මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කෘති එකතුවක්
අපේ පරිසරය සහ සත්ව ලෝකය 1 + අපේ පරිසරය සහ සත්ව ලෝකය 2 + වෙස් මාරුකරන සත්තු + ක්ෂීරපායී සත්තු + මුහුදු සත්තු + වායු සාගරයේ යාත්‍රා + කුරුමිණි සත්තු + උරගයෝ මණ්ඩුකයෝ සහ කොඳුඇට නැති සත්තු + කුරුකුහුඹු සත්තු + සත්ව ලෝකය
සාමාන්‍ය මිල – රු. 1750/=
අපේ මිල – රු. 1665/=
අපේ පරිසරය සහ සත්ව ලෝකය ප්‍රථම භාගය
Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publisher
First Edition 2015
ISBN 978-955-695-019-9
261 Pages
අප්‍රාණික ද්‍රව්‍යයන්ගෙන් පණුවෝ ආදී කුඩා සත්වයින් හා කුඩා පැළෑටි හටගනිත් යන්න, ඉතා පුරාණයේ පටන් පැවත එන මතයකි. ද්‍රව්‍යන් කුණු වීමෙන් පණුවන් සෑදෙනවා යයිද, ඇතැම් ගෙඩි වර්ග ඇතුළත කෝඳුරුවෝ ආදී කුඩා සත්වයෝ සෑදෙනවා යයිද, රෙදි කැබලි වලින් මීයෝ හට ගන්නවා යයිද, අප රට උගතෙක් ක්‍රිස්තියානිකාරයකු සමඟ කරන ලද විවාදයකදී, මැවීම අසත්‍ය බැව් ඔප්පු කිරීමට කියාපාන ලදී. ක්‍රිස්තියානි පක්ෂයෙන් පෙනී සිටි අයකු, අප්‍රාණික ද්‍රව්‍යයන්ගෙන් සත්වයෝ හටගනිත් යන්න සත්‍යයක් යයි සිතාගෙන, එය දෙවියන්වහන්සේ විසින් පිළියෙළ කරන ලද අන්දමක් යයි උත්තර දෙන ලදී. අප්‍රාණික ද්‍රව්‍යයන්ගෙන් ක්ෂුද්‍ර ප්‍රාණීහූ (වෘක්ෂලතා ඇතුළුව) හටගනිත් යන්න, බොහෝදෙනා ප්‍රත්‍යක්ෂ සත්‍යයක් මෙන් සලකන බව මෙයින් ඔප්පු වේ.
#ApeparisarayaHasathwaLokaya1 #Martinwickramasinghe #sinhalapoth
අපේ පරිසරය සහ සත්ව ලෝකය ද්විතීය භාගය
Author: මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publisher
First Edition : 2015
ISBN 978-955-965-020-5
444 Pages
කුහුඹුවා ( නුවණ නැති පුදුම සතෙක් ) අපි කවුරුත් කුහුඹුවා හඳුනමු. උගේ පුදුම කථාව යම්තම්වත් දන්නා අය අප අතර බොහොම හිඟය. අගේ ගති පැවැතුම් පරීක්ෂා කළ ශාස්ත්‍රඥයෝ මවිත වූහ. කුහුඹුවෝ මිනිසුන් මෙන්, සමාගම් වී වාසය කරති. වාසයට ගෙවල් සාදාගනිති. ගෙවල් කාමරවලට බෙදාගනිති.
#ApeParisarayaHaSathwaLokaya2 #MartinWickramasinghe #SinhalaPoth
වෙස් මාරුකරන සත්තු
Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publishers
Fourteenth Batch 2017
ISBN 978-955-0201-61-7
24 Pages
අප ඇසුරේ ජීවත්වන කුඩා සතුන්ගේ ස්වභාවික ගති පැවතුම් සහ ඔවුන්ගේ ජීවන රටාව විදයානුකූලව සහ රසවත් ලෙසින් හඳුන්වා දෙන විද්‍යා කථා පොත් පෙළේ තෙවැන්න මෙයයි.
මෙහි ඇතුළත් සිත් අදනා විද්‍යාත්මක තොරතුරු ළමා ළපටින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද නැණ නුවණ වඩනු නිසැක ය.
