Sale!
, , , , , , ,

ලංකා ඉතිහාසය 5

රු2,518.00

  • ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම් + පුරාණ ලංකාවේ වෙළඳාම + ලක්දිව පරංගි ප්‍රයත්නය + යාපනය – පශ්චාත් ආපදා පුරාවිද්‍යාව, සාමුද්‍රික වෙළදාම සහ පැරණි නාගරීකරණය + බින්තැන්නේ වාරි සංස්කෘතිය
  • සාමාන්‍ය මිල – රු. 2650/=
  • අපේ මිල – රු. 2518/= 

Out of stock

ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම් + පුරාණ ලංකාවේ වෙළඳාම + ලක්දිව පරංගි ප්‍රයත්නය + යාපනය – පශ්චාත් ආපදා පුරාවිද්‍යාව, සාමුද්‍රික වෙළදාම සහ පැරණි නාගරීකරණය + බින්තැන්නේ වාරි සංස්කෘතිය

සාමාන්‍ය මිල – රු. 2650/=

අපේ මිල – රු. 2518/= 

 

ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම් 

Author : නයෝමි දිනුකා කැකුලාවල

Publisher : sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2177-6

160 Pages

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ප්‍රථම පංති සාමාර්ථයක් සහිතව සමත් වූ ආචාර්ය නයෝමි කැකුලාවල ඉන් අනතුරුව ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක වශයෙන් සේවය කළාය. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් දර්ශනපති උපාධිය මෙන්ම දර්ශන විශාරද උපාධිය ද හිමිකර ගෙන ඇත.

ඇය මේවන විට කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ඉතිහාස අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි. ඇයගේ පර්යේෂණ විෂය වන්නේ ඉන්දීය සාගරයේ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර වෙළඳ ආර්ථිකයයි. ඒ පිළිබඳව ඇය විසින් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පර්යේෂණ පත්‍රිකා කිහිපයක්ම ප්‍රකාශයට පත්කොට ඇත. මෙම කෘතිය මගින් ද එම විෂය පථයට නව දැනුම් සම්භාරයක් එක්කරමින් ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම් මැනවින් විග්‍රහ කරයි. 

ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවස සිට 15 වැනි සියවස දක්වා ඉන්දීය සාගරය ඔස්සේ අරාබිය, ඉන්දියාව, අග්නිදිග ආසියාව සහ චීනය ආදී රටවල් ශ්‍රී ලංකාවේ වෙළඳ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වූ ආකාරය මෙම පර්යේෂණයේ අන්තර්ගතය තුලින් මතු කෙරෙයි. එහිදී ඉන්දියාව, අග්නිදිග ආසියාව සහ අරාබි වෙළඳ කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාවේ දී සිදු කළ ආර්ථික ක්‍රියාකාරකම් මෙන්ම එහිදී භාවිතා වූ වෙළඳ භාණ්ඩ පිළිබඳ මනා විවරණයකින් මෙම ග්‍රන්ථය පෝෂණය වනු ඇත.

විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි, පාසැල් සහ පිරිවෙන් යන අධ්‍යාපන ආයතනයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට මෙම කෘතිය විෂයානුබද්ධ අධ්‍යාපනයන්හි දී මහඟු අත්වැලක් සපයනු ඇති බව මාගේ විශ්වාසයයි.

මහාචාර්ය එම්.එම් ගුණතිලක , පීඨාධිපති , සමාජීය විද්‍යා පීඨය , කැලණිය විශ්වවිද්‍යාලය 

#IparaniSagarikaVeladaMawathaHaSabadiSriLankaweVanijaKriyakarakam #NayomiDinukaKekulawala #SinhalaPoth #OnlineBooks 

 

පුරාණ ලංකාවේ වෙළඳාම

Author : ජී.ඒ .ලෙස්ලි ගාමිණී

Publisher : sarasavi Publishers

First Edition 2016

ISBN 978-955-656-384-9

160 Pages

 

අතීතයේ දී විසූ ලාංකිකයෝ දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද වෙළඳාම සිදු කළ අතර දේශීය භාණ්ඩ අපනයනයටත් විදේශීය භාණ්ඩ මෙරටට ආනයනය කිරීමටත් කටයුතු කළ අන්දම ‌ඓතිහාසික ලිපි ලේඛන හා පුරාවෘත්තවලින් පැහැදිලි වේ.

මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය මඟින් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ පුරාණ ලංකාවේ වෙළදාම සිදු කළ ආකාරයත්, එකල මෙරට තිබූ වෙළඳ නීති රීති හා අන්තර්ජාතික වශයෙන් සිදු කළ වෙළඳාමත්, ආනයන හා අපනයන භාණ්ඩ පිළිබඳ තොරතුරුත් ය.

