Sale!

කවියට ලැබැඳි ඔබට

රු1,853.00

  • සක්වා ලිහිණි + මක්නිසාද යත් + හෙට ඉරක් පායයි + රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත + සියයක් මොමිජි පත් + හද බස සහ වෙනත් ලිපි
  • සාමාන්‍ය මිල – රු. 1950/=
  • අපේ මිල – රු. 1853/=

Out of stock

Category:

සක්වා ලිහිණි + මක්නිසාද යත් + හෙට ඉරක් පායයි + රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත + සියයක් මොමිජි පත් + හද බස සහ වෙනත් ලිපි

සාමාන්‍ය මිල – රු. 1950/=

අපේ මිල – රු. 1853/=

 

සක්වා ලිහිණි

Author: මහගම සේකර

Publisher: S. Godage & Sahodarayo

8th Batch 2019

ISBN 955-20-2032-8

100 Pages

මගෙ කවියෙන් ඔබ දකින්න

මගේ කවියෙන් මා නො සොයන්.

අඳුරු අහස් ගැබ කෙළවර රන්වන් පෑයෙන් පායන පහන් තරුව දැක ගන්නට ඒ බව දැන හෝ නොම දැන ඔබත් මමත් අපි හැම දෙන යමින් සිටිමු එකම අතට

ඒ ගමනේ මට හමු වන ගල් පරුවත හෙල් ප්‍රපාත මට වාගෙම ඔබ හැමටත් යම් දවසෙක හමු වනු ඇත.

දෙපය බැ‍ඳෙන මළ පුඬුවෙන් ඔබ යන මඟ ඇහිරී බොරුව ඉසින අයස මඩින් ගත කිලි කුණු තැවරී‍

කැට මුගුරින් පහර ලබා දුබල අතින් පොළොව බදා මා මෙන් ඔබ ඒ දවසේ අසරණ වී වැලපෙන විට

#SakvaLihini #MahagamaSekara #SinhalaPoth #OnlineBooks

 

මක්නිසාද යත්

Author: මහගම සේකර

Publisher: S. Godage & Sahodarayo

9th Batch 2019

ISBN 955-20-1346-1

79 Pages

“මම නුඹ කඩා බිඳ දමා අලුතින් නිර්මාණය කරමි” යි කවියා සමාජයට කීය.

එබසට සමාජයට හිනා ගියේය.

“මම නුඹ කඩා බිඳ දමා අලුතින් නිර්මාණය කරමි” යි සමාජය කවියාට කීය.”

#MaknisadaYath #MahagamaSekara #SinhalaPoth #OnlineBooks

 

හෙට ඉරක් පායයි

Author: මහගම සේකර

Publisher: S. Godage & Sahodarayo

9th Batch 2019

ISBN 955-20-4391-3

130 Pages

කලකට ඉහතදී ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ගීත පහක් ද ( අංක 17, 41, 51, 53 සහ 69) වේදිකා ගත කරන ලද නාට්‍ය වලින් උපුටා ගත් ගීත තුනක් ද (අංක 30, 36 සහ 39) මේ පොතට ඇතුලත් ය.

අංක 2, 54 සහ 71 දරන පද්‍ය පහත නම් සඳහන් කවීන්ගේ රචනා ආශ්‍රයෙන් සකස් කරන ලදී.

Walt Whitman

Takuboku Ishikawa

Hakushu Kitahara

#HetaIrakPayai #MahagamaSekara #SinhalaPoth #OnlineBooks

 

රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත

Author: මහගම සේකර

Publisher: S. Godage & Sahodarayo (Pvt) Company

6th Batch 2018

ISBN 955-20-2379-3

88 Pages

රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත. මේ වූකලී අතීත වර්තමාන හා අනාගත යන පරම්පරා තුනෙහි කථා ප්‍රවෘත්තියයි. අපට පළමුව රාජතිලක වැන්නන් විසූ පැරණි සමාජය නිර්භයව පය ගසා සිටීමට තරම් ශක්ති සම්පන්න විය. සමාජයත් සංස්කෘතියත් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින වර්තමානයේ වෙසෙන අපට එවැනි ස්ථිර පදනමක් නොමැත. අපි බියෙන් සැකයෙන් හා අවිශ්වාසයෙන් පෙළෙමින් උකටලී ලෙස ජීවත් වෙමු. පැරණි සමාජ සංස්ථා ගරා වැටෙතත්, ඒ වෙනුවට , නිසැක ලෙස පිළිගත හැකි අලුත් සංස්ථා ඉදි වී නැත. අපි එගොඩ සිට මෙගොඩ බලා ඒමට ඒදණ්ඩකට නැගුණු පිරිසක් වැන්නෙමු. ඒදණ්ඩ දුබලය. අත්වැලක් ද නැත. ලයනල් මෙන් අප ද කොයි මොහොතේ හෝ ඇද වැටෙන්නට පුළුවන. ආපසු එගොඩ යාමට ද අපට නොහැකිය. ප්‍රියන්ත, අපට ඇති එකම බලාපොරොත්තුව වෙයි. ඔහු වූ කලී අනාගතයෙහි පහළ විය හැකි සමාජය ද සංස්කෘතිය ද වේ. එබඳු සමාජයක් හා සංස්කෘතියක් පහළවිය හැක්කේ, ගමත් නගරයත් දෙක්හි සංකලනයෙන් පහළ වූ, ඒ දෙක්හිම හරය අවබෝධ කර ගත් ලයනල් වැන්නන් අතිනි.

