, , ,

අපේ රාජ්‍යය

රු200.00

  • Author මායාරංජන්  
  • Publisher : Soorya Publisher
  • Third Batch2015
  • ISBN 978-955-656-3382
  • 112 Pages

Availability: 3 in stock

Author මායාරංජන්  

Publisher : Soorya Publisher

Third Batch2015

ISBN 978-955-656-3382

112 Pages

සිතන්නට හැකි අප සෑම දෙනාටම රාජ්‍යයක් තිබේ. ඒ, අපේ රාජ්‍යයයි. සැබැවින්ම අපේ රාජ්‍යය වූ කලී අපට ම හිමි ස්වාධීන සිහිනයකි. 

මායාරංජන් ලේඛකයා ද මේ සිහිනය අප මෙන් දුටුවෙකි. එහෙත් ඔහුගේ රාජ්‍යයේ දිග පළල මතුනොව හිමිකම පාඨක ලෝකයට නිර්ලෝභිව දායාද කළේ ය. ඒ, ‘ අපේ රාජ්‍යය ’ කෘතිය මඟිනි. ගහකොළ සතා සිව්පාවා මෙන්ම දියකඳුරු යනු, අපගේ ලේ නහර මෙන් බැඳුණු ජීවයකි. නූතනයේ අපි බුරුතු පිටින් නාගරික හෝ අර්ධනාගරිකව දිවිගෙවමු. එහෙත්, වසර මිලියන ගණනක සිට අප රැස් කළ වනපෙත ආශ්‍රිත දිවිතතු මතක පොසිල ලෙස රැඳී තිබෙන වග ද අපි  දනිමු. එහෙයින්  මායාරංජන් පාඨක අපට ‘ අපේ රාජ්‍යයට ’ අඬගසන විට කෙසේවත් මඟහැර යා නොහැකි ය. අප සියලු බැදීම් අත්හැර මතක පොසිල ඔස්සේ අතීත වනපෙතට ඇදීයන්නේ නිරායාසයෙනි. ‘ දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් ’ කුල්මත් කළ සිතැතිව ඒ මතක මංපෙත් දිගේ වනපෙත පීරා එහි සැරිසැරීමට ද ගඩාගෙඩි කමින් සතුන් අතර නිදහස් – නිවහල් මිනිසකු ලෙස ගතකිරීමට ද මහත්සේ ආශා කරමු. මායාරංජන් වනපෙත ඔසුවක් කොට පාඨක සිතට කවන්නේ රෝගී සිත් නිරෝගී කරන අටියෙනි.

                                                                                                             – ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත –

#ApeRajyaya #Mayaranjan #SinhalaPoth #SriLankaweIthihasaya #Janashruthi

Weight 0.244 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ රාජ්‍යය”

Your email address will not be published. Required fields are marked *