, , ,

ජාත්‍යන්තර සම්බන්ධතා : න්‍යාය සහ සංකල්ප පිළිබඳ හැඳින්වීමක්

රු750.00

  • Author: ශාන්ත ගම්ලත්
  • Publisher: Sooriya Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5638-05-5
  • 198 Pages

Out of stock

Author: ශාන්ත ගම්ලත්

Publisher: Sooriya Publishers

First Edition 2021

ISBN 978-624-5638-05-5

198 Pages

 

ආචාර්ය ශාන්ත ගම්ලත් මහතා 1996 වර්ෂයේ දීර්ෂයෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා පිළිබඳව ප්‍රථම උපාධිය දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව ලැබ එම වර්ෂයේම එම විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය වරයෙකු වශයෙන් සේවයට බැඳී 2000 වර්ෂය තෙක් සේවය කර ඇත. 2000 වර්ෂයේ දී ම ශ්‍රී ජයවර්ධන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවයට බැඳුණු ඒ මහතා 2006  වර්ෂයේ දී ස්ථිර කථිකාචාර්යවරයකු ලෙස එම අධ්‍යයන වශයෙන් ශාස්ත්‍රීය කටයුතු ඇරඹීය. 2004  වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන්  ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ශාස්ත්‍රපති  එම්. ඒ. (M.A.)උපාධියත්,  2017 වර්ෂයේ දී මධ්‍යම චීනයේ විද්‍යාව සහ තාක්ෂණයය පිළිබඳ රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් (HUST) රාජ්‍ය පරිපාලනය සහ ජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ දර්ශනශූරී   පී. එච්.ඩී .(Ph.D.) උපාධියත් හිමිකරගත්තේය ජාතික සහ අන්තර්ජාතික වශයෙන් පර්යේෂණ පත්‍රිකා සපයා ඇති ඔහු රාජ්‍ය පරිපාලනය , රාජ්‍ය ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර සම්බන්ධතා යන විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ආචාර්ය ආචාර්යවරයකු හැටියට පර පර්යේෂණ කිරීම සහ ඉගැන්වීම කෙරෙහි විශේෂ උනන්දුවක් ද දක්වන ශාස්ත්‍රඥයෙකි. ඔහු විසින් සම්පාදනය කරන ලද “ජාත්‍යන්තර සම්බන්ධතා : න්‍යාය සහ සංකල්ප පිළිබඳ හැඳින්වීමක්” කෘතිය කාලීන අවශ්‍යතාවක් පරිපූර්ණ කිරීමකි විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනයන් හි ඉගෙනුම ලබන විද්‍යාර්ථීන්ගේ දැනුම පෝෂණය කිරීමෙහිලා ස්වභාව ලියන ලද ග්‍රන්ථවල පවතින හිඟකම ඌණ පූර්ණය කිරීම සඳහා මෙම කෘතිය මහඟු පිටිවහලක් වනු ඇත.

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල දේශපාලන විද්‍යාව විෂයධාරාවේ උප විෂය ධාරාවක් හැටියට ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ඉතාමත් ජනප්‍රිය වෙමින් ඉදිරියට පැමිණ තිබේ. මෙම කෘතිය උපාධි විෂයක් ලෙස හදාරන විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර සහ බාහිර විද්‍යාර්ථීන්ට මෙන්ම මෙම විෂය පිළිබඳව උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ට ද එකසේ වැදගත් වන බව නොඅනුමානය

මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද ,  පීඨාධිපති, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය, ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,  ගංගොඩවිල,  නුගේගොඩ

 

#JathrantharaSambandatha #ShanthaGamlath #SinhalaPoth #OnlineBooks

 

Weight 0.212 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජාත්‍යන්තර සම්බන්ධතා : න්‍යාය සහ සංකල්ප පිළිබඳ හැඳින්වීමක්”

Your email address will not be published. Required fields are marked *