Sale!
, , , ,

අපරාධ විද්‍යාව 2

Original price was: රු2,530.00.Current price is: රු2,404.00.

  • අපරාධ විද්‍යාව 2
  • නිහඩ නොවූ සාක්ෂි 1 + නිහඩ නොවූ සාක්ෂි 2 + නිහඩ නොවූ සාක්ෂි 3 + නිහඩ නොවූ සාක්ෂි 4 + රටම ගිනියම් කළ පාතාල අපරාධ + රට හෙල්ලූ නඩු + මේ ඒ කතා + රජරට හෙල්ලූ කළු අධිරාජ්‍යයේ කතාව
  • සාමාන්‍ය මිල – රු.2530 /=
  • අපේ මිල – රු.2404 /=

Out of stock

අපරාධ විද්‍යාව 2

නිහඩ නොවූ සාක්ෂි 1 + නිහඩ නොවූ සාක්ෂි 2 + නිහඩ නොවූ සාක්ෂි 3 + නිහඩ නොවූ සාක්ෂි 4 + රටම ගිනියම් කළ පාතාල අපරාධ + රට හෙල්ලූ නඩු + මේ ඒ කතා + රජරට හෙල්ලූ කළු අධිරාජ්‍යයේ කතාව

සාමාන්‍ය මිල – රු.2530 /=

අපේ මිල – රු.2404 /=

 

නිහඩ නොවූ සාක්ෂි 1

Author: වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර 

Publisher: Dayawansha Jayakody & Company  

Fourth Batch 2017

ISBN 978-955-551-634-1 

136 Pages 

 

මෙම පොතේ කතුවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ලබා පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් ලැබීය. හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකි.

අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ නීතිය පිළිබඳව අදාල පර්යේෂණ කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ස්විට්සර්ලන්තය, මලයාසියාව සහ සිංගප්පූරුව ආදී රටවල් සමූහයක සංචාරය කර ඇති ඔහු, අන්තර් ජාතික සමුළු ගණනාවකදී අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ නීතිය පිළිබඳව දේශන පවත්වා ඇත. ඔහු විසින් වර්ෂ 2007 දී ඉදිරිපත් කරන ලද නව කල්පිතයක් මේ වන විට ඇමෙරිකානු අධිකරණ විද්‍යා ඇකඩමිය සහ අන්තර් ජාතික අධිකරණ විද්‍යා සංගමය මඟින් පිළිගෙන ඇත.   

2007 වසරේ අන්තර් ජාතික ඉන්දු පැසිෆික් අධිකරණ වෛද්‍ය විද්‍යා සහ නීති සමුළුවේදී ඔහු කළ ඉදිරිපත් කිරීම එම සමුළුවේ වෛද්‍ය විද්‍යා අංශයේ හොඳම ඉදිරිපත් කිරීම ලෙසට සම්මාන ලැබීය.

නීතිය සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සහ දේශීය සඟරා ගණනාවකටම පර්යේෂණ ලිපි සපයා ඇති ඔහු ලංකාදීප, දිනමිණ සහ ඩේලි නිවුස් පුවත්පත්වල විශේෂාංග ලේඛකයකු ද වෙයි. මලයාසියාවේ ක්වාලාලම්පූර් හි පිහිටි මලයා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීම් ලබා ඇති ඔහු දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා ලෙසත්, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා ලෙසත් කටයුතු කරයි.  

#NihandaNowuSakshi1 #SarathchandraKodikara #Sinhalapoth #AparadhaVidyaPoth 

 

නිහඩ නොවූ සාක්ෂි 2

Author: වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර  

Publisher: Dayawansha Jayakody & Company 

Third Batch 2020

ISBN 978-955-686-298-0 

176 Pages 

 

මෙම පොතේ කතුවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ලබා පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් ලැබීය. හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකි.

අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ නීතිය පිළිබඳව අදාල පර්යේෂණ කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ස්විට්සර්ලන්තය, මලයාසියාව සහ සිංගප්පූරුව ආදී රටවල් සමූහයක සංචාරය කර ඇති ඔහු, අන්තර් ජාතික සමුළු ගණනාවකදී අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ නීතිය පිළිබඳව දේශන පවත්වා ඇත. ඔහු විසින් වර්ෂ 2007 දී ඉදිරිපත් කරන ලද නව කල්පිතයක් මේ වන විට ඇමෙරිකානු අධිකරණ විද්‍යා ඇකඩමිය සහ අන්තර් ජාතික අධිකරණ විද්‍යා සංගමය මඟින් පිළිගෙන ඇත.   

