Sale!
,

අමරදේව

Original price was: රු2,500.00.Current price is: රු2,250.00.

  • Author: නුවන් නයනජිත් කුමාර
  • Publisher: Surasa Publishers
  • First Edition 2015
  • ISBN 978-955-677-510-5
  • 831 Pages

Availability: 1 in stock

Author: නුවන් නයනජිත් කුමාර

Publisher: Surasa Publishers

First Edition 2015

ISBN 978-955-677-510-5

831 Pages

 

ආචාර්ය නුවන් නයනජිත් කුමාර, දශක ද්වයකට ආසන්න කාලයක් පුරා නව පරපුරේ පෙරගමන්කරුවෙකු ලෙස පුනරුදයක් ඇති කළ ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ කලා විචාරකයෙකි. පත්‍රකලාවේදියෙකි. ගත්කතුවරයෙකි. සිනමාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකි. පර්යේෂකයෙකි. සිනමාව මෙරට විශ්වවිද්‍යාල උපාධි විෂයක් බවට පත් කිරීමට නොඑසේනම් සිනමාවට සරසවි වරම් ලබා දෙනු පිණිස ඔහු ඉටු කළ පුරෝගාමි, හුදෙකලා අරගලයට නුවන් විසින් මෙතෙක් රචනා කරන ලද සියලුම ග්‍රන්ථයෝ සාක්ෂි සපයති. මේ සෑම ග්‍රන්ථයකින්ම නව්‍ය මතවාදයක් පර්යේෂණාත්මකව සනාථ කරමින් අදාළ විෂය පථයන් පෘථුල කිරීමට ඔහු සමත් වී ඇත. ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන් ගේ ‘අමරදේව : මහා ගාන්ධර්ව විබුධයාණෝ’ නමැති මේ ශාස්ත්‍රීය ග්‍රන්ථය ද මෙරට කලා පර්යේෂණ ක්‍රියාවලියෙහි මෙතෙක් විවරණය නොවූ අත්‍යවශ්‍ය පැතිකඩක් පූර්ණ ලෙස ආවරණය කොට දෙනු නිරනුමානය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (B.A.) උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති (M.A) උපාධිය ද ලැබූ ඔහු සිනමාව විෂය උදෙසා ලාංකේය විශ්වවිද්‍යාලයකින් (සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන්) දර්ශනසුරි හෙවත් ආචාර්ය උපාධීය (Ph.D) ලැබූ පළමුවැන්නා ලෙසද, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී පර්යේෂණ සිදුකොට ආචාර්ය උපාධීයක් හිමිකොටගත් පළමුවැන්නා ලෙසද ඉතිහාස ගත වේ. ආචාර්ය උපාධිය මෙතෙක් හිමිකොටගත් වයසෙන් ළාබාල විදුවතුන් අල්පයෙන්ද ඔහු එක් අයෙකි. ලාජකේය ජනප්‍රිය සිනමා ධාරාවේ ප්‍රවණතා පිළිබඳ අධයයනයක් මැයෙන් ඔහු ඉදිරිපත් කළ පරියේෂණ නිබන්ධය 2014 වසරේදී ආචාර්ය උපාධිය පිරිනැමිණ. ‘නව පරපුරේ ප්‍රවීණයා’ ලෙස ඇතැම්හු නුවන් හඳුන්වති. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අනුව ‘ලාංකේය සිනමාව සංරක්ෂණයට මුලපිරූ වෙහෙස නොතකන වීර්යයෙන් යුත් ඉතිහාසඥයෙකි’. ගාමිණි ෆොන්සේකාට අනුව ‘සිනමාවට මඟ පෙන්වන තරුවකි’.ජෝ අබේවික්‍රමට අනුව ‘ඇවිදින විශ්වකෝෂයකි’. සුගතපාල ද සිල්වාට අනුව ‘අතිශය ඉවසිලිවන්ත පරියේෂකයෙකි’. ආචාර්ය තිස්ස අබේසේකරයන්ට අනුව ‘මෙරට සිනමා විචාරකයන් අතර පෙරගමන්කරුවාය’. මාලිනි ෆොන්සේකාට අනුව ‘සිනමාව පරපුරෙන් පරපුරට රැගෙන යන්නන් අතර පුරෝගාමියා ය’. මහාචාර්ය සුචරිත ගම්ලත්ට අනුව ඔහු ‘තාරුණ්‍යයේ අකාල පරිණත බුද්ධිමතාය’. මහාචාර්ය කාලෝ ෆොන්සේකා නුවන් හඳුන්වනුයේ ‘චූටි ප්‍රොෆෙසර්’ යන අන්වර්ථ නාමයෙනි. ඔහු විසින් විරචිත එකිනෙකට නොදෙවෙනි අවශේෂ ශාස්ත්‍රීය කෘති අතර, මේ ග්‍රන්ථයද පාඨක සහෘදයන් රංජනය කරමින් ඔවුන්ට ඥාන උල්පත් පාදා දෙමින් විරාජමාන වනු නිරනුමානය.

 

#Amaradewa #NuwanNayanajithKumara #SinhalaPoth #OnlineBooks

Weight 2.079 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අමරදේව”

Your email address will not be published. Required fields are marked *