුරු හෙබ වූ භාෂා කිහිපයක් ප්‍රගුණ කළ ගුරුවරයෙකි.ඔහු අලුතෙන් පරිවර්තනය කර ඇති ආචාර්ය කලාම්ගේ Governance for Growth in India ඉන්දියානු භූමිය මතු නොව ආසියා කලාපයේ ම නව සංවර්ධනය උදෙසා නිවැරදි ධර්මිෂ්ඨ පාලනයක ඇති වැදගත්කම පිළිබඳ දාර්ශනික රහස් රැසක් අනාවරණය කර දෙන සෑම තරාතිරමකට අයත් පොදු පාඨක ජනයාගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කරනා එළැඹුමකි.

#Dharmishtapalanaya #Jayarathnaruberu #SinhalaPoth #SinhalaPariwarthana #Charithapadana

Weight 0.218 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආචාර්ය අබ්දුල් කලාම් ධර්මිෂ්ඨ පාලනය”

Your email address will not be published. Required fields are marked *