Sale!
, , , , , ,

අරමින්තා ස්පූකි කතා මාලාව

රු2,195.00

  • මගේ භූත විමන +ගල් ලෙනේ තිබූ කඩුව +ගෙඹි කොල්ලය +තක්කඩි රීරි පිසාච පැංචා + භූත විමනෙ භූතයෝ
  • සාමාන්‍ය මිල – රු. 2310/=
  • අපේ මිල – රු.2195/=

Out of stock

මගේ භූත විමන +ගල් ලෙනේ තිබූ කඩුව +ගෙඹි කොල්ලය +තක්කඩි රීරි පිසාච පැංචා + භූත විමනෙ භූතයෝ

සාමාන්‍ය මිල – රු. 2310/=

අපේ මිල – රු.2195/=

 

මගේ භූත විමන 

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

My Haunted House (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Second Batch 2020

ISBN 978-955-691-287-6

 142 Pages

                          මේ  නිවස  විකිණීමට  නො  තිබේ

අරමින්තා ස්පූකි ජීවත් වන්නේ භූතයින්ද සිටින පරණ නිවසකය. එය අපූරු නිවසක් වූවත් වෙනත් තැනක පදිංචියට යන්නට, කොච්චරවත් නොරිස්සුමින් පසුවන ඇගේ ටැබී නැන්දාට ඔ්නෑය. ඔවුන්ගේ නිවස විකුණා දැමීමට ටැබී නැන්දා අදිටන් කරගෙන සිටියි.අරමින්තා ඈ නතර කර යුතුව තිබේ!

ශ්‍රීමත් හෝරස් යනුවෙන් හඳුන්වන භූත යුද සන්නාහයකත්, එඩ්මන්ඩ් නමැති භූතයාගේත් උදව් ඇතිව, රැක සිට ප්‍රහාරයක් එල්ල කිරීමට අරමින්නා සැලසුම් කරයි. ඒ් දක්ෂ සැලසුමෙන් ටැබී නැන්දාගේ සිත වෙනස් කිරීමට ඈට හැකි වේවිද?

#AraminthaSpooki #MageBoothaVimana #GangaNiroshiniSuduwalikanda #AnjiSage #LamaPoth

 

ගල් ලෙනේ තිබූ කඩුව

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

The Sword In The Grotto (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Second Edition 2020

ISBN 978-955-691-288-3

156 Pages

                                     භූතයකුට සරිලන අගේ ඇති තෑග්ගක්

ශ්‍රීමත් හෝරස්ගේ පන්සිය වැනි උපන්දිනය එළැඹෙන්නට ළං වී තිබේ. ඔහුට දීම සඳහා අගේ ඇති තෑග්ගක් සොයාගැනීම අරමින්තාගේ සහ වොන්ඩාගේ බලාපොරොත්තුවයි. සිය භූත නිවස යට ඇති සැඟවුණු ගල් ලෙනක තිබී ඔවුන්ට කඩුවක් සම්බ වෙයි. එය අර ගැනීම ඉතා පහසු වැඩකි.

එය ගන්නට ගල් ලෙනට යන ඔවුහු උඟුලකට හසු වී, එහි සිරවෙති. අරමින්තාට සහ වොන්ඩාට යළි නිවසට ගොස් ශ්‍රීමත් හෝරස්ගේ උපන් දිනය සැමරීමට හැකි වේවිද? 

#AraminthaSpooki #GalleneThibooKaduwa #GangaNiroshiniSuduwalikanda #AnjiSage #LamaPoth

 

ගෙඹි කොල්ලය

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Frognapped (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

First Edition 2019

ISBN 978-955-691-317-0

200 Pages

                                ගෙම්බන් හොරකම් කළේ කව්ද ?

ස්පූකි විමනේ කිසියම් ප්‍රශ්නයක් ඇති වූ විට සාමාන්‍යයෙන් චෝදනා එල්ල වන්නේ අරමින්තාටය. එහෙත් මේ වතාවේ බැරීගේ ගෙම්බන් අතුරුදන් වීම සම්බන්ධයෙන් ඈ අත කිසිදු වරදක් නොවූ අතර උන් සොයා ගැනීමට ඇය අදිටන් කරගනියි. නපුරු මොරිස් ලොක්කාත්, භයංකාර මෝරකු සහ දිය මායාලෝකය නරඹන්නට ආ පිරිසත් සමඟ එය කිරීම පහසු කටයුත්තක් නොවේ. ගෙම්බන් හොයාගෙන, සියලු දෙනා මවිතයට පත් කරන සංදර්ශනයක් පවත්වන්නට අරමින්තාට හැකි වේවිද?

#GembiKollaya #AraminthaSpooki #GangaNiroshiniSuduwalikanda #AnjiSage #LamaPoth

 

තක්කඩි රීරි පිසාච පැංචා

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Vampire Brat (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

First Edition 2019

ISBN 978-955-691-318-7

204 Pages

                                    අඳුරු බරාඳවල සැඟවී සිටින්නේ කව්ද ?

ස්පූකි විමනේ අඳුරු, රහස් බරාඳ වල කිසියම් භයානක සතකු සැඟවී සිටින බව අරමින්තා සිතයි. ඒ නරවෘකයෙක්ද? ඊළඟට ඩ්‍රැක් මාමාගේ අමුතු ගති ඇති බෑනා වන මැක්ස් එහි එන අතර ඔහු කිසියම් රහසක් සඟවාගෙන සිටින බව අරමින්තාට විශ්වාසය. මැක්ස්ගේ හොර වැඩ හසු කරගැනීමටත්, නරවෘකයා අල්ලා ගැනීමටත් අරමින්තා සැලසුමක් ක්‍රියාත්මක කරයි. එහෙත් එය සාර්ථක වේවිද ?

#AraminthaSpooki #ThakkadiEriPisachaPancha #GalleneThibooKaduwa #GangaNiroshiniSuduwalikanda #AnjiSage #LamaPoth

 

භූත විමනෙ භූතයෝ

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Ghostsitters (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

First Edition 2019

ISBN 978-955-691-319-4

220 Pages

                     කරදරකාර භූතයන් දෙදෙනකු සමඟ නිවසේ තනිවම…

ටැබී නැන්දා සහ ඩ්‍රැක් මාමා, අරමින්තාගේ උපන් දිනය දා ට්‍රාන්සිල්වේනියාවට යන්නට යති. අරමින්තාට නිවසේ නවතින්නට සිදුවන අතර ඇගේ තනියට මැතිල්ඩා එහි එයි. එහෙත් එහි එන්නේ තනිවම නොවේ. කරදරකාර භූතයන් දෙදෙනකුද ඈ සමඟ එන අතර ඔවුන්ගේ සිදුවන කරදරවල නිමක් නැත. මේ නරක භූතයින් දෙදෙනා මට්ටු කරන්නටත්, සතුටින් උපන්දිනය සමරන්නටත් අරමින්තාට හැකි වේවිද?

#AraminthaSpooki #BoothaVimaneBoothayo #GalleneThibooKaduwa #GangaNiroshiniSuduwalikanda #AnjiSage #LamaPoth

Weight 0.795 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අරමින්තා ස්පූකි කතා මාලාව”

Your email address will not be published. Required fields are marked *