Sale!
, , , , , , ,

දෙවියෝ සහ භූතයෝ + වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය +අධිරාජ්‍යය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම + ලක්දිව සංග්‍රාම ඉතිහාසය

රු2,114.00

  • දෙවියෝ සහ භූතයෝ + වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය +අධිරාජ්‍යය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම + ලක්දිව සංග්‍රාම ඉතිහාසය
  • සාමාන්‍ය මිල – රු.2225 /=
  • අපේ මිල – රු. 2114 /=

Out of stock

දෙවියෝ සහ භූතයෝ + වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය +අධිරාජ්‍යය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම + ලක්දිව සංග්‍රාම ඉතිහාසය

දෙවියෝ සහ භූතයෝ + වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය +අධිරාජ්‍යය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම + ලක්දිව සංග්‍රාම ඉතිහාසය

 

සාමාන්‍ය මිල – රු.2225 /=

අපේ මිල – රු. 2114 /=

 

දෙවියෝ සහ භූතයෝ

Author : ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවූර්

Publisher : JK Law Books Publishers

Thurd Batch 2021

ISBN 978-955-0942-29-9

272 Pages

ලෝකයේ නූතන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව සිය නිම් වළලු කොතරම් දුරට පුළුල් කර ගැනීමට සමත් වූවත්  මානව සංහතියේ පැවැත්ම තවමත්  කේන්ද්‍රගතව  පවත්නා සාම්ප්‍රදායික ම්ත්‍යා දෘෂ්ඨි සංස්කෘතියෙන් ඔවුන් ගලවා ගැනීම එතරම් පහසු කාර්්‍යයක්  වී නොමැත. 

මෙවන් පසුබිමකදී රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගත් මිථ්‍යා මතවාදී  රැල්ල මානව  සමාජයේ ප්‍රගමනයට  බාධාවක් පැවති  කාලවකවානුවේදී සමාජය වෙලාගත්මිත්‍යා විශ්වාස බිඳ දමා  මානව චින්තනය නව ප්‍රවේශයකට යොමු කිරීමට  පුරෝගාමී මෙහෙයකට මුලපිරෑ ආචාරෟ්‍ය ඒබ්‍රහම් ටී.කොවූර්  අපට කියාදුන් හේතුවාදී  දර්ශනය තුළින්  විශ්වය හා එහි  අන්තර්ගත සියල්ල  පිළිබඳ  යතාර්තය,ඇති සැටිය ,සත්‍යය අඩංගු  සුපිරිසිදු ඥානය හුදෙක් මානව බුද්ධිය  මත පදනම් වූ  විද්‍යාත්මක ක්‍රමය භාවිතකොට මිනිසා ලබා ගන්නා  දැනුම් සම්භාරය  පමණක් බව වර්ථමාන සමාජය දැන්  අත්දැකීමෙන් අවබොෟධ  කරගෙන සිටින  බව නොරහසකි. ශ්‍රී ලාංකේය සමාජයට සමාජයට හෙතෙම තිළිණ කළ මාහැඟී ග්‍රන්ත දෙකකි.ඉන් ඒකක් “මා කළ ගවේෂණ” කෘතිය වන අතර  අනෙක් ග්‍රන්තය  “දෙවියෝ සහ භූතයෝ කෘතියයි

ආචාර්ය ඒබ්‍රහම් ටී කොවූර් හේතුවාදී සාහිත්‍යයට තිළිණ කළ මෙම කෘති  යළි මුද්‍රනයට පිවිසීමකාලෝචිත පුයත්නයක් වන අතර  මීට පෙර  “මා කළ ගවේෂණ” කෘතිය  පසුගියදා එළිදැක්ව්ණු අතර “දෙවියෝ සහ භූතයෝ” නමැති මෙම කෘතිය එම ප්‍රවාහයේ දෙවන කෘතියයි.