මේ කාව්‍යයේ ආකෘතිය ගැන ද යමක් කිව යුතුය. බැලූ බැල්මට මෙය නිසඳැස් කාව්‍යයකැයි කෙනෙකුට හැ‍ඟෙනු ඇත. එහෙත් ජනකවි හා පැරණි කවි ආර අනුව ලියූ කවි ද මෙහි අතරින් පතර ඇත. මේ කාව්‍ය ක්‍රමය කුමක්දැයි යමකු මගෙන් ඇසුව හොත් මේ මගේ කාව්‍ය ක්‍රමය යි කීමට මට සිදු වෙයි. මෙය නිදහස් කාව්‍ය රීතියකි.

#RajathilakaLayanalSahaPriyantha #MahagamaSekara #SinhalaPoth #OnlineBooks

 

සියයක් මොමිජි පත්

Author: නන්දන වීරසිංහ

Publisher: VAPA University Press

First Edition 2021

ISBN 978-624-5785-01-8

138 Pages

හයිකු කවියේ අතිසූක්ෂ්ම ලෝකාවේක්ෂණයට නො දෙවෙනි පහළ කිරීම්. ඉන් වසර දහසකටත් පෙරාතුව පහළ වූ වකා හෙවත් ටන්කා කවියේ දැක්ක හැකි වේ. එවක බෙහෙවින් ප්‍රඥාසම්පන්න කිවිවරු පවා ස්වකීය ඥාන මහිමයේ ඖදාර්යයෙන් සිය කවිය පුරවා ලීමට යන්න නොදැරූ හ. අරුණෝදයේ පළමු දිලිසුමත්, උණ වදුලේ සර සර මතුරත්, දුර ඇසෙන මුවකු ගේ කම්පා නාදයත් ඔවුනට රිසි විය. ප්‍රකෘතියෙන් වියෝ වූ මනැසකින් නො ව, ස්වභාව ලෝකය හා කවියා ඒකත්වයක පිහිටා බිහි කළ කාව්‍ය විධියක් සේ අප වකා කවිය වටහාගත යුතුය.

#SiyayakMomijiPath #NandanaVeerasinghe #SinhalaPoth #OnlineBooks

 

හද බස සහ වෙනත් ලිපි

Author: ආරියවංශ රණවීර

Publisher: VAPA University Press

First Edition 2021

ISBN 978-624-5785-02-5

334 Pages

අමරසේකරයන් මෙහි දී ගොඩනැගීමට උත්සාහ දරන මතවාදය මට දැනෙන හැටියට නම් මෙසේ ය. කවිය යම්කිසි වෙනත් අරමුණක් කරා එළැඹීම සඳහා කැපවුණු සාහිත්‍යය අංගයක් නොවේ. හදවතට ආමන්ත්‍රණය කරන්නේ යැයි අමරසේකර බර තබා කියන්‌නේ කවිය බුද්ධියට කෙසේවත් අමතන්නේ නැති බව ය. ඊළඟට ‘හදවතට මුල් තැන දෙන’ යයි පැවසීමෙන්, දෙවැනි තැන දෙන්නේ කවරකට දැයි ද පැහැදිලි නැත. මින් ගම්‍ය වන්නේ මිනිස් මොළයට ද යම් තැනක් දෙන බව ද? කැපවුණු සාහිත්‍යාංගයන් අමතන්නේ හුදෙක් බුද්ධියට ද? කැපවුණු සාහිත්‍යාංගවල සංවේදනා මුළුමනින් බැහැර කෙරේ ද?අමරසේකරයන්ගේ හද බස වටහා ගැනීම සඳහා මේ ආස්ථානයන් විමසා බැලිය යුතු ය.

#HadaBasaSahaVenathLipi #AriyavanshaRanaweera #SinhalaPoth #OnlineBooks

Weight 1.037 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කවියට ලැබැඳි ඔබට”

Your email address will not be published. Required fields are marked *