Author – ඩී.එම්.එස්. ධම්මික බණ්ඩාර
Publisher – Godage Publishers
Second Edition 2018
ISBN 978-955-30-4825-7
384 Pages
අපරාධ, දඬුවම්, පුනරුත්ථාපනය, බෞද්ධ නීති දර්ශනය ගැන සිහිපත් වන විට විද්වතුන් ගණනාවක් සමග මහාචාර්ය නන්දසේන රත්නපාල කල්පනාවට එක් වෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව, අපරාධ යුක්තිය උපාධියක් ගැන ඉගැන්වීමට එතුමා මඟ පෑදු හෙයිනි. එම මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ශාස්ත්‍රපති උපාධිය ලබා සිටින ඩී. එම්. එස්. ධම්මික බණ්ඩාර මහතා විසින් වටිනා කාර්යයක් ඉටු කරන ලදී. විවිධ පර්යේෂකයන්ගෙන්, උගතුන්ගෙන් එකතු කොටගත් ශාස්ත්‍රීය හා පර්යේෂණාත්මක රචනා සංග්‍රහයක් පළ කිරීමයි. ඊට ආචාර්ය මහාචාර්යවරුන් ගණනාවක් ලිපි ලියා ඇත. මාතෘකා නුතන අවධියට ඵල ප්‍රයෝජනවත් වන්නේය. අපරාධ සම්බන්ධ අවධානයක් හා අවදානමක් පවතින ඉදානීන්තනයෙහි එබඳු ඵලදායක ශාස්ත්‍රීය කාර්යභාරයක නිරත විම බෙහෙවින් අගය කළ හැකිය. මෙම සාර සංග්‍රහයෙන් අපරාධ ක්ෂේත්රයේ විවිධ ඉසවු සම්බන්ධ මනා අවබෝධයක් ලැබිය හැකිය. මේ කාර්යයට මුල පිරූ ඩී.එම්.එස්. ධම්මික බණ්ඩාර මහතා වෙත අපරිමිත කරුණාවෙන් සුභාශිර්වාද පළ කරන්නෙමි.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
අපරාධ වූ කලී ඕනෑම සමාජයක පුද්ගල භේද, වයස් භේද, තරාතිරම, මායිම් නො කර ජාති, ආගම්, කුල ගොනු පරයා සිතා හෝ නොසිතා සිදුකරන හෝ සිදුවන සිද්ධියක් හෝ සිද්ධි දාමයකි. අපරාධයක් සිදු කිරීමට පෙර සෑම පුද්ගලයෙක්ම නිරපරාධී පුද්ගලයෙකි.
ඇති හැකිකම් සැණින් නිම වී නැති බැරි කම දිනපතා නිවසට තට්ටු කරද්දී හිරිමල් වියට පා තැබූ දරුවන් අකුරට තිත තබා ජීවන අරගලයේ නියැළෙනුයේ ඒ පිළිබඳ අල්පමාත්රයක හෝ දැනුමක් ලබා නොවේ. වීදි බසින දරුවා දිනකින් දෙකකින් ගැහැනියක, වෙශ්‍යාවක, කම්කරුවකු, මෙහෙකරුවකු වන්නේ පාලකයන්ගේ සාධාරණ තීන්දුව හමුවේ නොවේද? නූගත්කම එක ම සහතිකය වූ මේ දරුවනට අත් වන ඉරණම තවත් අපරාධ රැසකට ම විවර නො කරන්නේ ද? එබැවින් නීතිය හා දණ්ඩනය එකම විසඳුම කරගත් පාලකයන් සාධාරණයක් ඉටුකර තිබේ ද යන්න පිළිබඳ විනිශ්චය ඔබ සතු ය. අපරාධ සමීක්ෂා ශාස්ත්‍රීය ග්‍රන්ථය මඟින් එවැනි අපරාධ පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා තිබීම අපරාධවලින් වැළකී සිටීමට මඟපෙන්වයි. එම ග්‍රන්ථය උසස් අධ්‍යාපනය සඳහා ඉතා වටිනා බව ද සඳහන් කරමි. ධම්මික බණ්ඩාර මහතාට ස්තුති පූර්වක සුභාශීර්වාද පළ කරන්නෙමි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සංජය හුලත්දූව, විශේෂඥ අධිකරණ වෛද්‍ය අධිකරණ වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය, වෛද්‍ය විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
#AparadhaSameeksha #DMSDhammikaBandara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.