,

අසහාරා

රු1,300.00

  • Author : ඉමේෂ් මධුශංක යාපා
  • Publisher : Muses Publishers
  • First Edition 2022
  • ISBN 978-624-5579-09-9
  • 556 Pages

Out of stock

Author : ඉමේෂ් මධුශංක යාපා

Publisher : Muses Publishers

First Edition 2022

ISBN 978-624-5579-09-9

556 Pages

හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී , විශේෂ බුද්ධි අංශ ඒජන්ත , ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන , ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂවරයා , ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි . පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන , වෙඩි වැදීමෙන් මරණයට පත් , විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය සිදුවීමකි.

එහෙත් , රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා රටට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමඟ , ඔහු කිසියම් ත්‍රස්ත ක්‍රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය , ඔහුගේ මරණය පසුපස හඹා යන රංග ප්‍රමුඛ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම තුළ ඇති වේ . තමා සතුව ඇති සීමිත තොරතුරු පසුපස හඹා යන ශූර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම , දැඩි අභියෝග හමුවේ අවසානයේ හෙළිකර ගන්නේ අති බිහිසුණු රහසකි.

න්‍යෂ්ටික සහ රසායනික ත්‍රස්තවාදය මානව වර්ගයාට එරෙහිව යොදා ගැනීමට පිඹුරුපත් සකස් කරන කුරිරු , අශුද්ධ ආගමික කල්ලියක් හා බැඳුණු , ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කළ එක් බිහිසුණු අතීත සිදුවීමක පසු ක්‍රියාදාමයක් පිටුපස හඹායන හිටපු යුධ විරුවා සහ ඔහුගේ සගයන් පිරිස , බිහිසුණු ත්‍රස්තයන්ගේ මිලේච්ඡ අරමුණු ව්‍යර්ථ කර දැමීමට සමත් වනු ඇත්ද ?

නැතහොත් අවසානයේදී අධර්මය ජය ගනීද ?

#Asahara #Asahaara #ImeshMadushankaYapa #OnlineBooks

Weight 0.648 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අසහාරා”

Your email address will not be published. Required fields are marked *