Sale!
, , , , , ,

ආනන්ද සෙල්ලහේවා මහතාගේ පොත් එකතුව

රු3,202.00

  • නාග මෙහෙයුම + මොස්කව් පෙරළිය + දේව හස්තය + නරියා + කොඳුරන සුළඟ
  • සාමාන්‍ය මිල – රු.3370 /=
  • අපේ මිල – රු.3202/=

Out of stock

නාග මෙහෙයුම + මොස්කව් පෙරළිය + දේව හස්තය + නරියා + කොඳුරන සුළඟ

සාමාන්‍ය මිල – රු.3370 /=

අපේ මිල – රු.3202 /=

 

නාග මෙහෙයුම 

Cobra ( by Frederick Forsyth )කෘතියේ සිංහල පරිවර්තනය 

Author : ආනන්ද සෙල්ලහේවා 

Publisher : Sooriya Publisher 

Fifth Batch 2018   

ISBN 978-955-656-240-8

344 Pages

ඇමරිකාවට හා යුරෝපයට මහත් ව්‍යසනයක් වූ කොකේන් ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා විහාල වියදමක් දරා ක්‍රියාත්මක කරන COBRA ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා නිලදාරීන් අනුගමනය කරන ද්විතීය උපක්‍රම මෙන්ම  කොකේන් ජාවරම් කරුවන් ඒවාට  ප්‍රතික්‍රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆෝසයිත් තම ගවේෂනාත්මක මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් තුළින් ඉතා මැනවින් විස්තර කරයි .

නූතන තාක්ෂණය මැනවින් යොදාගෙන ක්‍රියාත්මක කරණ COBRA ව්‍යාපෘතියට සම්බන්ධ නිලදාරීන්  තම ජීවිතය පරදුවට තබා ක්‍රියාත්මක වන අයුරු  හා මෙම ව්‍යාපෘතියේ  බලපෑම නිසා කොකේන් ජාවාරම් කරුවන් මුහුණදෙන සිදුවීම් ද ,මෙවැනි ජාවාරම් නිසා  අසීමිතව මුදල් ඉපැයීමේ තෘෂ්ණාවෙන් පෙළෙන මිනිසුන්ගේ  විකෘති ස්වභාවය  ද මෙම නවකතාවෙන් මැනවින් පැහැදිලි වෙයි.

සෑම විටම ඉතා තර්කානුකූල විග්‍රහන් ගෙන් යුත්  ෆෝසයිත්ගේ අනෙක් නවකතා මෙන්ම නාග මෙහෙයුම ද පාඨකයා මුල සිට අවසානය දක්වා  ඇඳ බැඳ තබා ගන්නා ආකාරයේ තොරතුරු හා ක්‍රියාදාම වලින් යුක්ත වෙයි.

#NagaMeheyuma #AnandaSellahewa #Sinhalaoth #SinhalaPariwarthana

 

මොස්කව් පෙරළිය

Author : ආනන්ද සෙල්ලහේවා 

Icon (by Frederick Forsyth) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Sooriya Publishers

Secound Batch 2020

ISBN 978-955-656-283-5

595 Pages

රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනප්‍රිය දේශපාලනඥයෙකුගේ රහස් ප්‍රතිපත්ති ප්‍රකාශනය අස්ථාන ගතවෙයි.

බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ලැබුණු එම නැති වු ලියවිල්ලෙන් රහස් රැසක් හෙළි වෙයි. ඒ වන විට ඉතා ජනප්‍රියව සිටි මෙම අපේක්ෂකයාගේ  ජයග්‍රහනය නිසැක බව සියල්ලන්ගේ මතය විය. ජනතාවට ව්‍යාජ චිත්‍රයක් මවා පා බලයට පත් වූ පසු වහල් කඳවුරු නැවත පිහිටුවීම, ඒක පක්ෂ රජයක් ඇති කිරීම , පැරණි සෝවියට් සංගමයට අයත් පසුව ස්වාධීන වූ රටවල ආක්‍රමනය කොට යළි ඈඳා ගැනීම, සුළු ජන වර්ග සමූල ඝාතනය ආදී වශයෙන් ඔහු සිදුකිරීමට බාපොරොත්තු වන දෑ පිළිබඳව සංවේදී තොරතුරු රැසක් එයින් හෙලිවෙයි.

රුසියාවට ඇතුළුයවන බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ඔත්තු සේවා නිලධාරීන් දෙදෙනෙකු විසින්. මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා ඉතිරිව තිබූ කෙටි කාලය තුළ ඔහුගේ ජනප්‍රියතාවය  හීන කිරීමට  යොදන සූක්ෂම උපක්‍රම මගින් මෙම ජනාධිපති  අපේක්ෂකයාගේ ජයග්‍රහනය වලකා ලීමට හැකිවේ ද? එහිදී ඔවුන්  මුහුණදෙන භයානක  සිදුවීම් අතරින් ඔවුනට ජීවිත ගලවාගෙන ආපසු ඒමට හැකිවේ ද?.