2007 වසරේ අන්තර් ජාතික ඉන්දු පැසිෆික් අධිකරණ වෛද්‍ය විද්‍යා සහ නීති සමුළුවේදී ඔහු කළ ඉදිරිපත් කිරීම එම සමුළුවේ වෛද්‍ය විද්‍යා අංශයේ හොඳම ඉදිරිපත් කිරීම ලෙසට සම්මාන ලැබීය.

නීතිය සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සහ දේශීය සඟරා ගණනාවකටම පර්යේෂණ ලිපි සපයා ඇති ඔහු ලංකාදීප, දිනමිණ සහ ඩේලි නිවුස් පුවත්පත්වල විශේෂාංග ලේඛකයකු ද වෙයි. මලයාසියාවේ ක්වාලාලම්පූර් හි පිහිටි මලයා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීම් ලබා ඇති ඔහු දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා ලෙසත්, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා ලෙසත් කටයුතු කරයි.  

#NihandaNowuSakshi2 #SarathchandraKodikara #Sinhalapoth #AparadhaVidyaPoth  

 

නිහඩ නොවූ සාක්ෂි 3

Author: අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර  

Publisher: Dayawansha Jayakody & Company 

Second Batch 2018

ISBN 978-955-686-298-0  

110 Pages 

 

කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ විශේෂඥ වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ගෞරව සහිතව ලබාගත්තේය. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්(Diploma in legal Medicine), අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දර්ශන විශාරද (Doctor of Medicine) උපාධියත් ලබා ගන්නා ලදී. පසුව ඔහු කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයයේ සායනික සහ පර්යේෂණ ශිෂ්‍යත්වධාරියකු විය. හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයකුද වේ..ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් රැසකට විශේෂාංග ලිපි රචකයකු වූ ඔහු “නිහඬ නොවූ සාක්ෂි” නමින් වූ ග්‍රන්ථ මාලාවක කතුවරයා වේ.

“තෙවැනි ඇස” නමැති රෑපවාහිනි ටෙලිනාට්‍ය මාලාව රචනයෙන් අධීක්ෂණයෙන් සහ ඊට රංගනයෙන්ද ඔහු දායක වී ඇත. ජාත්‍යන්තර අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සඟරා සහ පොත් රාශියකට පර්යේෂණ ලිපි සපයා ඇති ඔහු එවැනි සඟරා කිහිපයක කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කරයි. පසුගියදා ඔහු ජාතික පර්යේෂණ සභාව මඟින් පිරිනමන ජාතික පර්යේෂණ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.

හෙතෙම ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජපානය, ස්විට්සර්ලන්තය, තුර්කිය යන රටවල නීති/අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක කටයුතු සඳහා සමීපව සම්බන්ධ වී කටයුතු කර ඇත. අන්තර් ජාතික අධිකරණ වෛද්‍ය විද්‍යා සම්මන්ත්‍රණ සඳහා ඔහු ඉදිරිපත් කළ දේශන ජාත්‍යන්තර සම්මානවලට පාත්‍ර වී ඇත. දැනට ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙසත්, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ සහ දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ අධිකරණ  වෛද්‍ය විශේෂඥවරයා ලෙසත් කටයුතු කරයි. 

 #NihandaNowuSakshi3 #SarathchandraKodikara #Sinhalapoth #AparadhaVidyaPoth   

 

නිහඩ නොවූ සාක්ෂි 4

Author: අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර  

Publisher: Dayawansha Jayakody & Company 

Second Batch 2020

ISBN 978-955-686-308-6 

95 Pages 

 

කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ගෞරව සහිතව ලබාගත්තේය. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් (Diploma in legal Medicine), අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දර්ශන විශාරද (Doctor of Medicine) උපාධියත් ලබා ගන්නා ලදී. පසුව ඔහු කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයයේ සායනික සහ පර්යේෂණ ශිෂ්‍යත්වධාරියකු විය. හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයකුද වේ. ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් රැසකට විශේෂාංග ලිපි රචකයකු වූ ඔහු “නිහඬ නොවූ සාක්ෂි” නමින් වූ ග්‍රන්ථ මාලාවක කතුවරයා වේ.

