Sale!
, , , ,

සොඳුරු සිරිලක 4

රු1,976.00

  • පෙම්බර ලංකා ( ඉතිහාසය, ජනප්‍රවාද හා විස්තර) +  ලක්බිම වන සැරිය  + ලක්දිව සැඟවුණු වනකතා
  • සාමාන්‍ය මිල – රු. 2080/=
  • අපේ මිල – රු. 1976/=

Out of stock

පෙම්බර ලංකා ( ඉතිහාසය, ජනප්‍රවාද හා විස්තර) +  ලක්බිම වන සැරිය  + ලක්දිව සැඟවුණු වනකතා

සාමාන්‍ය මිල – රු. 2080/=

අපේ මිල – රු. 1976/=

 

පෙම්බර ලංකා – ඉතිහාසය, ජනප්‍රවාද හා විස්තර

Author : ප්‍රේමචන්ද්‍ර අල්විස්

ROMANTIC CEYLON (by R.H. Bassett) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publishers

Secound Batch 2021

ISBN : 978-955-9348-95-7

234 Pages

“පෙම්බර ලංකා” යනුවෙන් මෙසේ සුහද පාඨක ජනතාව අතට පත් කැරෙන්නේ ආර්.එච්. බැසට් නම් විජාතිකයකු විසින් ලියැවුණු ROMANTIC CEYLON නමැති සුප්‍රකට කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉංග්‍රීසි පොත ප්‍රථම වරට 1929 දී ප්‍රකාශයට පත් වූවකි.

සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතීන් අතර පැවැති ප්‍රබල සමගිය අවධාරණය කරමින් ඇරැඹෙන මේ ග්‍රන්ථයෙහි එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජන කොටස්වල විවිධ සංස්කෘතික ලක්ෂණත් මිත්‍යා විශ්වාස හා ඇදහිලි යනාදියත් චමත්කාරයෙන් විවරණය කැරෙයි. සිංහල රාජ වංශයේ ඇතැම් තොරතුරු මෙන් ම ඉන්දීය, පෘතුගීසි, ලන්දේසී හා බ්‍රිතාන්‍ය ආක්‍රමණ පිළිබඳ ඓතිහාසික කරුණු පමණක් නොව ඒවා මෙරට ජන ජීවිත කෙරෙහි බල පෑ ආකාරය ද මෙහි සැකෙවින් දැක්වෙයි.

#PembaraLanka #PremachandraAlwis #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

 

ලක්බිම වන සැරිය

Author : මනෝ ප්‍රනාන්දු

FOREST LIFE IN CEYLON (by William Knighton) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publishers

Second Batch 2021

ISBN : 978-955-889-243-5

280 Pages

“…. ලංකාවේ ඉතිහාසය හා සාහිත්‍යය තේරුම් ගැනීමට විලියම් නයිටෝන්‍ට තිබූ හැකියාව FOREST LIFE IN CEYLON  (1854) කෘතිය මඟින් අනාවරණය වේ. ඔහු මෙසේ ඉංග්‍රීසි – ලාංකීය සාහිත්‍ය පෝෂණය කිරීම පිණිස ඉමහත් දායකත්වයක් සැපයීය. සත්තකින් ම කෘතියේ නිරූපිත චරිත, යටත්විජිත සමාජයක හරස්කඩක් නියෝජනය කරයි…”

TOWARDS FICTION – Ceylon Writing in English in 19th Century මැයෙන් CEYLONESE WRITING සඟරාවට මහාචාර්ය යස්මින් ගුණරත්න ලියූ විචාර ලිපියක සටහනකි.

#LakbimaVanaSeriya #ManoFernando #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

 

ලක්දිව සැඟවුණු වනකතා

Author : සරත්චන්ද්‍ර ජයකොඩි

CEYLON VAGABOND (by Lala Adithya) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publishers

Second Batch 2021

ISBN : 978-955-9348-98-1

259 Pages

ලලා ආදිත්‍ය තරුණ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ලංකාවේ සැඟවුණු සෞන්දර්ය හෙළිකැර හඳුන්වාදීමට ඔහු කෙරෙහි පැවැතියේ මහත් උද්‍යෝගයකි. ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ලලා ලන්ඩනයේදී වෘත්තීය පුහුණුව ලැබීය. බටහිර යුරෝපයේ මැදපෙරදිග රැසියාව හා ඈත පෙරදිග රටවල දීර්ඝ සංචාරයන්හි යෙදුණු මේ ලේඛකයා වන ජීවිතය, සත්ත්ව ජීවිතය හා ජන ජීවිතය හාත්පසින් විවරණය කෙළේ හෘදයානන්දකාර ශෙලියකිනි. මෙතෙක් කිසිදු ලේඛකයෙකු නොදුටු කෂිතිජයක් හෙළිකැරෙමින් රචිත ලක්දිව සැඟවුණු වනකතා ( CEYLON VAGABOND) ඔහුගේ නාමය අමරණීය කරයි. පුවත්පත් ලේඛකයකු ලෙස ද කීර්තිමත් ලලා ආදිත්‍ය ‍ගේ සෙසු සාහිත්‍ය කෘතීන් ද, පාඨක ලෝකයෙහි අතිශය ජනප්‍රිය වී ඇත.

#LakdivaSegavunuWanakatha #LakdiwasagawunuVanakatha #SarathchandraJayakody #SinhalaPoth #SinhalaParivarthanapoth #OnlineBooks

 

 

 

 

 

Weight 0.928 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සොඳුරු සිරිලක 4”

Your email address will not be published. Required fields are marked *