Author: මානෙල් කරුණාතිලක
Ramses IV : The Lady of Abu Simbel (by Christian Jacq) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Wijesooriya Grantha Kendraya
Second Batch 2018
ISBN 978-955-691-232-6
444 Pages
“මගේ පියාණන් පාරාවෝ යන්නට දුන් නිර්වචනය නම්, “තම ජනතාව සතුටින් තබන්නා” යන්නයි. කෙසේද එය කළ යුතු? මා-ආට් අනුව යමින්, දෙවියන් සතුටු කරමින්. එවිට ඔවුන් මනුෂ්‍යයා වෙත ආශීර්වාද දක්වනවා.”
“මට දැනෙනවා රැජින මේ සියලු දේට සම්බන්ධ බවක්.”
“සත්‍යයි. ඈ සමඟ. ඈ වෙනුවෙන් සියල්ල සිදුවන්නේ. අවශ්‍යයි මට තනන්නට සිහිවටනයක්; ඊජිප්තුව හා නුබියාව ආරක්ෂා කරමින්. අපට අවශ්‍ය ශක්තිය මවන, දීප්තිය උපදවන!”
“ඔබ තෝරාගත්තා ද ස්ථානයක්?”
“නුබියාව මධ්‍යයේ තිබෙනවා ස්ථානයක් අබු සිම්බල් නමින්. එතැන හාතෝර් දෙවඟන ඇගේ මුද්‍රාව තැබූ ස්ථානයක්. තරු රැජින, ආදරයේ රහස නම් මුද්‍රාව, ගල මත තැබූ ස්ථානයක්. ඒ ආදරයයි මා නෙෆටාරිට පුදන්නට සූදානම් වෙන්නේ. ඒ තිළිණය ඇය සදාකාලිකව ම “ අබු සිම්බල්හි ආර්යාව” බවට පත් කරනු ඇති.”
#RamsesIV #ManelKarunathilaka #SinhalaPoth #SinhalaParivarthanaPoth
Reviews
There are no reviews yet.