#MoscowPeraliya #AnandaSellahewa #SinhalaPoth #SinhalaPariwarthana

 

දේව හස්තය

Author: ආනන්ද සෙල්ලහේවා

The Fist of God (by Frederick Forsyth) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

First Edition 2018

ISBN 978-955-656-503-4

472 pages

සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළ පසු පළවා හැරීම සඳහා ඔහු සතු යුද බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නමින් හැඳින් වූ නොදුටු ඔත්තුකරුගේ සේවය ඊශ්‍රායලය හරහා ලබාගත් බ්‍රිතාන්‍ය-ඇමෙරිකා සංධානය ඔහු ලබාදුන් තොරතුරුවල නිවැරදි භාවය අනුව, ඔහු සදාම්ගේ රජයේ ඉහළ නිලධාරියකු බව සොයාගනිති. කුවේටයෙන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තමා සතු යුද බලය, බටහිර හමුදා පැරදවීමට ප්‍රමාණවත් නොවන බව දැන දැනම, ඒ ගැන නොසලකා දිගටම කුවේටයේ රැදී සිටිමින්, තමන් සතුව “දේව හස්තය” ඇති නිසා මෙවර බටහිරට පාඩමක් ඉගැන්වීමට ඉඩ ලැබෙන බව සදාම් තම සමීපතමයන්ට පවසා තිබූ බව දැනගත් පසු, මෙය නිසැකයෙන් ම විෂ වායු හෝ විෂ බීජ වලට වඩා භයානක අවියක් බව අනුමාන කරන  බ්‍රිතාන්‍ය-ඇමෙරිකා සංධානය එය තබා ඇති ස්ථානය සොයාගැනීමට හා එය විනාශ කිරීමට ගන්නා උත්සාහය මෙහි විස්තර කෙරේ. 

අහසට නොපෙනෙන සේ සඟවා ඇති, ලොවෙන් අඩක් පමණ වැනසිය හැකි යයි කියූ මෙම භයානක ගිනි අවිය සොයා විනාශ කිරීමට බටහිර හමුදාවට හැකි වූයේද?   

#DewaHasthaya #AnandaSellahewa # ParivarthanaNawakatha #SinhalaPoth

 

නරියා

Author : ආනන්ද සෙල්ලහේවා 

The Fox (by Frederick Forsyth) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-539-3

246 Pages

බොහෝ ආයුධ කරන්නේ ඔබ අණකරන දේය. බොහෝ ආයුධ ඔබට පාලනය කළ හැක. එහෙත් ලොවෙහි වඩාත්ම භයානක ආයුධය සුපුරුදු මිසයිලයක් හෝ රහස් සබ්මැරීනයක් හෝ කෘතිම බුද්ධිය සහිත පරිගණක වැඩසටහනක් හෝ නොවන්නේ නම් කුමක්ද ?

ඒ, ලෝකය පුරා ඇති නවීන ආරක්ෂ උපක්‍රම පැරදවිය හැකි. අති නවීන ආයුධවල පාලනය තම අතට ගෙන ඒවා මෙහෙය විය හැකි හා මගින් සුපිරි බලවතුනට විරුද්ධව ඒවා ක්‍රියාත්මක කළ හැකි තියුණු මනසක් ඇති දහඅට වියැති යෞවනයෙක් නම් ? 

ඔහුට කෙතරම් වටිනාකමක් තිබේද? එසේම ඔහු නැවැත්වීමට කළ හැක්කේ කුමක්ද? 

“ නරියා ” යනු “ සොයා අල්ලා ගනු ” නැතහොත් “ ආරක්ෂා වී රැකෙනු ” යන පදනම මත ලෝකය පුරා පවතින, කාලයට විරුද්ධව කෙරෙන තරඟයේ ත්‍රාසජනක සිදුවීම් දාමයකි. ඔහු ලෝක බල අරගලය තුලනය කිරීමට ලද මාහැඟි වස්තුවකි. කුමන දෙයක් සිදුවූවද ඔහු වැරදි දෑත්වලට හිමි නොවිය යුතුය. එසේ විය යුත්තේ, එකකට පසු ඔහු කරන අනෙක ගැන සිතා ගැනීමට හෝ නොහැකි හෙයිනි.

#Nariya #AnandaSellahewa #SinhalaPoth #SinhalaPariwarthana

 

කොඳුරන සුළඟ

Author : ආනන්ද සෙල්ලහේවා 

Whispering Wind  (by Frederick Forsyth) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Sooriya Publishers

First Edition 2020

ISBN 978-955-656-597-3

190 Pages

බැංකුවක්, තම කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සිය කාර්යක්ෂම සේවාව වෙනුවෙන් වසරකට වරක් පිරිනමන සම්මාන, ශාඛා කළමනාකාර රොගර් මර්ගට්‍රොයිඩ්ට හා තරුණ ජෝන් හිගින්ස්ට එම වසරේ හිමි විය. ඔවුනට හිමි වූයේ මුරුසියේ වෙරළාසන්න හෝටලයක සතියක නිවාඩුවකි. මේ නිවාඩුව ගතකිරීමට මර්ගට්‍රොයිඩ් මහත්මිය ද එක් වෙයි. වසර විස්සකට පෙර විවාහ වූ මර්ගට්‍රොයිඩ්ගේ බිරිඳ වූ එඩ්නා කිසිදු දෙයකින් සෑහීමකට පත් නොවන්නියකි. මර්ගට්‍රොයිඩ් වෙරළේ හිඳගෙන සිටින අතර එඩ්නා කළේ ඇය ගෙන ආ නවකතා පොත් කියවීමයි. ඔහු කළේ ඔහුගේ බිරිඳ කී දේ ය. එහෙත් අවසාන දිනයේ සිදුවන්නේ කුමක්ද ?

#KonduranaSulanga #AnandaSellahewa #SinhalaPoth #SinhalaPariwarthana

 

Weight 2.158 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආනන්ද සෙල්ලහේවා මහතාගේ පොත් එකතුව”

Your email address will not be published. Required fields are marked *