Author – සුදත් රොහාන්
Rotten School (by R.L Stine) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Tharanga Publishers
First Edition 2013
ISBN 978-955-657242-1
132 Pages
කෝ… මේ මයික් එක ඔන් කරලද තියෙන්නේ ?. හැමදෙනාටම මම කියන දේ ඇහෙනවද .? හැමෝටම සුබ උදෑසනක්… මේ කියන්නේ රොට්න් ඉස්කෝලේ හැමදෙනාටම හරිද ?. මම ඔබේ ආදරණීය ප්‍රින්සිපල් අප්චක්.. අද දවසේ නිවේදන කියවන්නයි මම ලෑස්ති වෙන්නේ..
මේ විශේෂ නිවේදනය අපේ හෙදිය මිස් හැන්ලේ ගෙන්. නහයෙන් සද්ද කර කර කෑම කෑවට ඇගට අල්ලන්නේ නෑ කියලා එයා පළමු වසරේ හැමදෙනාටම ආදරයෙන් මතක් කරනවා.
පස්වැනි ශ්‍රේණියේ පරාජිතයින්ගේ සංගමයේ සභාපති බක් නේකිඩ් ගේ විශේෂ නිවේදනයයි මම මුලින්ම ඉදිරිපත් කරන්නේ. හැමදෙනාම විහිළු කරන හින්දා ඒ අය සංගමයේ නම වෙනස් කරලා අද ඉඳන් පරාජිතයින් ගේ සංගමයේ අළුත් නම ඉහඳ පණුවෝ කියලා හැමදෙනාම හොදට මතක තියාගන්න.
#ApeIskoleKiruluPalanRajjuruwo #SudathRohan #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.