Sale!

ගෝඨාභය

රු900.00

  • Author : මේජර් ජෙනරාල් කමල් ගුණරත්න 
  • Publisher : Wijitha Yapa Publisher 
  • First Edition 2019     
  • ISBN 978-955-665-417-2
  • 356 Pages

Out of stock

Author : මේජර් ජෙනරාල් කමල් ගුණරත්න 

Publisher : Wijitha Yapa Publisher 

First Edition 2019     

ISBN 978-955-665-417-2

356 Pages

දිවයිනේ දේශපාලනයට සම්බන්ධ සුප්‍රසිද්ධ රාජපක්ෂ පවුලෙන් පැවත එන ගෝඨාභය රාජපක්ෂ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප් සතර හදාරා ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳී එහි වසර විස්සක් පුරාවට කීර්තිමත් යුග මෙහෙවරක යෙදී ඉන් පසු ඇමරිකාවේ නිත්‍ය පදිංචියට ගියේය.

2005 වසර අග භාගයේදී ඔහුගේ දෙටු සොහොයුරු මහින්ද රාජපක්ෂ ශ්‍රී ලකොවේ පස්වන විධායක ජනාධිපති ලෙස පත් වීමෙන් සමගම ආරක්ෂක ලේඛම් ලෙස පත් කරනු ලැබූ තිස් වසරක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමා කරලීමට උපාය මාර්ගික සහ පරිපාලනමය නායකත්වය ලබා දුන්නේය. 

යුද්ධය අවසන් වීමෙන් පසුව සිය තනතුරට අමතරව නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේඛම්වරයා ලෙසද පත්වුනු ගෝඨාභය කොළඹ නගරය ආසියාවේ ආශ්චර්යතම නගරය බවට පත් කලේ සිය හැකියාව සහ වැඩ කිරීමේ ශෛලිය ආදර්ශමත් අයුරින් ශ්‍රී ලාංකිකයින්ට පෙන්වා දෙමිනි.

දිවයිනේ නන් දෙසින් එන වියතුන් විද්වතුන් සහ වෘත්තිකයින් ඒකරාශී කරමින් ඔහු විසින් ගොඩනගන ලද             “ වියත්මග ” සංවිධානය, එම අයවලූන්ගේ සේවය වඩාත් ගුණාත්මක අයුරින් රටේ දියුණුවට සහ යහපතට ලබාදීමට කටයුතු කරමින් ඇත.

“ ගෝඨාභය ” කෘතිය ගෝඨාභය නම් වූ එම අපූර්ව මිනිසා ආ ගමන් මග ජනතාවගේ දැනගැනීම සඳහා මුදා හැරෙන සවිස්තරාත්මක දිග හැරුමකි. 

#Gotabaya #MejorGeneralKamalGunarathne #SinhalaPoth #Charithapadana

Weight 0.647 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගෝඨාභය”

Your email address will not be published. Required fields are marked *