,

නෙල්සන් මැන්ඩෙලා

රු790.00

  • Author: තුෂානි බුළුමුල්ල
  • Publisher: Susara Publishers
  • First Edition 2014
  • ISBN 978-955-676-901-2
  • 224 Pages

Availability: 1 in stock

Author: තුෂානි බුළුමුල්ල

Publisher: Susara Publishers

First Edition 2014

ISBN 978-955-676-901-2

224 Pages

නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලන ඉතිහාසයට එක්වන්නේ වර්ණභේදවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදී ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනඟා එය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්විතීය මානවවාදියෙකු ලෙසය. වාර්ගිත, ජාතික හා සංස්කෘතික බහුවිධත්වයකින් යුත් දකුණු අප්‍රිකාවට පමණක් නොව පලා්කවය් බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද, ප්‍රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් තුෂානි බුළුමුල්ල නෙල්සන් මැන්ඩෙලා චරිතාපදානය කෘතිය මඟින් ඉදිරිපත් කර තිබේ.

මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී හා විද්‍යාපති උපාධියද පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන ශාස්ත්‍රපති උපාධියද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධියද ලබා ගැනීමෙන් අනතුරුව, තුෂානි බුළුමුල්ල ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ පුහුණු හා පරිපාලන සහකාර අධ්‍යක්ෂ වශයෙන්ද, PEO TV මාධ්‍ය ඡාලයේ  Knowledge TV නාලිකාවේ උපදේශිකාවක් හා එහි පිටපත් රචිකාවියක් ලෙස ද කටයුතු කරයි. නිදහස් මාධ්‍යවේදිනියක සහ ලේඛිකාවක ලෙස දිනමිණ පුවත්පතේ ඩිස්කවරි අතිරේකයටද, නවයුගය මාසික සඟරාවටද සම්බන්ධවන ඇය, ගීත රචිකාවියක් වන්නේය. බී.බී.සී. ලෝක සේවයේ මාධ්‍යවේදිනියක් ලෙසද තුෂානි බුළුමුල්ල කාලයක් කටයුතු කළ බව සඳහන් කළ යුතුය.

ආචාර්ය ටියුඩර් වීරසිංහ, මණ්ඩපාධිපති, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය

 

#NelsonMandela #ThushaniBulumulla #SinhalaPoth #OnlineBooks

Weight 0.277 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නෙල්සන් මැන්ඩෙලා”

Your email address will not be published. Required fields are marked *