, , , , ,

ඔසිරිස්ගේ රන් ආකරය

රු1,250.00

  • Author : එන්. පී. විජේරත්න
  • The Labyrinth of Osiris (by Paul Sussman) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Ashirwada  Publisher
  • ISBN : 978-955-697-301-3

Out of stock

Author : එන්. පී. විජේරත්න

The Labyrinth of Osiris (by Paul Sussman) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Ashirwada  Publisher

ISBN : 978-955-697-301-3

ප්‍රසිද්ධ ඊශ්‍රායල පුවත්පත් කලාවේදිනියක වූ රිචිකා ක්ලයින්බර්ග්ගේ මරණය ගැන පරීක්ෂණ පැවැත්වීමේ වගකීම ජෙරුසලෙම් පොලීසියේ අරී බෙන් – රෝයිට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුනේ ජෙරුසලෙමේ ආමේනියම් මහ පල්ලියේදී ය. නිර්භීත ලෙස කරුණු හෙලිකිරීම නිසා ක්ලයින්බර්ග්ට ඉහළ බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම්, ඊශ්‍රායල රජයේ නිලධාරීන් සහ රුසියානු මාෆියාව ඒ අතර විය.

මතුව තිබූ බාධක මැද බෙන් – රෝයි ඔහුගේ පැරණි මිතුරකු වූ ලුක්ෂෝර් පොලිසියේ යූසුෆ් බලිෆාට දුරකථන ඇමතුමක් දී මෙම විමර්ෂණ සඳහා තමාට සහාය වෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඛේදජනක හදිසි අනතුරක් නිසා තම පුතු අහිමිවීමේ වේදනාවෙන් සිටියත් එයට සහායවීමට බලිෆා එකඟ විය. ක්ලයින්බර්ග් ඇයගේ මරණයට පෙර විමර්ෂණය කරමින් සිටි, 1930 දශකයේ සිදුවූ බ්‍රිතාන්‍ය ජාතික ඊජිප්තුවේදියකුගේ අබිරහස් මරණය ගැන ද ඔහු තොරතුරු හඹා ගියේය. හෙරෝඩෝටස් විසින් සිය කෘතිවල සඳහන් කර තිබූ වංගගිරියක් වැනි බෙහෙවින් සංකීර්ණ රන් ආකාරයක් ඊජිප්තුවේදියා විසින් සොයාගෙන ඇතැයි සලකනු ලැබීය. එහෙත් එම රන් ආකාරය සහ ක්ලයින්බර්ග්ගේ මරණය අතර පවතින සම්බන්ධතාවය කුමක්ද ? ඇයගේ මරණයට හේතුව ඇය නැගෙනහිර යුරෝපීය හා ආසියාතික රටවලින් පැහැරගෙන හා වංචනික ලෙස රැගෙන එන තරුණියන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන ආකාරය හෙලිකර ගැනීමට දරන ලද ප්‍රයත්නයද ?

#OsirisgeRanAakaraya #NPVijerathna #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.915 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඔසිරිස්ගේ රන් ආකරය”

Your email address will not be published. Required fields are marked *