“තෙවැනි ඇස” නමැති රෑපවාහිනි ටෙලිනාට්‍ය මාලාව රචනයෙන් අධීක්ෂණයෙන් සහ ඊට රංගනයෙන්ද ඔහු දායක වී ඇත. ජාත්‍යන්තර අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සඟරා සහ පොත් රාශියකට පර්යේෂණ ලිපි සපයා ඇති ඔහු එවැනි සඟරා කිහිපයක කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කරයි. පසුගියදා ඔහු ජාතික පර්යේෂණ සභාව මඟින් පිරිනමන ජාතික පර්යේෂණ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.

හෙතෙම ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජපානය, ස්විට්සර්ලන්තය, තුර්කිය යන රටවල නීති/අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක කටයුතු සඳහා සමීපව සම්බන්ධ වී කටයුතු කර ඇත. අන්තර්ජාතික අධිකරණ වෛද්‍ය විද්‍යා සම්මන්ත්‍රණ සඳහා ඔහු ඉදිරිපත් කළ දේශන ජාත්‍යන්තර සම්මානවලට පාත්‍ර වී ඇත. දැනට ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙසත්, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ සහ දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ අධිකරණ  වෛද්‍ය විශේෂඥවරයා ලෙසත් කටයුතු කරයි. 

 

#NihandaNowuSakshi4 #SarathchandraKodikara #Sinhalapoth #AparadhaVidyaPoth    

 

රජරට හෙල්ලූ කළු අධිරාජ්‍යයේ කතාව

Author : නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි 

Publisher : Fast Publishing (Pvt) Ltd 

First Edition2019  

ISBN 978-955-677-894-6

149 Pages

රජරට කලැත්තෑව සිය රාජධානිය කර ගනිමින් බිහිසුණු මිනිස් ඝාතන හා බරපතළ අපරාධ රැසකින් ලංකාවම හෙල්ලුම් කැවූ සාහසික අපරාධකරුවකු හා ධන කුවේරයකු වූ ඇල්ප්‍රඩ් සොයිසාගේ නඩු විභාගයේ අධිකරණ වාර්තා විමර්ශනය කරමින් රචිත මෙම කෘතියෙන් හෙළිදරව් වන ඇඟ කිලිපොලා යන සිදුවීම් පාඨකයා කුතුහලයෙන් හා සන්ත්‍රාසයෙන් මුසපත් කරවයි.

#RajarataHelluKaluAdirajyayeKathawa #NiyojyaPolispathiPriyanthaJayakody #SinhalaPoth

රටම ගිනියම් කළ පාතාල අපරාධ

Author : නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි 

Publisher : Fast Publishing (Pvt) Ltd 

First Edition 2019  

ISBN 978-955-677-891-5 

298 Pages

පොලිස් නිලධාරියෙකු ලෙස ගෙවූ වසර 37 කට අධික වූ සිය වෘත්තිමය ජීවිතය තුළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් සිදු කරන ලද අපරාධ විමර්ශනය, මත්ද්‍රව්‍ය ඇතුළු සුවිශේෂී වැටලීම් මෙන්ම ආන්දෝලනාත්මක සිදුවීම් අළලා රචිත විශේෂාංග එකතුවක්, කෘතියක් ලෙස සකස් කර ඔහු ඉදිරිපත් කරනු ලබයි. ශ්‍රී ලංකාවේ අපරාධ ව්‍යුහය , විශේෂයෙන් ‘පාතාල අපරාධ’ ලෙස ප්‍රචලිත සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් (Organized Crimes) ගැන උනන්දුවක් දක්වන පාඨකයන්ට මෙම කෘතිය නවමු අත්දැකීමක් වනවා නිසැකය.

හේමන්ත රන්දුණු

නියෝජ්‍ය කර්තෘ – දිවයින

 #RatamaGiniyamKalaPathalaAparadha #NiyojyaPolispathiPriyanthaJayakody #SinhalaPoth

 

රට හෙල්ලූ නඩු 

Author: අධිනීතීඥ විමලසේන ගන්ගේ 

Publisher: Fast Publishing (Pvt) Ltd

First Edition 2013

ISBN 978-955-677-286-9

144 Pages 

 

දැනට වසර හැටකට පමණ ඉහත දී රට තුළ සිදුවූ අති භීෂණකාරී සංවිධානාත්මක මිනීමැරුම් කිහිපයක් පිළිබඳ ලිපි පෙළක් මේ කර්තෘ විසින් 1960 මුල් භාගයේ ‘රිවිරැස’ පත්‍රයේ පළකරවන ලදී. එම ලිපි මඟින් විස්තර කෙරුණු භයානක අපරාධ අතුරෙන් කිහිපයක් පිළිබඳ නඩු විභාග විස්තර මේ පොතට ඇතුළත් වේ.