#WesMarukaranaSaththu #MartinWickramasinghe #SinhalaPoth
ක්ෂීරපායි සත්තු
Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publishers
First Edition 2019
ISBN 978-955-695-045-8
52 Pages
මාර්ටින් වික්‍රමසිංහ මහතා 1931 වර්ෂයේ දි ලියා පළ කළ ග්‍රාමීය විද්‍යා ප්‍රවේශනය වූ කලී ජීව විද්‍යාව අරභයා සිංහල බසින් රචනා කරන ලද මුල්ම ග්‍රන්ථය යයි සිතිය හැකිය. එහි එන සියලුම රචනා නූතන යුගයේ විද්‍යාත්මක දැනුම සමග සසැඳෙන බව ජීව විද්‍යාඥයින් පවසා ඇත.
එම ග්‍රන්ථයෙහි සත්ව ජීවිතය පිළිබඳව රචනා කොට ඇති නිබන්ධ වර්තමාන සිසු පරපුරේ අධ්‍යයන පහසුව උදෙසා වෙන වෙනම පළ කිරිමේ ව්‍යාපෘතිය යටතේ “ වායු සාගරයෙි යාත්‍රා ” සහ “ උරගයෝ මණ්ඩුකයෝ හා කොඳු ඇට නැති සත්තු ” වශයෙන් කුඩා පොත් ලෙස පළ කොට තිබේ.
ග්‍රාමීය විද්‍යා ප්‍රවේශනයෙහි විවරණය වන සස්තන ගණයේ හෙවත් ක්ෂීරපායී සත්වයන් පිළිබඳ පරිච්ඡේද පහ මෙම පොතට ඇතුළත් කරන ලද්දේ ගුරු සිසු දෙපරිසටම ප්‍රයෝජනවත් වන පරිදිය.
උගැන්මේ ආශාවෙන් පමනක් නොව විනෝදය පිණිසද බාල කාලයෙහි සිට ජීව විද්‍යාව පිළිබඳ පොත් කියවන්ට පුරුදු වූ නිසා සෙසු අයට ඒ ආස්වාදය ලබා දීම සඳහා මෙම රචනා ලියූ බව වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
#SheerapaiSaththu #MartinWickramasinghe #SinhalaPoth
මුහුදු සත්තු
Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publishers
Eleventh Batch 2021
ISBN 978-955-0201-68-6
39 Pages
මුහුදු වෙරලාසන්නයේ ජීවත්වන මුහුදු ජීවීන් සය දෙනෙකුගේ හැඩ හුරුකම් හා ජීවන රටාව මෙහි විස්තර වන්නේ කුහුල දනවන අයුරිනි. එය වූ කලී කුඩා දරුවන් හා එක්ව මුහුදු වෙරළේ කෙරෙන ගවේශන අධ්‍යයන චාරිකාවක් වැන්න.
#MuhuduSaththu #MartinWickramasinghe #SinhalaPoth
වායු සාගරයේ යාත්‍රා
Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publishers
Secound Batch 2017
ISBN 978-955-695-025-0
49 Pages
අප නිතර හඳුනාගත් කුරුල්ලන්ගේ ජීව විද්‍යාත්මක තොරතුරු හා හැසිරීම් සිත් ගන්නා තොරතුරු රැසක් මේ පොතේ විවරණය වෙයි. වර්තමානයේ පවා ජීව විද්‍යාඥයින් කුහුලක් දක්වන ගැමි පරිසරය හා එහි වෙසෙන ජීවින්ගේ තතු ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කරමින් මාර්ටින් වික්‍රමසිංහ රචනා කර ඇති මෙම පොත පක්ෂීන් පිළිබඳව හදාරන ගුරු – සිසු දෙපිරිසටම මෙන්ම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පොදු පාඨක ජනකායට ද එකසේ වැදගත් වෙයි.