#DeviyoSahaBoothayo #EbrahamTKowur #SinhalaPoth #

 

වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය

Author : අභය හේවාවසම් 

Cancer, Cocaine & Courage (by Arthur J. Backhard & Wilium D. Crean) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Sooriya  Publishe

Nineth Batch  2014

ISBN 978-955-8892-25-4

208 Pages

ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වූ විලියම් ස්ටූවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වූයේ සැත්කම්වලට බඳුන් වන මිනිසුන් සැත්කමේ දී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය. ඒ සඳහා ඔහුට අවසානයේ දී සිය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වූ නමුත් සියලු බලවේගයක් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයකු බවට පත් වීමට ඔහුට හැකි විය. 

නොපසුබස්නා වීර්යය හා නොසැලෙන අධිෂ්ඨානය මත සිය ජීවිතය ගොඩනැඟු වෛද්‍ය විලියම් හල්ස්ටඩ් මානව වර්ගයා වෙනුවෙන් ඉටු කළ අද්වීතීය මෙහෙවර අදත් නොමැකී පවතින්නේ, ඔහු තුළ වූ කැපවීමේ උසස් බව නිසාය. වෛද්‍ය වෘත්තියේ සාරධර්ම මුදලට විකිණී වෛද්‍යවරුන්ගේ හදවත් විද්‍යුත් මෙවලම් බවට පත් වී ඇති අද වැනි යුගයකට වෛද්‍ය විල්ගේ චරිතය අකුණු සැරයක් බඳු යැයි සිතේ. දැනුම සොයා යාමේ දීත්, එය අත්හදා බැලීමේ දීත්, ලෝකයාගේ ගරු සම්මානයට බඳුන් වෙද්දිත් එකසේ නිහතමානීව, නිවහල්ව, අදීනව, අකුටිලව සිය සේවාව ඉටු කළ මානවහිතවාදියෙකු ගේ ජීවිත කතාව සිංහල පාඨකයන් වෙත තිළිණ කිරීම පිළිබඳව අභය හේවාවසම් මහතාණන්හට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය. 

 

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා                                                                                                                    ලේඛකාධිකාරි, ආයුරුවේද වෛද්‍ය සභාව.

#DrWillgeWismithaLokaya #AbayaHewawasam #Sinhalapoth #SinhalaPariwarthana

 

ලක්දිව සංග්‍රාම ඉතිහාසය

Author : මේජර් සරත් ජයවර්ධන 

Publisher : Anura Publisher

First Edition 2020

ISBN 978-624-96922-06

360 Pages

ක්‍රි.පූ. 6 වන සියවසේදී විජය රජු ඇතුළු පිරිසගේ සංක්‍රමණයත් සමග ඇති වූ අරගලයන්හි සිට 2009 වර්ෂයේ දි අවසන් වන එල්ටිටිඊ ත්‍රස්තවාදින්ගෙන් මාතෘ භූමිය නිදහස් කර ගැනීම දක්වා විවිධාකාරයේ සටන් ඇති වී තිබේ. ශ්‍රී ලංකාවේ සටන් ඉතිහාසය පිළිබඳව ඇති විවිධ මූලාශ්‍රයන් අධ්‍යයනය කරමින් හා පර්යේෂණයන් සිදු කරමින් ඵෙතිහාසික යුගයේ සිට නූතන යුගය දක්වා රටේ ආරක්ෂාව වෙනුවෙන් භාවිත කළ යුධ උපක්‍රම, අවි ආයුධ හා දේශීය සටන් ක්‍රමවේදයන් පිළිබඳව මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි විවරණයක් ලබා දී ඇත.

‘ ලක්දිව සංග්‍රාම ඉතිහාසය ’ රචනා කිරීමේදි මේජර් සරත් ජයවර්ධන සිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළින් ලද දැනුමද, වසර 21 කට අධික යුද්ධ හමුදා සේවා කාලය තුළින් ලද අත්දැකීම් හා පන්නරය මෙන්ම පුරාවිද්‍යාත්මක වශයෙන් ක්ෂේත්‍ර රාජකාරින් සඳහා සහභාගිවීමෙන් ලද පළපුරුද්ද භාවිත කර ඇති බව මනාව පැහැදිළි වේ. 