මෙම කෘතිය සම්පාදනය කරන ජී.ඒ. ලෙස්ලි ගාමිණි, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50 කට ආසන්න සංඛ්‍යාවක් ලියා පළ කළ ප්‍රවීන ලේඛකයකු වන අතර, වර්ෂ 1976 දී සහකාර රේගු අධිකාරිවරයෙක් ලෙස, ශ්‍රී ලංකා රේගුවට බැඳී අධිකාරිවරයෙක්, සහකාර රේගු අධ්‍යක්ෂවරයෙක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙක් හා රේගු අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කර, මේ වන විට එහිම නීති බලාත්මක අංශයේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි.

වසර 40 කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියත් හිමි කර ගෙන ඇත. මෙ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනශුරි උපාධිය හදාරමින් සිටියි. 

 

#PuranaLankaweVeladama #GALeslyGamini #SinhalaPoth #OnlineBooks 

ලක්දිව පරංගි ප්‍රයත්නය

Author : කේ.ඩී.ජී විමලරත්න

Publisher : sarasavi Publishers

Second Batch 2021

ISBN 978-955-31-0657-5

137 Pages

 

“ලක්දිව පරංගි ප්‍රයත්නය” නමැති මෙම ග්‍රන්ථය 1506 – 1658 කාලය තුළ මෙරට පරංගි ක්‍රියාකාරකම් ගැඹුරින් සලකා බලන නූතන පර්යේෂණ අඩංගු කෘතියකි. පරංගීන්ගේ මෙරට සම්ප්‍රාප්ති කාලය කෝට්ටේ, සීතාවක, මහනුවර සහ යාපන රාජධානි සමඟ හටගත් ගැටුම්, ඒවායේ ප්‍රතිඵල විශලේෂණය කෙරේ.

මෙහි සකාරණාව විග්‍රහ කෙරෙන්නේ පරංගීන් මෙරට ඇති කළ කැළඹිලිකාරී තත්වයන්, විදේශිකයා පිටු දැකීමට මෙරට වීරෝධාර රණකාමී රජවරුන් සහ ජනතාව ගත් අප්‍රහිතක උත්සාහයකි. එකී උත්සාහයේ දී මෙරට ඇති වූ විනාසය, වෙනස්කම්ද, ආර්ථික, ආගමික, සමාජයීය ක්ෂේත්‍රවල ඇති කළ බලපෑම් ද ගෙන හැර පායි. මෙම චිත්තාකර්ෂණීය වූද, චිත්ත සන්තාපයට හේතු වන්නා වූද ඉතිහාස කතා පුවත පාඨකයාගේ සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කෙරේ. 

කතුවරයා

කොළඹ ආනන්ද මහ විදුහලෙන් , ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළුව විමලරත්න විද්වතා 1966 දී ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්යවරයෙකු විය. ඉන් අනතුරුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට බැඳී අධ්‍යක්ෂක ධූරය දක්වා උසස් වීය. එතුමා ලේඛන කළමනාකරණය සහ සංරක්ෂණය පිළිබඳ විශේෂඥයෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකි. ඉතිහාසය හා ලේඛන කළමනාකරණය පිළිබඳ පොත් කිහිපයක් ලියා ප්‍රකාශයට පත් කර ඇත.  

#LakdivaParangiPrayathnaya #KDGVimalarathna #SinhalaPoth #OnlineBooks 

 

යාපනය – පශ්චාත් ආපදා පුරාවිද්‍යාව, සාමුද්‍රික වෙළදාම සහ පැරණි නාගරීකරණය

Author : ප්‍රිශාන්ත ගුණවර්ධන

Publisher : Neptune Publications

First Edition 2020

ISBN 978-624-5200-56-6

184 Pages

 

යාපනය බලකොටුවේ පශ්චාත් ගැටුම් පුරා විද්‍යා පර්යේෂණ කටයුතු 2017 සහ 2018 යන වර්ෂවලදී බ්‍රිතාන්‍යය හා ශ්‍රී ලාංකික පුරාවිද්‍යා පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලදි. එහි දී යාපනය බලකොටුව කෙරෙහි අවධානය යොමු කොට පශ්චාත් ගැටුම් පුරාවිද්‍යා අධ්‍යයන සඳහා විධික්‍රමයක් ගොඩනැඟීම සඳහා ප්‍රවේශය සකස් කර ගනු ලැබීය. මෙහි දි පුරාවිද්‍යා කැණීම් කටයුතු මඟින් ලෝකයේ විවිධ රටවල් විසින් නිපදවන ලද පිඟන් භාණ්ඩ රාශියක් සොයා ගැනීමට හැකි විය. එය දැනට අවධානය යොමු නොවී පවතින ප්‍රාග් යටත්විජිත යාපනයේ උරුමය තේරුම් ගැනීමට විශේෂයෙන් උපකාර වනු ඇත. 

