Sale!
,

ආසිරි මුණසිංහ මහතාගේ පොත් ත්‍රිත්වය

Original price was: රු2,180.00.Current price is: රු2,071.00.

  • සික් + නිදහස් වහල්ලු + කොරෝනා කාලේ ආලේ
  • සාමාන්‍ය මිල – රු. 2,180/=
  • අපේ මිල       – රු. 1,962/=

Availability: 4 in stock

සික් + නිදහස් වහල්ලු + කොරෝනා කාලේ ආලේ

සාමාන්‍ය මිල – රු. 2,180/=

අපේ මිල       – රු. 2,071/=

 

සික්

Author – ආසිරි මුණසිංහ

Publisher – Samudra Publishers

Third Edition 2021

ISBN 978-955-680-826-1

448 Pages

“බටය රංජාගේ කටේය, තැටිය නීල්ගේ අතේය, බාලු තැටියට යටින් ලයිටරය දැල්වී ය. තවත් තත්පර කිහිපයකින් තැටිය මත වූ සුදු පැහැති ද්‍රව්‍ය ස්වල්පය ටිකෙන් ටික අඳුරු පැහැයට හැරෙන බවක් පෙනෙන්නට විය. ඉන් සමහරක් ඒවා කුඩා ඉස්ගෙඩියන් දිවයන්නාක් මෙන් ඊයම් කොළය මත ඔබමොබ ගමන් කරනු දුටු තිදෙනාගේම මුහුණුවල ඇදුණේ අපූරු සිනහවකි.

අම්මට සිරී ඔරිජිනල් බඩු.. කාලෙකින්..!

නීල් බාලු දෙස ස්තූතිපූර්වක බැල්මක් හෙළීය. මේ කිසිවක් වෙත තම අවධානය යොමු නොකළ රාජා තැටියෙන් ඉහළට නැඟි කුලුඳුල් ළා පැහැති දුම් වළාව තම මුවෙහි රඳවාගෙන සිටි බටයට හසුකරගැනීමට සමත් විය. එවැනි තවත් උගුරු තුනක පමණ ආස්වාදය විඳි හෙතෙම දීප්තිමත් දෑසින් යුතුව බටය නීල්ට දිගු කළේය.”

#Sick #Sik #AsiriMunasinghe #SinhalaPoth #OnlineBooks

 

නිදහස් වහල්ලු

Author – ආසිරි මුණසිංහ

Publisher – Samudra Book publications

First Edition 2019

ISBN 978-955-680-922-0

486 Pages

“පැට්රික් ඇමතිතුමා මෙසේ නිහඩව සිටීමේ රහස කුමක්ද? ජයවීරට වැටහෙන අයුරින් නම් දැන් ඔහු බෙල්ල මුලටම සිරවී ඇත. පැට්රික්ගේ රියදුරු ඊයේ පැවසූ ලෙසින් අගමැතිතුමා නැවත වරක් පැට්රික්ව කැඳවා ඇති බව දැනගන්නට ලැබුණි.

අගමැතිතුමා මේ පැට්රික්ට කතා කරන්නේ ඔහුගේ දේශපාලන ගමනේ අවසානය සනිටුහන් කරන්නට විය යුතුය. එනම් දේශපාලන ක්‍රීඩාවේ සදාකාලිකව සිදුවන ලෙසින් සියලුම කුණු බේරේ වැවට කියන්නාක් මෙන් ආණ්ඩුවේ සියලු වැරදි වලට අනාගත වග උත්තරකරු බවට පත්වීමට සිදුවනුයේ පැට්රික්ටය.

සමහර විට ඔහු සිරගත වීම පවා සිදුවන සිදු වනු ඇත. ඒ සඳහා ඕනෑවටත් වඩා සාක්ෂී තොග පිටින් අගමැතිතුමා සතුව පවතී…”

#NidahasWahallu #AsiriMunasinghe #SinhalaPoth #OnlineBooks

 

කොරෝනා කාලේ ආලේ

Author – ආසිරි මුණසිංහ

Publisher – Samudra Book publications

Second Edition 2020

ISBN 978-955-710-068-5

246 Pages

“ උඹ දන්නවානේ බං. සුද්දියෝ ලව් කරන්නේ ලංකාවෙ කෙල්ලො වගේ නෙවෙයි. ඒක තේරුම් ගන්න. සුද්දියෙකුට බොක්කෙන් ම ලව් කරලා බලන්නම ඔනේ. උන් හරි වෙනස් බං. රංජිත් තනිවම කතා කරන්නට විය.

“ මම ‘ලෙක්කෝ’ වලට අඩිය තිබ්බ දා පටන් මට හැම දෙයක්ම කරලා දුන්නෙ නතාලියා. ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

“ ඒ උනාට  බං නතාලියා කියන්නේ බැඳපු ගෑනියෙක්. ඒකිට මිනිහෙක් ඉන්නවා. ළමයෙක් ඉන්නවා. කොහොමද මං ඒකිව බැඳලා මෙහෙට එක්කං එන්නේ. නිකං පොඩ්ඩක් හිතල බලපන්. මම තාම එහේ සිටිසනුත් නෙමේ. ඉන්නෙත් එහාට මෙහාට පැන පැන. මේ මල ඉලව් වසංගතයක් අස්සේ මම කොහොමද හොරට කසාද සහතිකයක් හදලා ඒකිව ලංකාවට උස්සගෙන එන්නෙ. උඹම ටිකක් හිතලා බලපං”

#CoronaKaleAale #AsiriMunasinghe #SinhalaPoth #OnlineBooks

Weight 1.338 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආසිරි මුණසිංහ මහතාගේ පොත් ත්‍රිත්වය”

Your email address will not be published. Required fields are marked *