, , ,

පුංචි කුමාරයා

රු350.00

  • Author : මහින්ද සෙනරත් ගමගේ
  • The Little Prince (by Antoine de Scint Exupery) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: subhavi Publishers
  • First Edition 2017
  • ISBN : 978-955-7189-12-3
  • 99 Pages

Out of stock

Author : මහින්ද සෙනරත් ගමගේ

The Little Prince (by Antoine de Scint Exupery) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: subhavi Publishers

First Edition 2017

ISBN : 978-955-7189-12-3

99 Pages

 

ප්‍රඥාව කැටිකළ මේ වශීකරණසුලු කතාව තරම්, දරුවන් සහ වැඩිහිටියන් දෙපිරිස ම එක සේ ආදරය කරන ලද වෙන් කතාවක් නැති තරම් ය. ගුවන් නියමුවෙකු වූ කතුවරයා, යානයේ ඇති වන දෝෂයක් නිසා ඔහුට සහරා කතරට ගොඩබසින්නට වූ සැටි සිහිපත් කරයි. උදව්වක් ගන්නට කිසිවෙකු සැතපුම් දහසකින් මෙපිට සිටියේ නැත. මේ මොහොතේ දී ය, ඔහුට ඉතාමත් අසාමාන්‍ය වූ කුඩා අයෙකු මුණගැසෙනුයේ. ‘ අනෙක් තව මට බැටළුවෙක් ඇඳලා දෙන්න.’ ඔහුගේ මේ ඉල්ලීමත් සමඟ පුංචි කුමාරයාගේ කැපීපෙනෙනසුලු ඉතිහාස කතාව ඇරඹෙයි. පුංචි කුමාරයා ජීවත් වූයේ ගෙයකට නොවැඩි විශාලත්වයකින් යුතු කුඩා ග්‍රහලොවක ය. ඔහුට ගිනි කඳු තුනක් හිමි විය. දෙකක් ක්‍රියාශීලී ය, එකක් නිවී ගොසිනි. ඔහුට මලක් ද හිමිව තිබිණි. එය විශ්වයේ අනෙක් කිසිදු මලකට සමාන නැත. එය ඉතා පියකරු ය. එසේ ම බොහෝම උඩඟු ය. මේ උඩඟුව පුංචි කුමාරයාගේ සන්සුන් බව වනසා දමා ඔහු අන්තර් ග්‍රහලෝක චාරිකාවකට යොමුකරවන්නේ. මේ චාරිකාවේ දී ය ඔහු මහපොළොව වෙත පැමිණෙන්නේ. අන්තිමේ එහි දී ඔහු ජීවිතයේ සැබැ වැදගත්කමෙහි රහස නරියෙකුගෙන් ඉගෙන ගනී. කිසියම් ආකාරයකින් තම පාඨකයාගේ ලෝකය වෙනස් කරන ලද කතා ඇත්තේ ඉතා කීපයකි. මෙය ඉන් එකකි.

#PunchiKumaraya #MahindaSenarathGamage #SinhalaPoth #OnlineBooks

 

Weight 0.119 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුංචි කුමාරයා”

Your email address will not be published. Required fields are marked *