Author – සුදත් රොහාන්
Rotten School (by R.L Stine) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Tharanga Publishers
First Edition 2016
ISBN 978-955-657-240-7
129 Pages
මිස්ටර් බෝරින් ගේ විද්‍යාල පන්තියේ අතිදක්ෂ සිසු සිසුවියන්ට මගේ සුභපැතුම්. ගරාදි වැට දිගේ ලිස්සා යාමෙන් ඕනෑම අයෙකුගේ තට්ටම් වල හම ගැලවෙන බව ඔවුන් විසින් සොයාගත් බව මම අපේ ඉස්කෝල්ලේ හැමෝටම බොහොම සතුටින් දැනුම් දෙනවා.
සෑම වසරකම වසන්ත සෘතුවේ පැවැත්වෙන වසන්ත ඍතු වර්ෂා උත්සවය මේ වසරේ නොපවත්වන බව මිස් සැලී මොනෙගා දැනුම් දෙනවා. වර්ෂ උත්සවය නොපැවැත්වෙන්නේ වර්ෂාව නිසා බවයි මොනෙලා මෙනවිය තව දුරටත් දැනුම්දෙන්නේ.
මේ විශේෂ නිවේදනය අපේ පාසලේ කෝකියා, බැලෝනිගෙන්. අද ආහාරය සඳහා සූදානම් කොට තිබෙන මෑෂ්ඩ් පොටේටෝ ව්‍යාජයට අත් වැරදීමකින් මැස්සන් කිහිපදෙනෙක් වැටී සිටින බවත් ආහාර ගැනීමේදී මැස්සන් හමුවුවහොත් ඇගිලි වලින් උන් ඉවත් කිරීමට අවසර තිබෙන බවත් බැලෝනි හැමදෙනාටම දැනුම් දෙනවා.
#ApeIskoleYakshaDevaduthaya #SudathRohan #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.