, ,

අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක්

රු300.00

  • Author – සුදත් රොහාන්
  • St.Clare’s (Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Tharanga Publishers
  • First Edition 2003
  • ISBN 978-955-657-288-9
  • 167 Pages

Out of stock

Author – සුදත් රොහාන්

St.Clare’s (Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Tharanga Publishers

First Edition 2003

ISBN 978-955-657-288-9

167 Pages

 

එදින රාත්‍රියේ දී සාදිට නින්ද ගියේ නැත. ඔලෝසුවේ රාත්‍රී දහයයි හතලිස් පහ වදින කන් බලා සිටි ඈ සෙමෙන් සෙමෙන් අදෙන් නැගිට්ටා ය. වටපිටාවේ තිබෙන්නේ මද අඳුරකි. නිදන ශාලාවේ සිටින සියල්ලන් ම තද නින්දේ ය. ඉක්මන් කොට ගවුමක් හැඳගත් සාදි හෙමින් හෙමින් පඩිපෙළ බැස්සා ය. තවත් විනාඩි කිහිපයකින් පසුපස දොර හැරගන පාසල් ගෙවත්තට පිවිසෙන්නට සාදිට හැකි විය. තමාට පිටුපසින් අඳුරු ඡායාවක්  ද පැමිණන බව සාදි දුටුවේ නැත. ඒ පෲවන්ස් ය. පෲවන්ස් සිතාගෙන සිටියේ තමා ලුහුබඳින්නේ කාලෝටා පසුපස බවයි. ඒ ඇවිද යන්නේ සාදි බව ඈ නිකමටවත් සිතුවේ නැත.

රාත්‍රී දහයයි කාල වන විට පෲවන්ස්  නින්දෙන් පිබිදුණා ය. කාටත් හොරා නිදන ගාලාවෙන් පිට වු ඈ සාදි පැමිණෙන තෙක් නොඉවසිලිමත් ව බලා සිටියා ය. දැන් වේලාව රාත්‍රී එකොළහයි කාලට පමණ ඇත. උගුරේ කිසියම් වේදනාවක් නිසා ඇලිසන් එක්වර ම නින්දෙන් පිබිදුණා ය, හයියෙන් කහින්නට අවශ්‍ය වුව ද එය නොකළ යුත්තකි. එමෙන් ම කැස්සට ගන්නා ලොසින්ජර සාදි ළග තිබේ. ඇලිසන්, සාදිගේ ඇඳ අසලට ගියේ ඒ ලොසින්ජරයක් ඉල්ලා ගැනීම සඳහා ය. කළුවරේ ම ඇඳට අත පෙවූ ඇලිසන් සාදි සොයන්නට උත්සාහ කළා ය. පුදුමයකි. සාදි නැත, ඇඳ හිස් ය. ඇඳුම් හැඳගෙන ඇ පිටව ගොසිනි, ඇලිසන් දරාගත නොහැකි පුදුමයෙන් ඇඳ මත වාඩි වූවා ය.

 

#ApooruIskoleBihisunuReyak #SudathRohan #SinhalaPoth #OnlineBooks

Weight 0.166 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක්”

Your email address will not be published. Required fields are marked *