Sale!
, , , , ,

ඊනිඩ් බ්ලයිට්න් මහත්මියගේ කදිම පාසල පොත් පෙළ

රු3,686.00

  • කදිම පාසලේ මහ රෑ සාදය + කදිම පාසලේ වීරවරිය + කදිම පාසලේ සසල රාත්‍රිය + කදිම පාසලේ හොඳම නිළිය + කදිම පාසලේ දුෂ්ට පාලිකාව + කදිම පාසලේ නායිකාවෝ 
  • සාමාන්‍ය මිල – රු.3880/=
  • අපේ මිල – රු.3686/=

Availability: 1 in stock

කදිම පාසලේ මහ රෑ සාදය + කදිම පාසලේ වීරවරිය + කදිම පාසලේ සසල රාත්‍රිය + කදිම පාසලේ හොඳම නිළිය + කදිම පාසලේ දුෂ්ට පාලිකාව + කදිම පාසලේ නායිකාවෝ 

සාමාන්‍ය මිල – රු.3880/=

අපේ මිල – රු.3686/=

 

කදිම පාසලේ මහ රෑ සාදය 

Author : කුමාර සිරිවර්ධන 

The Twins at St; Clare’s  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.  

Publisher : Susara Publishers   

Second Batch 2021

ISBN 978-955-33-1138-2  

192 Pages 

 

“ පැට් හා ඉසබෙල් ඕ’සලිවන් නිවුන් සොහොයුරියන්ට අකමැත්තෙන් වුවද අලුත් පාසලට යාමට සිදු වෙයි. “උද්ධච්ච නිවුන් සොහොයුරියන්” යන අන්වර්ථ නාමය ලැබූ ඔවුන් හට කදිම පාසලේ දී මට්ටු වන්නට සිදු වේවිද…? මහ රෑ පැවැත්වුණු සාදයේ දී පැට් හා ඉසබෙල් ලැබූ අත්දැකීම කුමක් විය හැකිද…?”

‘කියවීම මිනිසකු සම්පූර්ණ කරයි.’ යන්න කට කසනවාට කී කතාවක් නොවේ. ළමයින් කියැවීමට හුරු කළ යුතු අතර, ඒ සඳහා ඔවුන් පෙළඹෙන්නට නම් ඔවුනට කියැවීමට සුදුසු හරවත් රසවත් පොත් ද තිබිය යුතුය. ඉනිඩ් බ්ලයිට්න් නමැති ලේඛිකාවගේ අගය අපට වැඩි වැඩියෙන් දැනෙන්නේ එහිදී ය. ලොව පුරා ළමයින් කෝටි ගණනකගේ කියැවීමේ හුරුව දසක ගණනාවක් තිස්සේ ඇතිවන්නට ඇය අතින් ලියැවුණු ළමා කතා පොත්වලින් ලැබුණූ දායකත්වය අප්‍රමාණය.