#WayusagarayeYathra #MartinWickramasinghe #Sinhalapoth
කුරුකුහුඹු සත්තු
Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publishers
Thirteenth Batch 2019
ISBN 978-955-0201-59-4
23 Pages
අපගේ ගෙදර දොර ආශ්‍රිත පරිසරයේ නිතර දකින්නට ලැබෙන කෘමි සතුන් හය දෙනෙකු පිළිබඳ ශාස්ත්‍රිය කරුනු අනාවරණය කරන මෙම කුඩා පොත පළමු වරට පළ කරන ලද්දේ 1934 වසරේදී ය.
එවක අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විසින් ද පාසල් කියවීම් පොතක් ලෙස අනුමත කරන ලද මෙම පොත දරුවන්ගේ නුවණ වඩන, සිත් අලවන භාෂා රීතියකින් යුතුව රචනා කොට ඇත. කුහුඹුවා, බිංකුංඩා, ඇවිදින කොළයා, තණ ගිරවා, යාතිකා ගිරවා සහ ලෑටි යන කෘමීන් පිළිබඳ අප නොදන්නා තොරතුරු රැසක් මෙම පොතට ඇතුළත් වෙයි.
#KurukuhumbuSaththu #MartinWickramasinghe #Sinhalapoth
කුරුමිණි සත්තු
Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publishers
Thirteenth Batch 2019
ISBN 978-955-0201-60-0
32 Pages
මිදුල්වලත් ගෙවල්වලත් දකින්නට ලැබෙන රෑ බදුල්ලා, කුරුමිණියා, කුඹල් මැස්සා, මකුළුවා, කැරපොත්තා සහ ගස් කුරුමිණියා යන කුඩා සතුන්ගේ ස්වභාව,ගති, පැවතුමු, ආහාර සහ පැටවුන් ගැන තොරතුරු මෙම පොතට ඇතුළත් වේ.
“…. ඇවිදින පහනක් වැනි රෑබදුල්ලා කුඩා ළමුන්ට ඉතා පුදුම සතෙකි. ඌ අල්ලා බැලීමට කුඩා ළමයි ආශා වෙති. ළමයින්ගේ සිත් ඇදී යාමට හේතුව උගේ පිටිපස දැල්වෙන කුඩා පහන ය. උගේ පුදුම ජීවිත කථාව ඇසුව හොත් වැඩිහිටියන්ගේ සිත් වූවත් ඌ කෙරෙහි ඇදෙන්නේ ය. ඌ අල්ලා ගෙන බලන්නට සිතෙයි.”
#KuruminiSaththu #MartinWickramasinghe #SinhalaPoth
උරගයෝ මණ්ඩුකයෝ සහ කොඳුඇට නැති සත්තු
Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publishers
Second Batch 2017
ISBN 978-955-695-026-7
55 Pages
උරගයින්, මණ්ඩුක ප්‍රාණීන්, කොඳු ඇට නැති සත්තු හා කෘමීන් පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ නිබන්ධන කිහිපයක් මේ පොතට ඇතුළත්ය. පරිසරය නිරීක්ෂණයෙන් එම සතුන් අරභයා වික්‍රමසිංහයන් ඉදිරිපත් කළ තොරතුරු නූතන සත්ව විද්‍යාඥයින්ගේ විවරණහා අපූරුවට සැසඳෙයි. සත්ව විද්‍යාව උගන්වන හදාරන ගුරු සිසු දෙපිරිසේම දැනුම වැඩුමට මේ පොත ඉවහල් වනු ඇත.
#UragayoMandukayoSahaKoduAtaNethiSaththu #MartinWickramasinghe #
සත්ව ලෝකය
Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publishers
Sixth Batch 2019
ISBN 978-955-0201-21-1
47 Pages
අසිරිමත් සත්ව ලෝකයේ වෙසෙන ඇතැම් සතුන්ගේ වර්ණය හා ඇතැම් අංග ප්‍රත්‍යංගවලින් ඔවුන්ට මෙන්ම මිනිසුන්ට ද ලැබෙන ප්‍රයෝජන ගැනත් මෙහි සඳහන් වෙයි. විද්‍යා විනෝද කථා පොත් පංතියට අයත් මේ පොත ද ළමුන් මෙන්ම ගුරුවරුන් ද සමාදරයෙන් පිළිගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
#SathwaLokaya #MartinWickramasinghe #SinhalaPoth
Reviews
There are no reviews yet.