Author – මනෝහරි ජයලත්
Publisher – Bookrack Publishers
First Edition 2021
ISBN 978-624-5663-30-9
178 Pages
මනෝහරී ජයලත්..
ඇය නම් ඇත්තටම අති සූර කතාකාරයකි. ඇගේ කතා තුළ හමුවෙන අපූරු චරිත, අපූරු සිදුවීම් හරහා ප්‍රීතිය උපද්දවන මැවුම්කාරියකි. විටෙක රිදුමක්, පරාජයක්, ලජ්ජාවක් වූ සමහර සිදුවීම් දෙස පවා නැවත හැරී බලා, ඒ තුළින් අපමණ ප්රහර්ෂයක් ජනිත කරවීමට ඇයට ඇති හැකියාව විස්මයජනක ප්රතිභාවකි. .. ඇත්තෙන්ම ඇගේ කතා නම් ඇබ්බැහි වෙන සුලුය.
“සොබාදහම අපිට හිනා වෙන්න කොයිතරම් දේවල් දීල තියනවද. ඇත්තටම හැමදේම හිනාවක් තමා. උදේට දිලිහි දිලිහි හරි ගැම්මෙන් පායලා එන ඉර හවස් වෙනකොට රතුවෙලා ඇතිවෙලා හඳට ඊරිසියාකං කර කර මූණත් චප්පකරන් යන හැටි..! හිනායන්නැද්ද..? අපිත් ඔහොමනේ. අපිට නම් ඉරිදාවත් නිවාඩු. උන්දැට එහෙමවත් නෑනේ..”අන්න එහෙමයි ඇය කියන්නේ…
‘පැණි ලුණු දෙහි කතා (Litmus Stories ) ජීවිතයේ අමතකව ගිය සමහර අහුමුලු දෙස නැවත ආදරයෙන් බලන්නට අපව පොළඹවන, ඒ හරහා ජීවිතය සැහැල්ලුවෙන් විඳින්නට ඇරයුම් කරන, සොම්නසින් සහ ප්‍රීතියෙන් රසගැන්වූ කතා පොකුරකි.!
මහාචාර්ය සමුද්‍රා ජයලත් ජයසේකර
#PaniLunuDehi #PeniLunuDahi #ManohariJayalath #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.