1987 අගෝස්තු 11 දා ලන්ඩනයේ උපන් ඉනිඩ්, විසිවැනි සියවසේ ලොව බිහි වූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස සැලකුම් ලබයි. 1968 වසරේ දී මෙලොව හැරගිය ඉනිඩ් ලොව වේගයෙන්ම ලියූ ලේඛිකාව ලෙස ද සැලකුම් ලබයි. ඇය දිනකට වචන දස දහසක් පමණ ලියූ බව පැවසෙයි. ජීවිතයේ අවසාන භාගයේ අල්සයිමර් රෝගයෙන් පීඩා විඳීම නිසා ඇගේ ලිවීමේ වේගය අඩාල වූ බවක් ද පෙනීයයි. දැන් ඔබ අතට පත්ව තිබෙන්නේ ඇය ලියූ The Twins at St ; Clare’s  හි අසංක්ෂිප්ත පරිවර්තනයයි. St; Clare’s නමැති අපූරු බාලිකා විද්‍යාලය හා එහි උගත් සිසුවියන්ගේ ක්‍රියාකාරකම් අළලා ඇය පොත් හයක් ලියා ඇති අතර, ඒවා  St; Clare’s   පොත් පෙළ ලෙස හැඳින්වෙයි. එම පොත් හය සිංහල බසට පරිවර්තනය වී ඇත්තේ ‘කදිම පාසල’ පොත් පෙළ යනුවෙනි. පාසල් විය අතිශය සුන්දර වූවකි. අලුත්ම පාසලකට යාම ද අලුත්ම හා අභියෝගාත්මක අත්දැකීමකි. ඕ’සලිවන් නිවුන් සොහොයුරියන් පැරැණි පාසල අතැර අලුත් පාසල වෙත යන්නේ මහත් අකමැත්තෙනි. එහෙත් ඉක්මනින් ම ඔවුහු ශාන්ත ක්ලෙයාර් බාලිකාවට ඉමහත් කැමැත්තක් දක්වති. ඒ කැමැත්ත ඇති වන්නේ විවිධ වූ රසවත් වූ සිද්ධි දාමයන් කිහිපයක් හරහා ය. ‘කදිම පාසල’ පොත් පෙළෙන් විස්තර වන්නේ ඕ’සලිවන්………………

#KadimaPasaleMahaReSadaya #KumaraSiriwardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth

 

කදිම පාසලේ වීරවරිය  

Author : කුමාර සිරිවර්ධන 

The O’Sullivan Twins  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher: Susara Publishers   

First Edition 2020

 ISBN 978-955-33-1139-9   

184 Pages 

 

“ පාස්කු පාසල් වාරය ඇරඹෙද්දී නිවුන් සොයුරියන් කදිම පාසලට යන්නේ සිය මිතුරියන් යළි මුණගැසෙන අපේක්ෂාවෙනි. අලුත් ශිෂ්‍යාවකවූ මාරිගෙරි ඉතා දරදඬු ඇසුරට නුසුදුසු අයකු ලෙස පෙනෙයි. මුළු පාසලම ඇයව ප්‍රතික්ෂේප කළත්… එක් බිහිසුණු රැයක මුළු පාසලම අභිබවා වීරවරියක ලෙස නැගී සිටියි.”

කදිම පාසල පොත් පෙළේ දෙවැන්න ඔබ අතට පත් වී තිබේ. ඕ’ සලිවන් නිවුන් දැරියන් දෙදෙනා ශාන්ත ක්ලෙයාර් බාලිකාවට පැමිණෙන්නේ නොකැමැත්තෙන් යුතුවය. පලකට නැති පාසලක් ලෙස ඔවුන් මුලින් සිතුවත් ක්‍රමයෙන් ඔවුන් වටහා ගන්නේ එය විශිෂ්ට බාලිකා විද්‍යාලයක් බවය.

කදිම පාසල පොත් පෙළට පාදක වන ඉනිඩ් බ්ලයිටන්ගේ St.  Clares පොත් පෙළ එම ලේඛිකාව සේම ලොව පුරා ජනප්‍රිය වූවකි. ගුණගරුක සත්‍යයම අගයන වගකීම උසුලන දරුවන් ගැන මෙම පොත් පෙළෙන් විස්තර වෙයි.  

විසිවැනි සියවසේ ලොව විසූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස ඉනිඩ් බ්ලයිටන් සැලකුම් ලබයි. ඇය සිය ජීවිත කාලය ඇතුළත ලියා ඇති පොත් ගණන හයසීයයකට වඩා වැඩිය. ඒ හැර ඇය ළමා ගී, ළමා කවි හා ළමා නාට්‍ය විශාල සංඛ්‍යාවක් රචනා කර තිබේ. 1987 අගෝස්තු 11 දා ලන්ඩන් නුවර ඉපිද 1968 වසරේ දී මෙලොව හැරගිය ඉනිඩ් දිනකට වචන දස දහසක් පමණ ලියූ බව අන්තර්ජාලයේ සඳහන් වෙයි. ඇය ලොව විසූ වේගයෙන්ම ලියූ ලේඛිකාවක් ලෙසද සැලකුම් ලබන්නීය. 

