Author : ලක්ෂ්මන් දේවසේන
Man Eaters Of Kumaon (by Jim Corbett)කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Sooriya Publishers
New Batch 2021
ISBN 978-955-656-179-1
239 Pages
ස්වාභාවික ලෝකයෙහි සමතාවය පවත්වාගෙන යාමට උපකාර වීම ව්‍යාඝ්‍රයාගේ කාර්යය වේ. සාගින්න නිවාගැනීමට ගොදුරු නොමරා බැරි නිසා කිසියම් ව්‍යාඝ්‍රයෙකු ඉඳහිට මිනිසෙකු මැරුවත්, ව්‍යාඝ්‍රයන් විසින් මරා කන ලදැ’යි කියන වග සංඛ්‍යාවෙන් සියේට දෙකක් පමණ ගවයන් ව්‍යාඝ්‍රයන් විසින් ම මරන ලද බව ඇත්ත වුවත් ,මුළු ව්‍යාඝ්‍ර සංහතිය ලේ පිපාසිත කුරිරු සතුනැ’යි හංවඩු ගැසීම යුක්ති සහගත නොවේ. ඇරත් ව්‍යාඝ්‍රයා ගවයන් මරන්නේ උගේ ස්වාභාවික ආහාරය මිනිසුන් විසින් නිර්දය ලෙස වඳකර දැමීමෙන් පසු ය.මගේ අදහස් හැම දෙනම පිළිගනීවි ය යන පුහු හැගීම මා තුළ නැතත්, සියලු දඩයම්කරුවන් එක හෙළා මා සමඟ වන කරුණක් ඇත්තේ ය. එනම්, ව්‍යාඝ්‍රයා හිත හොඳ එඩිතර මහත්මයෙක් බවය. උගේ පරපුර වඳවුණු කල ඉන්දියාව සතුන් අතින් වඩාත් දුප්පත් වනු නිසැකය. මහජනයා උගේ පැත්ත ගෙන ක්‍රියා නොකළොත් නිසැකයෙන් ම සිදුවන්නේ ව්‍යාඝ්‍රයන් වඳ වීමය .
#KumaonhiMniKanaWyagrayo #LakshmanDewasena #SinhalaPoth #SinhalaPariwarthana
Reviews
There are no reviews yet.