, ,

රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත

රු200.00

  • Author: මහගම සේකර
  • Publisher: S. Godage & Sahodarayo (Pvt) Company
  • 6th Batch 2018
  • ISBN 955-20-2379-3
  • 88 Pages

Out of stock

Author: මහගම සේකර

Publisher: S. Godage & Sahodarayo (Pvt) Company

6th Batch 2018

ISBN 955-20-2379-3

88 Pages

 

රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත. මේ වූකලී අතීත වර්තමාන හා අනාගත යන පරම්පරා තුනෙහි කථා ප්‍රවෘත්තියයි. අපට පළමුව රාජතිලක වැන්නන් විසූ පැරණි සමාජය නිර්භයව පය ගසා සිටීමට තරම් ශක්ති සම්පන්න විය. සමාජයත් සංස්කෘතියත් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින වර්තමානයේ වෙසෙන අපට එවැනි ස්ථිර පදනමක් නොමැත. අපි බියෙන් සැකයෙන් හා අවිශ්වාසයෙන් පෙළෙමින් උකටලී ලෙස ජීවත් වෙමු. පැරණි සමාජ සංස්ථා ගරා වැටෙතත්, ඒ වෙනුවට , නිසැක ලෙස පිළිගත හැකි අලුත් සංස්ථා ඉදි වී නැත. අපි එගොඩ සිට මෙගොඩ බලා ඒමට ඒදණ්ඩකට නැගුණු පිරිසක් වැන්නෙමු. ඒදණ්ඩ දුබලය. අත්වැලක් ද නැත. ලයනල් මෙන් අප ද කොයි මොහොතේ හෝ ඇද වැටෙන්නට පුළුවන. ආපසු එගොඩ යාමට ද අපට නොහැකිය. ප්‍රියන්ත, අපට ඇති එකම බලාපොරොත්තුව වෙයි. ඔහු වූ කලී අනාගතයෙහි පහළ විය හැකි සමාජය ද සංස්කෘතිය ද වේ. එබඳු සමාජයක් හා සංස්කෘතියක් පහළවිය හැක්කේ, ගමත් නගරයත් දෙක්හි සංකලනයෙන් පහළ වූ, ඒ දෙක්හිම හරය අවබෝධ කර ගත් ලයනල් වැන්නන් අතිනි.

මේ කාව්‍යයේ ආකෘතිය ගැන ද යමක් කිව යුතුය. බැලූ බැල්මට මෙය නිසඳැස් කාව්‍යයකැයි කෙනෙකුට හැ‍ඟෙනු ඇත. එහෙත් ජනකවි හා පැරණි කවි ආර අනුව ලියූ කවි ද මෙහි අතරින් පතර ඇත. මේ කාව්‍ය ක්‍රමය කුමක්දැයි යමකු මගෙන් ඇසුව හොත් මේ මගේ කාව්‍ය ක්‍රමය යි කීමට මට සිදු වෙයි. මෙය නිදහස් කාව්‍ය රීතියකි.

#RajathilakaLayanalSahaPriyantha #MahagamaSekara #SinhalaPoth #OnlineBooks

Weight 0.095 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත”

Your email address will not be published. Required fields are marked *