Author : කේෂාන් හරේෂු
Publisher : Grantha Publishers
First Edition 2021
ISBN 978-624-5572-01-4
344 Pages
ඒය දැන් ඇසෙන්නේ තමන්ට පිටුපසින් ඉතාමත් ආසන්නයේය. බස් රථයේ වූ කහ පැහැ විදුලි බුබුළුනිවී ගියේ ය. අනුදැනුමින් තොරවම ඹහුගේ උදරයේ මාංශ පේශි හැකිළෙන්නට විය. හදවත කඩාගෙන එළියට පනින්නට තරම් වේගයෙන් ගැහෙන්නට විය. ඔහුගේ ආශ්වාස ප්රාශ්වාස කිරීම් වේගයෙන් සිදු විය .පෙණහළු සංකෝචනය වන හා ඉහිල් වන විට ඇති වන පීඩනය ප්රබලව ප්රථම වතාවට ඔහුට දැනෙන්නට විය.
ඔහු වහාම පිටුපසට හැරී තම අතේ තිබූ ජංගම දුරකථනයේ ආලෝකයෙන් බස් රථයේ පිටුපස පරීක්ෂා කළේය.නමුත් එහි කිසිවෙකු හෝ කිසිවක් නොවීය.ගීතයේ හඬ නතර වී තිබුණි . නමුත් ඔහු පිටුපස අසුනේ යම්කිසි කුඩා චලනයක් දුටුවේය. එමනිසා ඔහු පියවරක් ඉදිරියට තැබුවේය.නැවත තවත් පියවරක් ඉදිරියට තැබුවේය.
කිසිවක් නැත….
ඔහු මදක් ඒ දෙසට නැවුණේය. දුරකතනයේ ආලෝකය ආසනවලින් පහළට එල්ල කළේය. කුමක් හෝ සුදු පැහැති ඡායාවක් එකවරම ආසනය මතට ගමන් කරනවා වැනි දර්ශනයක් දුටු ඔහු කලබලයට මෙන්ම බියට පත්ව වහාම නැගිට්ටේය . එම ආසනය දෙසට ආලෝකය නිකුත් කරමින් වේගයෙන් ඒ වෙත ළං වූ ඔහු පසුපසම ආසනයේ වම දකුණ දෙදිශාවටම ආලෝක ධාරා නිකුත් කරමින් වටපිටාව හොඳින් නිරීක්ෂණය කළේය…
නමුත් කිසිම දෙයක් එහි නැත.
#Glasera #KeshanHareshu #sinhalaPoth #SinhalaNawakatha
Reviews
There are no reviews yet.