Author : සමරසිංහ ගුණසේකර
Why me – No 3 (by Ajahn Brahmavamso Thero) කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher: Sunera Publisher
First Edition 2011
ISBN : 978-955-0079-15-5
151 Pages
අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන කිහිපයක සිංහල පරිවර්තන ඇතුළත් ‘ නිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි ‘ නම් මෙම පොත් පෙළේ පළමුවන කෘතිය ද , ‘ කරදරකාරයන් මැද සතුටින් ජීවත් වන්නේ කෙසේ ද? හා තවත් දේශන ‘ නම් දෙවන කෘතිය ද මීට පෙර ප්‍රකාශයට පත් කළෙමු.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ තුන්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශන හතරෙහි සිංහල පරිවර්තන ද, මේ පොත අලුතෙන් ම කියවන පාඨකයන් සඳහා උන්වහන්සේ පිළිබඳ කෙටි සටහනක් ද අඩංගු වෙයි.
Why me ? ඇයි මට ම මෙහෙම වෙන්නෙ?
Buddhism and the bod බුද්ධාගම හා ශරීරය
How to be positive ? සුභවාදී වෙන්නේ කෙසේ ද?
No Fear බය වෙන්නේ කුමකට ද ?
#AiMatamaMehemaWenne #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.