, , ,

ගාඩි ජන වත – රොඩී ජනයා පිළිබඳ සමාජ හා මානව විද්‍යාත්මක විමර්ශනයක්

රු350.00

  • Author: චන්ද්‍රශ්‍රී රණසිංහ
  • Publisher: S. Godage & Sahodarayo (Pvt) Company
  • Second Batch 2013
  • ISBN 978-955-30-3963-7
  • 160 Pages

Out of stock

Author: චන්ද්‍රශ්‍රී රණසිංහ

Publisher: S. Godage & Sahodarayo (Pvt) Company

Second Batch 2013

ISBN 978-955-30-3963-7

160 Pages

කෘතහස්ත ලේඛකයෙකු හා පරිණත පරිවර්තකයෙකු වශයෙන් සිංහල සාහිත්‍යයට හා සංස්කෘතියට නොමඳ දායකත්වයක් ඉටු කරන චන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් රචිත ගාඩි ජන වත නම් වූ කෘතිය ඒ මහතා විසින් පරිවර්තනය කරන ලද එම්.ඩී. රාඝවන්ගේ Handsome Beggers : The Story of the Ceylon Rodiyas යන කෘතියට ලියන ලද පරිකථාවක් බඳුය. මෙම කෘතිය මඟින් රොඩී ජනතාවගේ ප්‍රභවය හා ඔවුන්ගේ සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණත්, එසේ ම වර්තමානයේ ඔවුන් මුහුණපා ඇති අභියෝග ගැනත් අවධාරණය කෙරෙන අතර එය මානව හා සමාජ විද්‍යාත්මක වටිනාකමක් පිළිබිඹු කරන්නක් ලෙස ද සැළකිය හැකිය.

මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා

අටළොස් කුල ධුරාවලියේ පත්ලට ම තල්ලු වී ගිය ගාඩි (රොඩී) ජන සංහතිය පිළිබඳව සමාජ විද්‍යාත්මක මැදහත් විමර්ශනයකි, ගාඩි ජන වත. චන්ද්‍රශ්‍රී රණසිංහයන්ගේ මෙම ගාඩි ජන වත කෘතිය එම්.ඩී. රාඝවන්ගේ Handsome Beggers : The Story of the Ceylon Rodiyas කෘතියට ඌණපූරණ විවරණයක් වනු සේය. විදේශීය ජනකතා පරිවර්තනය කරමින් පාඨක සම්භාවනාවන්‍ට පාත්‍ර රණසිංහයන්ගේ පරිවර්තන බුහුටිකමට රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පරිවර්තන කෘති සඳහා දෙවරක් ම පිදුම් ලැබීමට තරමි සුදුස්සෙකු වීම ම දෙස් දෙන්නකි. රණසිංහයන්ගේ සාහිත්‍ය විචක්ෂණශීලිත්වයේ ගැඹුර වක්‍රාකාරයෙන් පසක් කර ගැනීමට මොහුගේ පස්විසි කෘතිය වන මෙම ගාඩි ජන වත පරිශීලනය කළ යුතු මනාය. චන්ද්‍රශ්‍රී රණසිංහ වියතාණන්ගේ මෙවන් අනභිභවනීය කෘති තවත් ඇසුරු කැරුමට අපි පිනැත්තෝ ම වෙත්වා මතු  මත්තේ.

ජනශ්‍රැතිවේදී, කේ.බී.මානෑව

#GadiJanaWatha #ChandraSriRanasinghe #SinhalaPoth #SamajaVidyathmakaPoth

Weight 0.226 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගාඩි ජන වත – රොඩී ජනයා පිළිබඳ සමාජ හා මානව විද්‍යාත්මක විමර්ශනයක්”

Your email address will not be published. Required fields are marked *