Sale!

චරිත කතා එකතුව 05 – Revised

රු2,128.00

  • වී.අයි. ලෙනින්:අමරණීය මිනිසකුගේ අසිරිමත් ජීවිත කතාව + මහමොළ කාරයෝ + නෙල්සන් මැන්ඩෙලා
  • සාමාන්‍ය මිල –  රු. 2240/=
  • අපේ මිල –  රු. 2128/=

Availability: 1 in stock

Category:

වී.අයි. ලෙනින්:අමරණීය මිනිසකුගේ අසිරිමත් ජීවිත කතාව + මහමොළ කාරයෝ + නෙල්සන් මැන්ඩෙලා

සාමාන්‍ය මිල –  රු. 2240/=

අපේ මිල –  රු. 2128/=

 

වී.අයි. ලෙනින් – අමරණීය මිනිසකුගේ අසිරිමත් ජීවිත කතාව

Author : එම්.ඩබ්. සුමන දයානන්ද

V.I. Lenin : The Story Of His Life  (by Maria Prilezhayeva) කෘතියේ සිංහල පරිවර්තනනයකි.

Publisher : Susara Publishers

Third Batch 2019

ISBN 978-955-676-857-2

256 Pages

මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා ලොව ගමන් මඟ වෙනස් කළ මිනිසුන් පහළ වන්නේ කලාතුරකිනි. න්‍යාය පුස්තකයනට සීමාව තිබූ කොමියුනිස්ට් ධර්මය, සමාජවාදය භාවිතාවක් බවටත් එහි විපුල පලත් ලොවට පසක් කළ පෙරටුගාමියා ලෙස වී.අයි. ලෙනින් ඉතිහාසයට එක් වී හමාර ය. ඒ හෙයින් ලෙනින් අමරණීය චරිතයක් වෙයි. අමරණීය මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තිය ද අසිරිමත් එකකි. පුද්ගල ස්වාර්ථය මුළුමනින් ම බැහැරකොට හුදු මානව සමාජීය පීඩිතයින්ගේ අවශ්‍යයතාවය වෙනුවෙන් පමණක් ජීවත් වූ උදාර මිනිසෙකි විලැඩ්මීර් අයිලිච් ලෙනින්. ඔහු ශ්‍රේෂ්ඨ ලෙනින් වන්නේ ද එහෙයිනි.

ලොව විවිධ භාෂා ගණනාවකට පෙරැළි ඇති මරියා ප්‍රිලේෂායේවා ලියූ ලෙනින් චරිතාපදානය දේශපාලන ව්‍යාපාර මෙන් ම පුද්ගල චරිත සංවර්ධනයෙහි දා ලා අත් පොතක් ලෙස භාවිතා වේ නුහුරු බසකින් පළ වූ මෙම පොත එම්.ඩබ්. සුමන දයානන්දයන් විසින් අපට හුරු බසට සරලව පෙරළා ඇති හෙයින් සිසු ගුරු දෙපක්ෂයට ම, නීතිය හසුරවන අයට, සමාජ සංවිධානවලට විශේෂයෙන් දේශපාලකයින්ට අවශ්‍යයෙන් ම තිබිය යුතු මහඟු මාර්ගෝපදේශ සංග්‍රහයක් ලෙස ඉඳුරා ම හැඳින්විය හැකිය.

#VILenin #MWSumanaDayananda #SinhalaPoth #OnlineBooks

 

මහමොළ කාරයෝ

Author : කැලුම් වැලිගම

Publisher : Surasa Publishers

Fifth Batch 2021

ISBN 978-955-677-349-1

108 Pages

21 වැනි සියවසයේ සාර්ථකත්වයට වැඩිම බලපෑමක් කළේ ව්‍යාපාර බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. අනාගත අභියෝගයන්ට නොබියව මුහුණ දී ජීවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට නම් සියලු දෙනාම ව්‍යාපාර දර්ශනය අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ලෝකය වෙනස් කළ විශිෂ්ඨ ව්‍යාපාරිකයන් නැවත හැදෑරීමෙන් සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම ඉගෙනගත හැකි පාඩම් බොහෝය. මෙම කෘතිය ඊට මහඟු පිටුවහලක් සපයයි.

#MahaMolaKaarayo #KelumWeligama #SinhalaPoth #OnlineBooks

 

නෙල්සන් මැන්ඩෙලා

Author: තුෂානි බුළුමුල්ල

Publisher: Susara Publishers

First Edition 2014

ISBN 978-955-676-901-2

224 Pages

නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලන ඉතිහාසයට එක්වන්නේ වර්ණභේදවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදී ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනඟා එය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්විතීය මානවවාදියෙකු ලෙසය. වාර්ගිත, ජාතික හා සංස්කෘතික බහුවිධත්වයකින් යුත් දකුණු අප්‍රිකාවට පමණක් නොව පලා්කවය් බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද, ප්‍රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් තුෂානි බුළුමුල්ල නෙල්සන් මැන්ඩෙලා චරිතාපදානය කෘතිය මඟින් ඉදිරිපත් කර තිබේ.

මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී හා විද්‍යාපති උපාධියද පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන ශාස්ත්‍රපති උපාධියද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධියද ලබා ගැනීමෙන් අනතුරුව, තුෂානි බුළුමුල්ල ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ පුහුණු හා පරිපාලන සහකාර අධ්‍යක්ෂ වශයෙන්ද, PEO TV මාධ්‍ය ඡාලයේ  Knowledge TV නාලිකාවේ උපදේශිකාවක් හා එහි පිටපත් රචිකාවියක් ලෙස ද කටයුතු කරයි. නිදහස් මාධ්‍යවේදිනියක සහ ලේඛිකාවක ලෙස දිනමිණ පුවත්පතේ ඩිස්කවරි අතිරේකයටද, නවයුගය මාසික සඟරාවටද සම්බන්ධවන ඇය, ගීත රචිකාවියක් වන්නේය. බී.බී.සී. ලෝක සේවයේ මාධ්‍යවේදිනියක් ලෙසද තුෂානි බුළුමුල්ල කාලයක් කටයුතු කළ බව සඳහන් කළ යුතුය.

ආචාර්ය ටියුඩර් වීරසිංහ, මණ්ඩපාධිපති, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය

#NelsonMandela #ThushaniBulumulla #SinhalaPoth #OnlineBooks

Weight 0.719 kg

Reviews

There are no reviews yet.

Be the first to review “චරිත කතා එකතුව 05 – Revised”

Your email address will not be published. Required fields are marked *