තවද ඔහු යුද්ධ හමුදා නිලධාරියෙකු වශයෙන් රට රැකීමට පමණක් සිමා නොවී ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික උරුමයන් පිළිබඳව අනාගත පරපුර දැනුවත් කිරීමට ගන්නා උත්සහය අගය කරන අතර, මේ ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණවල යෙදෙන ශිෂ්‍යයින්ටත්, පාසැල් සිසුන්ටත්, ආරක්ෂක අංශ සාමාජිකයින්ටත් මෙම ග්‍රන්ථය බොහෝ සේ ප්‍රයෝජනවත් වනු ඇතැයි මාගේ විශ්වාසයයි.

ශවේන්ද්‍ර සිල්වා WWV RWP RSP VSV USP ndc psc                                                                                   ලුතිනන් ජෙනරාල්                                                                                                                                   ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති

#LakdiwaSangramaIthihasaya #MejorSarathJayawardhane #SinhalaPoth 

 

අධිරාජ්‍ය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම

Author : පියසිරි මාතරගේ 

Publisher : Sarasavi Publisher

First Edition 2006

ISBN 978-955-31-1292-7

280 Pages

මෙම ග්‍රන්ථයට වස්තු විෂය වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරවරුන්ගේ සංචාර තුනක් හා රුසියාවේ ඔටුන්න හිමි කුමාරයෙකුගේ සංචාරයකි. එහෙත් මෙය ඒ සංචාරයන්ගේ තොරතුරු පමණක් ගෙන හැර පෑමට සීමා වී නැත. ඉතා දුර්ලභ ඵෙතිහාසික කරුණු පවා මෙහි ඇතුළත්ය. 1917 රුසියන් විප්ලවයෙන් පසුව ඝාතනය වූ සාර් රජු  වූ 2 වැනි නිකුලස් රජු 1891 දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම වැනි බොහෝ දෙනා නොදන්නා කරුණු මෙහි ඇතුළත්වීම උදාහරණයකි. 

1870 – 1891 කාලයේ සිංහල පුවත්පත්හි පළ වූ වාර්තා, ලිපි හා කතුවැකි ආදියෙන් අවශ්‍ය කොටස් මනා ලෙස තෝරා ගොනු කරන කතුවරයා, කතාන්තරයක් කියන්නා සේ තම කෘතිය ඉදිරිපත් කරයි.

මේ පැරණි පුවත්පත්වල භාෂා ශෛලිය නිසා උපදින හාස්‍යය මෙන්ම, උපහාසය, කෝපය, කුතුහලය වැනි විවිධ හැඟීම් ද අඩංගු නිසා ආස්වාදයක් ද ලබමින් මෙය කියැවිය හැකිය. පරම්පරා තුනකට පෙර සිටි මුතුන් මිත්තන් විසූ සමාජය වෙත පාඨකයා කැඳවාගෙන යෑමට මේ කෘතිය සමත් වී ඇත.

ඉතිහාසය හා ජන සන්නිවේදනය හදාරන සිසුන්ට ද, පර්යේෂකයන්ට ද ඉතා ප්‍රයෝජනවත් මෙම කාතිය සාමාන්‍ය පාඨකයන්ට ද ආශාවෙන් කියැවිය හැකි වනු ඇත. 

ඒ.එස්. බාලසූරිය  

#AdirajyaKumarawarungeLankawaNamWuKelibima #PiyasiriMatharage #Sinhalapoth 

  

 

Weight 1.307 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දෙවියෝ සහ භූතයෝ + වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය +අධිරාජ්‍යය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම + ලක්දිව සංග්‍රාම ඉතිහාසය”

Your email address will not be published. Required fields are marked *