සිය පොත්වලදී ඉනිඩ් ළමයින්ගේ යහපත් චර්යා රටා පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බව පෙනීයයි. ඇය එම යහපත් චර්යා රටා පිළිබඳ තම කතා හරහා ළමයින්ට අවවාද දෙන්නේ නැත. එම චර්යා රටා ඇය ඇගේ ළමා වීර චරිතවලට බද්ධ කරවයි.

කුඩා අවදියේදී අපි ඉනිඩ් බ්ලයිටන් කෘති ඉංග්‍රීසි බසින් කියවා මහත් රසයක් වින්දෙමු. එම පොත් කියවීම අපට ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්නට ද මහත් පිටිවහලක් වූයේය. ඔබ මෙහි ඉංග්‍රීසි……..

#KadimaPasaleVeerawariya #KumaraSiriwardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth

 

කදිම පාසලේ සසල රාත්‍රිය  

Author: කුමාර සිරිවර්ධන 

Summer Term at St Clare’s  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher: Susara Publishers   

First Edition 2020

ISBN 978-955-33-1140-5    

176 Pages 

 

“ග්‍රීෂ්ම වාරය හොඳම පාසල් වාරයයි. අලුත් ශිෂ්‍යාවක් කදිම පාසලට ඇතුළු වෙයි. ඇය පෙනුමෙන් අහිගුණ්ඨික කෙල්ලකට සමාන වෙයි. ඇගේ ජීවිතයේ සැඟව ගත් රහස කුමක්ද..? එතරම් දක්ෂ ආකාරයට අසුන් හසුරුවන්නට ඇය උගත්තේ කෙසේද…?”

කදිම පාසල පොත් පෙළේ තෙවැන්න ඔබ අතට පත් වී තිබේ. පැට් හා ඉසබෙල් ඕ’ සලිවන් නිවුන් සොයුරියන්ගේ පන්තියට අලුතින් ආ ළමයින් දෙදෙනෙකි. එක් ගැහැනු ළමයෙක් නිතරම සිටියේ සිනහව නාඳුනනසේ බුම්මාගෙනය. අනෙක් ළමයා නිතරම කීවේ වාරය මැදදී පාසල අතහැර ආපසු නිවසට යනවා කියාය. එහෙත් කදිම පාසලේ ගුණ යහපත් ළමයි බුම්මාගෙන සිටි ළමයා වෙත ප්‍රීතිය ගෙනැවිත් දුන්හ. දෙදෙනාගේම දක්ෂතා අනාවරණය කරගෙන ඔවුනට ප්‍රශංසාවත් ආදරයත් ලබාදුන්හ.

කදිම පාසල පොත් පෙළට පාදක වන ඉනිඩ් බ්ලයිටන්ගේ St.  Clares පොත් පෙළ එම ලේඛිකාව සේම ලොව පුරා ජනප්‍රිය වූවකි. ගුණගරුක සත්‍යයම අගයන වගකීම උසුලන දරුවන් ගැන මෙම පොත් පෙළෙන් විස්තර වෙයි.  

විසිවැනි සියවසේ ලොව විසූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස ඉනිඩ් බ්ලයිටන් සැලකුම් ලබයි. ඇය සිය ජීවිත කාලය ඇතුළත ලියා ඇති පොත් ගණන හයසීයයකට වඩා වැඩිය. ඒ හැර ඇය ළමා ගී, ළමා කවි හා ළමා නාට්‍ය විශාල සංඛ්‍යාවක් රචනා කර තිබේ. 1987 අගෝස්තු 11 දා ලන්ඩන් නුවර ඉපිද 1968 වසරේ දී මෙලොව හැරගිය ඉනිඩ් දිනකට වචන දස දහසක් පමණ ලියූ බව අන්තර්ජාලයේ සඳහන් වෙයි. ඇය ලොව විසූ වේගයෙන්ම ලියූ ලේඛිකාවක් ලෙසද සැලකුම් ලබන්නීය. 

