,

අසුර හෙවත් රාවණා

රු1,300.00

  • Author – සේනාරත්න වීරසිංහ
  • Publisher – Praba Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5906-00-0
  • 608 Pages

Out of stock

Author – සේනාරත්න වීරසිංහ

Publisher – Praba Publishers

First Edition 2021

ISBN 978-624-5906-00-0

608 Pages

 

මේ පොත ගැන….

වාල්මිකීගේ ‘රාමායණය’ අපි කියවා ඇත්තෙමු. දෙවියන්ගේ ප්‍රතිරූපයක් හෙවත් අවතාරයක් වූ රාම රජු විසින් දුෂ්ට, යක්ෂ බලවේගයක් වූ රාවණා රජු මරා දමනු ලැබීමේ පුවත පාදක, ඒ සම්භාව්‍ය සාහිත්‍ය කෘතිය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා ද ප්‍රකටය.

ඉතිහාසය නිතර කතා කරන්නේ ජයග්‍රාහක වීරයාගේ පාර්ශවය ගැන පමණය. පරාජිතයාගේ හඬ නිරන්තරයෙන් නිහඬය. රාමායණයේ පරාජිතයා වූ රාවණා හා අසුර ජනතාව ගැන කීමට අන් කතාවක් ඇත්ද?

ඔව්… ඒ රාවණාගේ කතාව හෙවත් රාවණායනයයි. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ඉංග්‍රීසි නවකථාවක් ලෙසින් බිහිවුණ එය ‘අසුර හෙවත් රාවණා’ නමින් සිංහලෙන් ඔබ වෙත පත් වෙයි. කේරළය හා ඉන්දියාව අවට ප්‍රකට පුරාණෝක්ති (Mythology) ඇසුරු කරමින් රචිත නුතන දෘෂ්ටාන්ත නවකථාවක් ලෙසින් එය ප්‍රකටය. වසර තුන්දාහකට පමණ පෙර සමාජ පරිපීඩනයකට පත් අසුර ජන ජීවිතය පාදක කොට ගෙන මෙය ලියා ඇත්තේ ප්‍රවීණ ලේඛක ආනන්ද නීලකන්ටන් මහතාය.

ලංකාධිපති අසුර අධිරාජයා වූ රාවණා හා ඔහුගේ පීඩිත වැසියකු වූ භද්‍රගේ දෘෂ්ටිකෝණයෙන් විකාශනය වන මේ නවකථාව ‘රාමායණය’මෙන් පරම්පරා ගණනාවක රසික සිත් සංතර්පණය කරන බව නිසැකය. මෙය අද්භූත නවකථාවක් නොව පුරාණෝක්ති හා ඉතිහාසය ඔස්සේ, සමකාලීන සමාජ තේමාවන්  ස්පර්ශ කරන සාරවත්, විචිත්‍රවත් රසාලිප්ත රස ධාරාවක් බව කියනු කැමැත්තෙමි.

‘There is nothing either good or bad but thinking makes it so, යනුවෙන් විලියම් ශේක්ස්පියර් ‘හැම්ලට්’ නාටකයෙන් ගෙන හැර දක්වන්නේ ද මේ නවකථාවෙහි එන ‘ධර්ම’ නමැති සංකල්පයම ද?

 

#AsuraHewathRawana #SenarathnaWeerasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.750 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අසුර හෙවත් රාවණා”

Your email address will not be published. Required fields are marked *