,

නාට්‍ය හා රංගකලාව

රු950.00

  • Author : රන්ජිත් ධර්මකීර්ති
  • Publisher : Sakila Publisher
  • Second Batch 2013
  • ISBN 978-955-1300-39-5
  • 244 Pages

Availability: 2 in stock

Author : රන්ජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publisher

Second Batch 2013

ISBN 978-955-1300-39-5

244 Pages

 

“නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක්” ග්‍රන්ථය දොරට වැඩීමේ සම්මන්ත්‍රණයේ දී විද්වතුන් පළ කළ අදහස් සමහරක්.

“අද ලංකාවේ සිටින විශිෂ්ට ගණයේ නාට්‍යවේදියකු වන රන්ජිත් ධර්මකීර්ති මහතා ගේ “නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක්” නමැති නවත ම ග්‍රන්ථය, නාට්‍ය අධ්‍යාපනයෙහි ලා ඉතා වැදගත් කෘතියක්. නාට්‍ය කරුවකු වීමට නම් එම පුද්ගලයා හොඳ සාහිත්‍යධරයෙක් වෙන්න ඕනේ. හොඳ දැනුමක් තිබෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ විශ්ව සාහිත්‍ය කෘති හොඳින් කියැවූ කෙනෙක් වෙන්න ඕනේ. ඒ අතින් රන්ජිත් ධර්මකීර්ති මහතා පරිපූර්ණ කලා කරුවෙක්…. ශිෂ්‍යයන් 21 දෙනෙකු ඉදිරියේ, දින 21 ක් තුළ පැවැත් වූ වැඩමුළුවක් ලෙසින්, ඉතා සරල හා රසවත් ලෙස ලියා ඇති “නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක්” නමැති මෙම ග්‍රන්ථය ද විෂය කරුණු අතින් මෙන් ම මෙ රට නාට්‍ය කරුවන් ගැන ද දුර්ලභ, එමෙන් ම අලුත් ම දැනුමක් දෙන ග්‍රන්ථයක් ලෙස මා හඳුන්වන්න කැමතියි.”

මහාචාර්ය වෝල්ටර් මාරසිංහ

“ රන්ජිත් ධර්මකීර්ති මහතා ලියූ “නාට්‍ය ප්‍රවේශය-විමර්ශනාත්මක අධ්‍යනයක්”නමැති ග්‍රන්ථය පරිශීලනය නොකර කිසිම නාට්‍ය ගුරුවරයෙකුට හෝ නාට්‍ය කලාව ඉගෙනගන්නා විද්‍යාර්ථියෙකුට හෝ නාට්‍ය කලාව හැදෑරීමේ කාර්යය ආරම්භ කළ නොහැකි බව මගේ විශ්වාසයයි….. “නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක්” ග්‍රන්ථය ඉතා කැපවීමෙන්, පරිසමාප්ත ලෙස කරුණු රැස්කොට ලියූ කෘතියක් බව කිව යුතු යි. රන්ජිත් ධර්මකීර්ති මහතා වැඩි සද්ද බද්දයක් නොමැතිව ඉතා කැපවීමෙන් හා පරිසමාප්ත ලෙස ලේඛන කලාවේ නිරත වන පුද්ගලයෙක් බවත් කිව යුතුයි.”

මහාචාර්ය සරත් විජේසූරිය

“රන්ජිත් ධර්මකීර්ති මහතා අතින් බිහිවූ “නාට්‍ය ප්‍රවේශය-විමර්ශනාත්මක අධ්‍යනයක්” හා “රංගකලා ප්‍රවේශය – විමර්ශනාත්මක අධ්‍යනයක්”යන ග්‍රන්ථ දෙක මෙන් ම අද දවසේ දොරට වඩින “නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක්” ග්‍රන්ථය ද මෙරට නාට්‍ය අධ්‍යාපනයෙහි ලා ඉතා වැදගත් කෘති ලෙස මම නොපැකිලව ම ප්‍රකාශ කරනවා.

විජේරත්න පතිරාජා

#NatyaHaRangakalava #RanjithDharmakeerthi #SinhalaPoth #OnlineBooks

Weight 0.429 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නාට්‍ය හා රංගකලාව”

Your email address will not be published. Required fields are marked *