කැණීම්වලින් හමු වූ පුරාණ මැටි බඳුන් සඳහා දැනට වෙනත් ස්ථානවලින් හමු වී ඇති මැටි බඳුන් සමඟ සාපේක්ෂ කාලනීර්ණ ක්‍රමවේද මඟින් දිනවකවානු ලබාගෙන ඇති අතර ඒ සඳහා රේඩියෝ කාබන් වැනි විද්‍යාත්මක කාලනීර්ණ ක්‍රමවේද මඟින් දින නියම ලබා ගැනීමට ඉදිරියේ දී බලාපොරොත්තු වේ. එම කැණීම් ක්‍රම සහ භූ භෞතික ගවේෂණ ක්‍රම මඟින් පොළොව අභ්‍යන්තරයේ වූ පුරා විද්‍යාත්මක සාධක හඳුනාගෙන මුල් ජනාවාස රටා පිළිබඳ සාධක සපයා ගෙන ඇත. මෙම පිඟන් භාණ්ඩ තොරතුරු මඟින් පැහැදිලි කරන්නේ ඉන්දීය සාගරයේ පැවැති සාමුද්‍රිත වෙළදාමේ බලගතුකම සහ ශ්‍රී ලංකාව ඒ සඳහා ලබා දුන් දායකත්වයයි. 

 

#Yapanaya #PrishanthaGunawardhana #SinhalaPoth #OnlineBooks 

 

බින්තැන්නේ වාරි සංස්කෘතිය

Author : පූජ්‍ය පදියතලාවේ අමරවංශ හිමි

Publisher : sarasavi Publishers

First Edition 2019

ISBN 978-955-31-1367-2

302 Pages

 

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති (දෑවුරුදු) සිංහල පශ්චාත් උපාධි පාඨමාලාවේ අවශ්‍යතා වෙනුවෙන් සම්පාදිත මෙම පර්යේෂණාත්මක ග්‍රන්ථයෙන් බින්තැන්නේ වාරිකර්මාන්තත් , අනන්‍ය වූ වාරිසංස්කෘතියත්, ඓතිහාසික තොරතුරුත් ඉදිරිපත් කර තිබේ. වෙනත් පර්යේෂකයන්ගේ අවධානයට යොමු නොවූ වැදගත් මාතෘකාවක් පර්යේෂණයෙන් ආවරණය කොට ඇත. සිංහල සංස්කෘතිය කෙරෙහි ඇල්මක් දක්වන මෙන් ම, වාරි කර්මාන්ත කෙරෙහි උනන්දු වන සැමට වැදගත් ග්‍රන්ථයකි. පර්යේෂණ කටයුතුවලට, අවශ්‍ය දැනුම සොයා යාමේ දී , කතු හිමියෝ මූලික අධ්‍යාපනය මහියංගණ මාවරගල මූලික පිරිවෙනින් ද ද්විතීයික අධ්‍යාපනය මහනුවර අස්ගිරි මහා විහාර මහ පිරිවෙනින් ද ලදහ. 2009 වර්ෂයේ දී ප්‍රාචීන පණ්ඩිත උපාධිය ශ්‍රී ලංකාවෙන් ම තද් විභාගයේ පාලි විෂයය යටතේ වන පාලි ප්‍රාකෘත විෂයෙන් වැඩිම ලකුණු ලැබූ ශිෂ්‍යයාට හිමිවන රද්දැල්ලේ පඤ්ඤාලෝක අනුස්මරණ ත්‍යාගය සමඟින් ලැබීමට වාසනාවන්ත වූහ. 

2011 වසරේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සිංහල විෂය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනා ගත්හ. අනතුරුව 2013 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිංහල විෂය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිත ව හිමි කර ගත්හ. 2015 වර්ෂයේ දී පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව පන්ති සාමාර්ථයක් සහිත ව සමත් වූ උන්වහන්සේ අධ්‍යාපනයෙහි ඉදිරියට ගමන් කරමින් 2016 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල විෂයය යටතේ පර්යේෂණ ශාස්ත්‍රපති උපාධිය ද පංති සාමාර්ථයක් සමඟින් හිමි කර ගත් හ.

2017 වර්ෂයේ දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ගුරු අධ්‍යාපනය පිළිබඳ අන්තර්ජාතික ශාස්ත්‍රපති උපාධියක් ලැබීමට ද භාග්‍යමත් වූහ.

දැනට දර්ශනපති පශ්චාත් උපාධිය සදහා පර්යේෂණයෙහි නියැලී සිටින ඉගෙනීමෙහිත් ඉගැන්වීමෙහිත් එක එකසේ දක්ෂ පූජ්‍ය පදියතලාවේ අමරවංශ හිමියන්ගේ බින්තැන්නේ වාරි සංස්කෘතිය සියලු දෙනාගේ ප්‍රශංසාවට ලක්විය යුතු ය. 

මහාචාර්ය ස්වර්ණා ඉහළගම , සිංහල අධ්‍යයනාංශය , කැලණිය විශ්වවිද්‍යාලය  

#BinthanneVariSanskruthiya #PadiyathalaweAmarawanshahimi #SinhalaPoth #OnlineBooks 

Weight 1.290 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකා ඉතිහාසය 5”

Your email address will not be published. Required fields are marked *