Author – රත්න ශ්‍රී විජේසිංහ
Publisher – Vapa University Press
First Edition 2022
ISBN 978-624-5785-07-0
444 Pages
කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ දශක හතරක සිට නිස්සරණාධ්‍යාංශයෙන් කාව්‍ය පෙරවදන් සම්පාදනය කරනුයේ, නව කවියේ අභිවෘද්ධිය අපේක්ෂාවෙනි. 1980 දශකයෙන් ආරම්භ වූ කාව්‍ය පෙරවදන් සත්කාරක සම්පාදනය මේ වන විට කෘතීන් 500 ද, ඉක්මවා ගොසිනි. නව කවි කිවිදියෝ කිවියර රත්න ශ්‍රී පෙරවදන් අත්පොත් කොට ගනිති. එය සිංහල නව කවියේ ප්‍රවණතාවක් ද වේ. ජන්දස් අලංකාර, කාව්යශිල්ප විධි කාව්යදෘෂ්ටිවාද හා භාෂාප්රයෝග පිළිබඳ සියුම් නිරීක්ෂණ හා ඇගයුම් සමීක්ෂණ කිවිවරයාණෝ ඉදිරිපත් කරති. එය නව කවියේ ප්රගමනයට මහත් බලපෑම් කරන දායාදයකි. ස්වාධීන කාව්‍ය විමර්ශකයෙකුගේ සුනීතික විග්‍රහයක් මෙකී පෙරවදන්හි ආත්මය වේ. එය අධ්‍යයනය කිරීම සිංහල නව කවියට පෙම්බඳින සහෘද රසික ජනයාට ලැබෙන වරදානයක් බඳු ය. තෝරාගත් කාව්‍ය පෙරවදන්වලින් මේ කෘතිය සම්පාදනය වූයේ, නව කවියේ ගමන්මඟ හඳුනා ගැනීම පිණිස ය.
#KaviyakataPeravadana #KawiyakataPerawadana #RathnaSriWijesinghe #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.