Author – දිලීප ජයකොඩි
Publisher – Fast Publishing
First Edition 2016
ISBN 978-955-677-582-2
150 Pages
1975 ජුලි වලදී කැතී හා විවාහ වූ ජෝර්ජ් ලූට්ස් 1975 දෙසැම්බර්වලදී ඩොලර් 80,000 කට ඇමිටිවිලාව මිලදී ගත්තේ එහි සිදුවූ මිනී මැරුම් පිළිබඳ කතාව දැන දැනමය. ඩැනියල්, ක්‍රිස්ටෝපර් හා මෙලිස්සා යන දරු දැරියන් තිදෙනාත් සමඟ 1975 දෙසැම්බර් 18 වැනිදා ඔවුන් සියලු දෙනාම එහි පදිංචියට එන්නේ හැරී නම් ලැබ්රඩෝර් වර්ගයේ බල්ලාද සමඟිනි.
ඔවුන් ඒ නිවසේ වාසය කළේ දින 28 ක් පමණි. එයට හේතු වූ කරුණු කාරණා සමඟ ඇති වූයේ මහත් ආන්දෝලනයකි. ඇමරිකන් අද්භූත සිද්ධි ඉතිහාසයේ ඇමිටිවිලාවට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයකි. සමහරෙක් මෙය සත්‍ය බව විශ්වාස කළ අතර සමහරකු පැවසූයේ මේ සියල්ල අතිශෝක්තියෙන් මැවූ නිර්මාණ බවයි. කෙසේ වුවත් එයින් පිටව ගිය පසු ජෝර්ජ් හා කැතී නොසෙල්වී පවසා සිටියේ ඔවුන්ට බොරු කීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත්, ඔවුන් සඳහන් කළ සියලු කරුණු සත්‍ය බවත්, නිව්යෝර්ක්වලට පැමිණි පසුද යම් බලවේගයක් තමන් අවට සැරිසරන්නාක් මෙන් දැනුණු අවස්ථා තිබූ බවත් ය.
#Amitivila #Amityville #DileepaJayakody #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.