සිය පොත්වලදී ඉනිඩ් ළමයින්ගේ යහපත් චර්යා රටා පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බව පෙනීයයි. ඇය එම යහපත් චර්යා රටා පිළිබඳ තම කතා හරහා ළමයින්ට අවවාද දෙන්නේ නැත. එම චර්යා රටා ඇය ඇගේ ළමා වීර චරිතවලට බද්ධ කරවයි.

#KadimaPasaleSasalaRathriya #KumaraSiriwardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth

 

කදිම පාසලේ හොඳම නිළිය 

Author : කුමාර සිරිවර්ධන 

The Second Form at St Clare’s  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher: Susara Publishers   

First Edition 2020

 ISBN 978-955-33-1141-2     

183 Pages  

 

“රඟපෑමේත්, වයලීන වාදනයේත් අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩ්ස් ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනෙයි. කදිම පාසල් පන්ති නායිකාවක වීමට එල්සී සුදුසු නැති බව ළමයි වටහා ගනිති. කදිම පාසලේ තවත් වාරයක ළමයින්ගේ හපන්කම්, මෝඩකම් අතරේ ඕ’ සලිවන් නිවුන් සොහොයුරියන් හැසිරෙන්නේ කෙබඳු ආකාරයකට ද…?”

කදිම පාසල පොත් පෙළේ සිවුවැන්න ඔබ අතට පත් වී තිබේ. පැට් හා ඉසබෙල් ඕ’ සලිවන් නිවුන් සොයුරියන්ගේ පන්තියට අලුතින් ආ ළමයින් දෙදෙනෙකි. එක් ගැහැනු ළමයෙක් නිතරම සිටියේ සිනහව නාඳුනනසේ බුම්මාගෙනය. අනෙක් ළමයා නිතරම කීවේ වාරය මැදදී පාසල අතහැර ආපසු නිවසට යනවා කියාය. එහෙත් කදිම පාසලේ ගුණ යහපත් ළමයි බුම්මාගෙන සිටි ළමයා වෙත ප්‍රීතිය ගෙනැවිත් දුන්හ. දෙදෙනාගේම දක්ෂතා අනාවරණය කරගෙන ඔවුනට ප්‍රශංසාවත් ආදරයත් ලබාදුන්හ.

කදිම පාසල පොත් පෙළට පාදක වන ඉනිඩ් බ්ලයිටන්ගේ St.  Clares පොත් පෙළ එම ලේඛිකාව සේම ලොව පුරා ජනප්‍රිය වූවකි. ගුණගරුක සත්‍යයම අගයන වගකීම උසුලන දරුවන් ගැන මෙම පොත් පෙළෙන් විස්තර වෙයි.  

විසිවැනි සියවසේ ලොව විසූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස ඉනිඩ් බ්ලයිටන් සැලකුම් ලබයි. ඇය සිය ජීවිත කාලය ඇතුළත ලියා ඇති පොත් ගණන හයසීයයකට වඩා වැඩිය. ඒ හැර ඇය ළමා ගී, ළමා කවි හා ළමා නාට්‍ය විශාල සංඛ්‍යාවක් රචනා කර තිබේ. 1987 අගෝස්තු 11 දා ලන්ඩන් නුවර ඉපිද 1968 වසරේ දී මෙලොව හැරගිය ඉනිඩ් දිනකට වචන දස දහසක් පමණ ලියූ බව අන්තර්ජාලයේ සඳහන් වෙයි. ඇය ලොව විසූ වේගයෙන්ම ලියූ ලේඛිකාවක් ලෙසද සැලකුම් ලබන්නීය. 

සිය පොත්වලදී ඉනිඩ් ළමයින්ගේ යහපත් චර්යා රටා පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බව පෙනීයයි. ඇය එම යහපත් චර්යා රටා පිළිබඳ තම කතා හරහා ළමයින්ට අවවාද දෙන්නේ නැත. එම චර්යා රටා ඇය ඇගේ ළමා වීර චරිතවලට බද්ධ කරවයි.