එම ලිපිපෙළ රචනා කළ මේ පොත එළිදක්වන කර්තෘ දැනට වසර පනහක පමණ කාලයක් වෘත්තියෙන් අධිනීතීඥවරයෙකු මෙන්ම 1960 වසරේ දී සිංහල පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර (ගෞරව) උපාධිලාභියෙකි. මේ ලිපිපෙළ සකස් කිරීමේදී ඔහුට අධිකරණයේ විභාග වූ නඩුගොනු කියවා ඒ සඳහා උපයෝගී කොට ගැනීමට අවස්ථාව ලැබී ඇත. 

මේ ලිපි පෙළ 1960 දශකය තුළත්, ඉන් පසුවත් පාඨක ජනයා මහත් ආශාවෙන් සහ රුචිකත්වයෙන් කියවා දැනුවත් විය. මේ නඩු තුළ ඇති විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන් ද නඩු විසඳීමෙහිලා කෘතහස්ත වෛද්‍යවරුන්ගේ මත නඩුවට අදාළ වන අයුරින් කෙරෙන විස්තර හේතුවෙන් ද මේ පොත නීතිවේදීන්ට මෙන්ම වෛද්‍ය වෘත්තිකයින්ට ද අතිශයින් වැදගත් වේ. ඒ අදහස පෙරදැරි කොට ගනිමින් සියලු පාඨක ජනයාට මහත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් ලෙස මේ පොත ඔබ වෙත පිරිනැමේ.

#RataHelluNadu #VimalasenaGange #SinhalaPoth

 

මේ ඒ කතා 

Author: නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

Publisher: Fast Publishing (Pvt) Ltd

First Edition 2017

ISBN 978-955-677-708-6

195 Pages 

නියෝජ්‍ය පොලිස්පති ධුරන්ධර ප්‍රියන්ත ජයකොඩි විසින් රචිත මෙම කෘතිය අතිශය විරල ගණයේ අත්දැකීම් සමුදායක ස්වරෑපය අවලෝකනය කරනු සඳහා පාඨක සමාජය වෙත කරනු ලබන හෘදයංගම ඇරියුමකි.

මෙම කෘතියේ අඩංගු ලිපි මාලාවට පාදක වී ඇත්තේ කතුවරයාගේ රාජකාරීමය අත්දැකීම් ගොන්නකි. විටෙක එය ගවේෂණාත්මක අත්දැකීමකි. තවත් විටෙක සුන්දර මතක සැමරුමකි. ආකර්ශනීය සංචාරාත්මක වියමනකි. නොඑසේ නම් රට කැළඹූ අබිරහසක හෙළිදරව්වකි. මෙහි කතුවරයා, තමා පෞද්ගලිකව අත්දුටු මේ දුලබ එමෙන්ම, විවිධාකාර අත්දැකීම් සමූහය වටා එතුණු රළු රාජකාරීමය කඩතුරාව ඉවතලමින් මනා සංයමයකින් ඒවා නිර්මාණාත්මක රචනා බවට පෙරළනුයේ පරිකල්පන ශක්තියෙන් පෝෂිත ශුර ප්‍රබන්ධකරුවකුගේ කුසලතාව විශද කරමිනි. එමෙන්ම මුළු කෘතිය පුරා පාඨක විශ්වසනීයත්වය ද රඳවා ගනිමිනි. එබැවින් අප මේ කියවන්නේ හුදු සත්‍ය කතා අඩංගු කෘතියක් වුව ද, එය නිර්මාණාත්මක කෘතියක් තරමට රසවත් යැයි අපට හැ‍ඟේ. මෙම ලිපි සංග්‍රහයෙහි අපූර්වත්වය වනුයේ ද එයයි.

‘මේ ඒ කතා’ ආස්වාදජනක කතා මාලාවක් බව කියනු රිසියෙමු.

  • නීල් විජේරත්න

 #MeEakatha #PriyanthaJayakody #SinhalaPoth

Weight 1.610 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපරාධ විද්‍යාව 2”

Your email address will not be published. Required fields are marked *