#KadimaPasaleHondamaNiliya #KumaraSiriwardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth

 

කදිම පාසලේ දුෂ්ට පාලිකාව 

Author: කුමාර සිරිවර්ධන 

Claudine at St Clare’s  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher: Susara Publishers   

First Edition 2020

ISBN 978-955-33-1142-9 

183 Pages 

 

“ කදිම පාසලේ මිත්‍රශීලි නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි. අලුතින් එන පාලිකාව නපුරු ගතිගුණ පළ කරයි. ඇගේ දියණිය කේළාම්කාරියකි. කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ට බව, කේළාම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන් ද…? ”

ඉනිඩ් බ්ලයිටන් ගේ කෘති අද මෙරට ළමා පරපුර අතර මහත් ජනප්‍රියත්වයක් ලබා තිබේ. ළමයින් වෙනුවෙන් පොත් හයසීයයක් පමණ ලියා ඇති ඉනිඩ්, දසක ගණනාවක් තිස්සේ සඟරාවලට ලියූ ලිපි, ළමා කවි, ළමා ගී සහ ළමා නාට්‍ය තවත් සිය ගණනකි. අන්තර්ජාලයේ දැක්වෙන්නේ ඇය දිනකට වචන දස දහසකට වඩා ලියූ ලේඛිකාවක් බවයි. ඉනිඩ් බ්ලයිට්න් බ්‍රිතාන්‍යයේ බිහි වූ විශීෂ්ටතම, සාර්ථකම නවකතාකාරියක ලෙස පිළිගැනෙයි. එමෙන්ම ඇය විසි වැනි සියවසේ මෙලොව විසූ වේගවත්ම ලේඛිකාව ද වෙයි.

1897 අගෝස්තු 11 දා ලන්ඩනයේ උපත ලද ඉනිඩ් වේගවත් ලේඛිකාවක් ලෙස නම් ලැබූවද ඇගේ ජීවිතයේ අවසාන කාලයේදී ඇයගේ ලිවීම වේගයෙන් අඩාල වූයේය. ඊට හේතුව ඇය අල්සයිමර් රෝගයෙන් පීඩා විඳීමයි. මේ විශිෂ්ට ලේඛිකාව 1968 දී මෙලොව හැර ගියා ය. 

මේ ඔබ අතට පත්ව තිබෙන්නේ ඉනිඩ් බ්ලයිටන්ගේ St. Clare’s  පොත් පෙළේ පස් වැනි පොතේ සිංහල පරිවර්තනයයි. නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු හා ඔවුන්ගේ මිතුරියන් මූලික කරගෙන බාලිකා විද්‍යාලයක සිදුවන රසවත් හා හරවත් සිද්ධීන් රැසක් ඉනිඩ් මෙම පොත් පෙළ හරහා පාඨක ඔබ වෙත ඉදිරිපත් කරයි. ඉනිඩ්ගේ ළමා නවකතා අතරින් St. Clare’s  පොත් පෙළ බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලොව අනෙකුත් බොහෝ රටවල ද මහත් ජනප්‍රියත්වයක් ලැබුවේ වෙයි. ළමයින් වර්ධනය කරගත යුතු යහගුණ සහ ඉවත් කර දැමිය යුතු දුර්ගුණ පිළිබඳ ඉනිඩ්‍ මෙම පොත් පෙළ හරහා කතා කරන්නේ අවවාද සපයන ආකාරයට වනාව කතා රසය ද මිශ්‍ර කරමිනි.

සුසර ප්‍රකාශන කළමනාකාර අධ්‍යක්ෂ කපිල වික්‍රමසිංහ මහතා නිතර ළමා පරපුරට කියවීම සඳහා හොඳම පොතක් බිහි කිරීමට වෙහෙසෙන්නෙකි. කදිම පාසල් පොත් පෙළ සිංහලයට පරිවර්තනය වූයේ ද ඒ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව බව මෙහි සඳහන් කරන්නේ කෘතඥතා පූර්කවය.

#KadimaPasaleDushtaPalikawa #KumaraSiriwardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth

 

කදිම පාසලේ නායිකාවෝ 

Author: කුමාර සිරිවර්ධන 

The Twins at St Clare’s  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher: Susara Publishers   

Second Batch 2021

ISBN 978-955-33-1143-6  

192 Pages 

 

“නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහළම පන්තියකය. එහෙත් ඔවුහු තවමත් දඟකාරය. විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් වෙහෙසෙන්නේ එම පිරිස අතරින් පාසලට අලුත් ශිෂ්‍ය නායිකාවක තෝරන්නටය. වඩාත් හොඳින් වගකීම දැරිය හැකි ශිෂ්‍යාව කවුරුන්ද…?”

විසිවැනි සියවසේ ලොව විසූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස ගෞරවයට පාත්‍ර වූ ඉනිඩ් බ්ලයිටන්ගේ ST; CLARE’S  පොත් පෙළේ අවසන් පොතෙහි සිංහල පරිවර්තනය මෙසේ ඔබ අතට පත් වී තිබේ. ‘කදිම පාසල පොත් පෙළ’ යනුවෙන් සිංහලට පරිවර්තනය වූ මෙම පොත් පෙළ කියවා ඔබ සැම මහත් ආස්වාදයක් ලැබුවා නිසැකය.

ඕ’ සලිවන් නිවුන් සො‍යුරියන් දෙදෙනා සහ ඔවුන්ගේ මිතුරියන් ශාන්ත ක්ලෙයාර් බාලිකාවේ නේවාසිකව ඉගෙන ගනිමින් ගත කරන ජීවිත ඉතා රසවත්ය. ඔවුන් පාසලේ දී මුහුණ දෙන සිද්ධි සමුදායන් හරහා අපගේ ජීවිතවලට එකතු කරගත හැකි ආදර්ශ බොහෝ ය.එය ලේඛිකා ඉනිඩ් බ්ලයිට්න්ගේ සුවිශේෂි වූ දස්කමකි. ළමා කතා රචනා කරමින් ඇය ළමයින් වර්ධනය කරගත යුතු වූ යහගුණයන් ළමයින්ට ඉස්මතු කර දෙන්නේ කතා රසය ද සමඟ මිශ්‍ර කරමිනි.  

1897 අගෝස්තු මස 11 දා ලන්ඩනයේ උපන් ඉනිඩ් බ්ලයිට්න් සිය ජීවිත කාලය ඇතුළත ලියූ ළමා කතා ගණන හයසියයකට වැඩි ය. ඒ හැර ඇය ලියූ ළමා ගී, ළමා කාව්‍ය හා ළමා නාට්‍ය ද සිය ගණනකි. ලොව විසූ වේගයෙන්ම ලියූ ලේඛක ලේඛිකාවන් ගොන්නේ මුල්ම ස්ථානයක් ඉනිඩ් බ්ලයිට්න් හට හිමිවෙයි. අන්තර්ජාලයෙන් පැවසෙන්නේ ඇය දිනකට වචන දස දහසක් පමණ ලියූ බවයි. එහෙත් ඇගේ ජීවිතයේ පසු කාලයේ දී එම ලිවීමේ වේගය අඩාල වන්නේ ඇය අල්සයිමර් රෝගයට ගොදුරු වන බැවිනි.

කෙසේ වෙතත් ඇය ජීවතුන් අතර සිටි කාලයේදීම ඇගේ පොත් ලොව විවිධ භාෂාවනට පරිවර්තනය වූ අතර ඒවා පිටපත්……..

#KadimaPasaleNaikawo #KumaraSiriwardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth

 

Weight 1.342 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඊනිඩ් බ්ලයිට්න් මහත්මියගේ කදිම පාසල පොත් පෙළ”

Your email address will not be published. Required fields are marked *